Wednesday, August 17, 2016

ලෝකයට ජීවය දෙන අදිසි හස්තය ඇයයි

Malsha Gamage













ධනාත්මක ආකල්ප වලින් පරිපුර්ණ වු කාන්තාවට අද ලෝකයේ දොරටු විවර වි හමාරය. ස්වභාව ධර්මයේ සුවිශේෂි නිර්මාණය වන්නේ ඇයයි. ලෝකය එදත් අදත් හෙටත් පවතිනුයේ ඇය නිසාමය.
කාන්තාවට ස්වභාවයෙන්ම භූමිකා කිහිපයකම සාර්ථකත්වය සඳහා සිය පොදු දායකත්වය ලබාදීමට සිදුවීම පොදු ධර්මතාවයකි. ඇය නැත්නම් ලෝකයක් කියා දෙයක් නැත. ඇය නැති තැන පැවැත්මක් ද නැත. සෑම පවුල් සංස්ථාවකම රන් සක් හඬ වන්නේ ඇයයි. කුඩා බිළිදියක ලෙස උපදින ඇය පළමුව සිය පවුලේ සහෝදරියගේ භූමිකාවට අවතීර්ණ වෙයි. ඉන්පසු නිසි වයසට එළඹීමෙන් පතිකුලයට යන අය සෙනෙහෙබර භාර්යාවකගේ භූමිකාවට පරිවර්තනය වෙයි. තෙවනුව ලෝකයේ තිබෙන උත්තරීතර පදවිය වන මව් පදවියටද උරුමකම් ලබයි. මේ අයුරින් ජිවිතයේ සදෑ සමයට ළඟාවන ඇය සිය මුණුපුරාගේ හෝ මිණිපිරියගේ ආදරණීය අත්තම්මා කෙනෙකු බවට පත්වන්නීය.

පවුල තුළ සිදුවන මෙම භූමිකා පරිවර්තනයට මදක් ඔබ්බෙන් එහාගිය ශ්‍රේෂ්ඨ සමාජයීය භූමිකාවන්හිදී ද රංගනයේ යෙදීමට ඇයට සිදුවේ. විටෙක ඇය කුමර කුමරියන්ගේ නැණ පහන් දැල්වීමෙහිලා ඇප කැප වී කි‍්‍රයාකරන සෙනෙහෙබර ගුරු මවකි. තවත් විටෙක අට දැය සුරකින වීරෝදාර සෙබළියකි. තවද ජිවිතයත් මරණයත් අතර ද්වන්ධ සටනක යෙදෙන රෝගියෙකුගේ ජිවිතයට වෙස් වළාගත් ආශිර්වාදයක් වන දොස්තර නෝනා කෙනෙකි. එපමණක් නොව ඇයට ලෝකය දෙස විමර්ශනාත්මතව බැලීමේ අපුරු ශක්‍යතාවයක් තිබේ. ඇය සතු එම විමර්ශනාත්මක හැකියාව නිසාම ලෝකයක් ආලෝකමත් කිරීමේ කිරීමේ හැකියාව පවතී.
මෙරට විදේශ විනිමය වැඩිම ප‍්‍රමාණයක් ඉපයීමට දායකත්වයක් ලබදෙන්නේ විදෙස් ගතවෙන කාන්තාවයි. තම පවුලේ ආර්ථකය ශක්තිමත් කිරීම උදෙසාත් වඩා හොඳ ජීවන තත්ත්වයක් තම පවුලට ලබාදීම ඇතුලු දහසක් බලාපොරොත්තු තම සිත්හි දරාගෙන විදෙස් ගතවෙන ඇය අභියෝග රැුසකට මුහුණ දෙයි. ඇතැම් අවස්ථාවල ඉතා අමිහිරි මෙන්ම කනගාටුදායක සිදුවීම්ද මේ සම්බන්ධයෙන් වාර්තා වු අවස්ථා නැතිවා නොවේ. එහෙත් විදෙස් ගතවන කාන්තාව දෙස සමාජය බැලීමට පුරුදු වී සිටින්නේ වෙනස්ම කෝණයකිනි. ඇයට සමාජ පිළිගැනීමක් නැත. ඇය සමාජය ඉදිරියේ අවතක්සේරුවට ලක්කරයි. නමුදු මෙහිදී සිතිය යුතු කාරණයක් පවතී. ඇය විදෙස් ගතවන්නේ සිය පවුල නඩත්තු කිරීම උදෙසා මිස කැමැත්තෙන් යන ගමනක් නොවේ. තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට, නිවසක් තනාගැනිමට වෙහෙසන ඇය දෙස වපර ඇසින් බැලීම නතර කළ යුතුය.

අතේ පට්ටා එනතුරු ගල් කොරිවල වැඩ කරන කාන්තාවන්ද මේ රටේ සිටින බව අප අමතක නොකළ යුතුය. ඇය උත්සාහ ගන්නේත් තම දරු පවුල රැුකීමටය. තිරය පිටුපස නොදකින කතා බොහෝමයකි. ඇයද සියුමැලි කාන්තාවක් වීමට පුලුවන. එහෙත් ඇය හැප්පෙන්නේ සිත් පිත් නැති කලු ගල් සමඟය.ඒ තමාගේ සුභ සිද්ධිය උදෙසා නොව තම පවුලේ හෙට දවස වෙනුවෙනි.
අද දවසේ කාන්තාව පුරුෂ පක්ෂය හා උරෙනුර ගැටී  ඕනෑම අභියෝගයක් භාරගැනීමට ඇය සුදානම්ය. ලෝකයක් දිනීමට අවශ්‍ය වන්නේ එවැනි දිරිය කතුන්ය. මේ අයුරින් ජිවිතය දිනන්ට වෙර දරන ලක් ළලනාවන් තවමත් ලක් මාතාව තුළ ජීවත්ව සිටීම පිළිබඳව අතිශයින්ම සතුටු වන්නෙමු.


15 comments:

  1. I'm really agree with your ideas.why because womens are playing great role in her family artisance.her service cant measure .

    ReplyDelete
  2. කාන්තාව මේ ලෝකයට ඉතා විශාල සේවයක් කරනවා ඒ්ත් ඒ දේ තේරුම් ගන්නේ සුලු පිරිසක් විතරයි.

    ReplyDelete
  3. Yes women are equal in rights that enjoying by men. Buddha gave them a higher place in the society by showing us every human beings are equal in this world.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Fruitful ideas. Keep up ur spirit akki.

    ReplyDelete
  6. Fruitful ideas. Keep up ur spirit akki.

    ReplyDelete
  7. Fruitful ideas. Keep up ur spirit akki.

    ReplyDelete

Powered by Blogger.