Saturday, August 6, 2016

ගෝලීයකරණයේ දිශානතිය කොයිබටද?

Malsha Gamage

ගෝලීයකරණය සංකල්පයට වර්තමානය වනවිට බොහෝ දෙනෙක් වැඩි අවධානයක් යොමු කර ඇත. එම නිදා එය අද දවසේ සංවාදශීලී මාතෘකාවක් බවට පත්වී හමාරය. ඇතැමෙක් එය මිනිස් වර්ගයා වෙත පැමිණෙන වෙස්වලාගත් ආශිර්වාදයක් ලෙස සලකති. එහෙත් ඇතැමෙක් තර්ක කරන්නේ ගෝලීයකරණය යනු මිනිස් සංහතියේ විනාශය නමැති මාවතේ පිවිසුම් දොරටුව බවයි.

කෙසේ වෙතත් ගෝලීයකරණය යනුවෙන් අරුත් ගැන්වෙන්නේ සමාජ ව්‍යාපාර බුද්ධිමය යන ක්ෂේත‍්‍රයන්හි පවත්නා සීමාවන්ගෙන් තොර සංචලනය හා තරගයයි.එනම් ලොව පුරා රටවල් අතර දේශසීමාවන්ගෙන් බැඳීම් වලින් හා වෙළඳ බාධා වලින් තොරව භාණ්ඩ හා සේවා, ජනගහන,සමාජ සංස්කෘතික දැනුම හා තොරත5රු සංචලනය නිදහසේ සිදුවීමේ ප‍්‍රවණතාවයයි.ජගත්කරණය, පෘථීවිකරණය, ලෝකගතකරණය, ලෝකාවේශය හා දියතුරාව යන පදවලින් ද අරුත් ගැන්වෙන්නේ ගෝලීයකරණයයි.

ගෝලීයකරණ සංකල්පය පිළිබඳ අවධානය යොමුකිරීමේ දී ප‍්‍රධාන වශයෙන් එය ආර්ථීක, සමාජ සංස්කෘතික හා  දේශපාලන යන ක්ෂේත‍්‍ර යටතේ සාකච්ඡුාවට ලක් කළ හැකිය.
ආර්ථීක විද්‍යා පාරිභාෂීක වචනයට අනුව ගෝලීයකරණය යනු ජාතික ආර්ථීකයන්ගේ ඒකාබද්ධතාවයයි. එනම් ජාතික ආර්ථීකයන් සියල්ලම එක් ගෝලීය ආර්ථීකයක් වටා කේන්ද්‍රගත වීමයි. වෙළඳලොළ බාධා වලින් තොරව ඔිනෑම රටකට ජාත්‍යන්තර වෙළඳපොළට පිවීසිමට අවස්ථාව උදාවීම තුළ ගෝලීය වෙළඳපොළක් වටා අනෙක් සියලූම වෙළඳපොළවල් ඒකරාශී වේ.මෙහිදී අත්වන වාසිය පහළ හා මධ්‍යම ප‍්‍රමාණයේ ආදායම් ලබන රටවලට ගෝලීය ආර්ථීකයට සහභාගීවීමට ඉඩකඩ ලැබීමයි. මෙකී සියලූ අදහස් සම්පිණ්ඩනය කල කල්හි ගෝලීයකරණය යන්න ආර්ථීකයන් බද්ධ කිරීමට ගත් උත්සාහයක් බව පැහැදිලිය.
 ගෝලීයකරණ සංකල්පය සමාජ හා සංස්කෘතික අංශයට අංගසම කළවිට එහිදී චක‍්‍රාකාරව සිදුවන්නේ බටහිර සංස්කෘතියෙහි අංග ලක්ෂණ අනෙකුත් සියලූ සංස්කෘතීන්ට ආරෝපණය කරවීමයි. එනම් අධිරාජ්‍යවාදයේ නියමුවාණන් වන බටහිර ලෝකයේ රටවල් සතුව පවතින්නා වු සංකර සංස්කෘතිය විසින් ප්‍රෞඪ හා හරබර සංස්කෘතීන්ගේ මළගම කැඳවනු ඇත.එහිදී ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වීමත් ඒ සඳහා විශ්ව සංස්කෘතියක් නිර්මාණය වීමක් සිදුවේ.මෙහිදී සිදු වන්නේ අන්තර් යැපීම්, වෙළඳ සම්බන්ධතා සහ අන්තර් සහයෝගය යන සංකල්ප රැුසක් හුවා දක්වමින් ගෝලීයකරණය පිටුපස ඇති පටු අරමුණු සාධනය කර ගැනීමට උත්සාහ දැරීමයි. සැබැවින්ම මෙය ඛේදනීය තත්ත්වයක් වන්නේ ඒ ඒ සංස්කෘතීන්ට ආවේණීක වු වටිනා සාරධර්ම අගනාකම් හා ආචාරධර්ම නමැති දෑ ගෝලීයකරණය හමුවේ අමතක කර දමා නැවත විශ්ව සංස්කෘතතිය හමුවේ එහිම කොටසක් ලෙස නැවත ඉපදීම සිදුවෙයි.

