Monday, August 15, 2016

නුඹ නිසා තිත්ත වුණි පාසල් යාම

Malsha Gamage
නටපු දෙං එළවළු බක්කිය ළඟ හිටගෙන
හිතපු දෙං  ඕනෑ දෙයක් මං ගැන
පැනලා නොකියමි හැදුනුම්කම්
විස්තර නොකරමි ගුරු ගෝලකම්
මතකයි ඇඳපු හැටි යටිි බඩෙන්
කොනිත්තා බුරිය ළඟ හමෙන්
තියපු හැටි ගිනි අව්වේ දනින්
ගහපු හැටි ඇඟිලි උඩට අඩි කෝදුවෙන්
තලන්නටම හිතාගෙන වේවැලක් ගෙන
මුහුණේ සිනාවක් තෙතක් දයාවක් නොමැතිව
එදා දේවදත්තයා ලෙස පැමිණි මොහු
දැන් වියපත්ය, පැන්ෂන්ය, තැන්පත්ය
මොලේ ඇති එවුන්ම වර්ණනා කොට
උන්ටම ලකුණු දී සම්මාන දී
මං වගේ දුර්වලයන්ට
තලා පෙලා හිංසා කොට
පාසල අපායක් කළ මොහු
නුඹ නිසා තිත්ත වුණි මට පාසල් යාම
නැවතුනිමි, මම ගෙදර හඬ හඬා
අන්තිමේ ගියෙමි තාත්තා ගිය මඟ
ටවුමේ එළවළු විකුණන්නට (දැන් මට හොඳයි)
නුඹ ද නුඹේ දක්ෂ අදක්ෂ ගෝලයෝ ද
දැන් නිතර එති මා ළඟට, මගේ කඩයට
එදා බැරි වුණ ගණන්  දැන් පෙන්වමි
නුඹලා සැමට
කිරාදෙමි පන්සීයය හාරසීයයට....





13 comments:

  1. ඒහෙම ගුරුවරුත් ඉනනවා.ඒ වගේම හැම ශිෂ්‍යයෙකුටම ඒක වගේ සළකන ඔවුන් හෝ‍ද තැනකට ගන්න උත්සාහ කරන ගුරුවරුත් ඉන්නවා.ඒ වගේ ගුරුවරුන්ට හැමදාම ගරු බුහුමන් කළ යුතු යි.

    ReplyDelete
  2. මේ නිර්මාණය හදවතට දැනෙන විදිහට ලියලා තියෙනවා.

    ReplyDelete
  3. Very Creative.. matched the lines pretty well... :)

    ReplyDelete
  4. Thanx a lot all my friends for your comments.i'm highly appreciate it.

    ReplyDelete
  5. Very creative...superb!!...go ahead..!!

    ReplyDelete

Powered by Blogger.