යටත්විජිතකරණයේ පුරුකක් ලෙස විශ්ව කරළීයට පැමිණෙන ගෝලීයකරණය සංකල්පය හමුවේ, රාජ්‍ය හා ජාතික යන සංකල්ප අභියෝගයකට ලක්ව ඇත. රාජ්‍යයක් වශයෙන් පවතින්නා වුවිට ජාතික සමගිය හා අන්‍යොන්‍ය බැඳීම රටවැසියන් අතර ඇතිවේ. එහිදී ජාතිකත්වය යන හැඟීම ඔවුන්ගේ හදවත්වල මුල් බැසගනී. එක් රාජ්‍යයක් එක් ජාතියක් ලෙස ජීවත්වීමේදී ඔවුනට ස්වාධීනව හා ස්වෛරීව තමන්ගේ අනන්‍යතාවය රැුක ගනිමින් ලෝකයේ අනෙකුත් රටවල් සමඟ කටයුතු කළ හැකිවේ. එහෙත් ගෝලීයකරණය හමුවේ බලවත් වී සිටින බටහිර රටවල් තම අධිරාජ්‍යවාදය ලෝකයේ අනෙකුත් රටවල් වෙත කි‍්‍රයාත්මක කරමින් සිටී. එයට පැහැදිලි උදාහරණ වර්තමාන ලෝකය සපයයි. තම බලලෝභීත්වය හා අධිපරිභෝජනවාදී හැඟීම් නිසා දිළිඳු රටවල් සතුව පවතින සම්පත් නමැති සාරය උකහා ගැනිමත් සහ ලාභ උත්පාදනය කිරීමත් යන කි‍්‍රයාවලියක නිරතව සිටී.එහෙත් ගෝලීයකරණය ආශිර්වාදයක් ලෙස සලකන ඇතමෙක් වාද කරන්නේ ගෝලීයකරණය මානව සංහතියේ වාසනාවන්ත සංධිස්ථානයක් බවයි.

ගෝලීයකරණය නමැති සංකල්පය අද වනවිට විශ්ව ගම්මානය, විශ්ව පවුල යන සංකල්ප වලින් බැහැරව විශ්ව මිනිසා යන සංකල්පයට පරිවර්තනය වෙමින් පවතී. ඒ තුළ ගෝලීය වශයෙන් කේන්ද්‍ර කරගත් පුද්ගලයින් නිර්මාණය කිරීමේ ප‍්‍රයන්තයක යෙදෙමින් සිටී. මේ තුළ මුළු විශ්වයම කැටිකොට තම අත්ලට ගත හැකිවන පරිද්දෙන් ගෝලීයකරණය හමුවේ මුළු විශ්වයම සංකෝදනය වී හමාරය. එහෙත් ගෝලීයකරණය නමැති අදෘශ්‍යමාන හස්තය මඟින් සිදු කරන්නාවු මේ කි‍්‍රයාවලිය පිටුපස ඇත්තේ මානව සංහතියේ විනාශය යයි කිවහොත් එය සාධාරණ වේ. ඒ නිසා ගෝලීයකරණයේ දිශානතිය යන්න පිළිබඳ තවත් අටුවා ටීකා අවශ්‍ය නොවන්නේය. එය ලෝක බලවතුන් විසින් සකසා පිළියෙළ කර සෙසු රටවල් නමැති මත්ස්‍යයන්ට ගිලීමට දෙන  ඇමක් බවට පත්වී හමාරය .එම නිසා හම ඇම ගිලින්නේද? නැද්ද? යන වග අප මිස ඔවුන් තීරණය කළ යුත්තක් නොවේ.


9 comments:

  1. ගෝලීයකරණය පිළිබඳව තොරතුරු රැසක් මේ ලිපියෙන් අනවරනය වේ.

    ReplyDelete
  2. ගෝලීයකරණය පිළිබඳව තොරතුරු රැසක් මේ ලිපියෙන් අනවරනය වේ.

    ReplyDelete
  3. ගෝලීයකරණය ලොකු මාලුවා කුඩා මාලුවාව ගිල ගනු ඇත

    ReplyDelete
  4. ගෝලීයකරණය ලොකු මාලුවා කුඩා මාලුවාව ගිල ගනු ඇත

    ReplyDelete
  5. It is very interesting article

    ReplyDelete
  6. I think this is a very useful article.There are a lot of important facts regards to gorbalization.

    ReplyDelete
  7. Different thinking.... & well said it...really useful artical ...keep it up!

    ReplyDelete

Powered by Blogger.