Thursday, July 21, 2016

ඇත්තටම හිඟන්නා කවුද?

Malsha Gamage



















ජිවිතය කියන්නේ තරණය කළ යුතු සුන්දරම නදියක්. ඒ නදිය තරණය කිරීම තරමක අපහසු කාර්යයක් වෙනවා.  මේ ලෝකයේ ඉපදෙන කිසි කෙනෙක් සර්ව සම්පුර්ණ වෙලා ඉපදෙන්නේ නෑ. ඒ තමයි ලෝක ස්වභාවය. එක්කෝ අතක් පයක් නැතිව අංගවිකල වෙනවා. එහෙම නැත්නම් කාගේ හෝ පිළිසරණක් නැතිව අසරණ වෙනවා. එහෙම අසරණ වෙන කෙනෙක් කරන්නේ ජීවත් වෙන්න තව කෙනෙකුගේ පිහිටක් පතන එක තමයිණි අපි මෙච්චර කල් අහලා දැකලා තියෙන්නේ එහෙම ජීවත් වෙන්න සල්ලි හිඟමන් යදින අය විතරයි.හිඟමන යනුද එක්තරා විදියක ජීවිකාවක්ඒ. ්නැතත් මේ සමාජයේම කොටස්කරුවෙකු වන ඔහුත් කෙසේ හෝ තම ජිවිතය රැුක ගත යුතුයි.


අපට පේන්නේ නම් හිඟමනේ යන්නේ හිඟන්නා විතරයි කියලා. අමතක කරන්න එපා තව තව දේවල් යදින අයත් ඉන්නවා. අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පවා දැන් හිඟන්නා වෙලා. එයාලා හිඟා කන්නේ නිදහස් අධ්‍යාපනය. ඒත් ලැබෙන්නේ පෞද්ගලික අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනයේ පියා එහෙමත් නැත්නම් සී. ඩබ්ලිවි ඩබ්ලිව් කන්නන්ගර මහත්තයා ගෙනාපු නිදහස් අධ්‍යාපනය කොහෙද ගියේ.

දැන් පෞද්ගලික අධ්‍යාපනය කියන අංකුරය පොහොර හා දියවර ලැබ සුවිසල්ව වැඞී වර්ධනය වුණු වනස්පති වෘක්ෂයක් වී අවසන්.  දැන් ළමයි ඉපදුණ ගමන් යන්නේ පන්ති. අධ්‍යාපනයට තියෙන්නේ පුදුම තරගයක්. මේ තරගයට දුවන්න නොහැකි වු ළමයා අසමත් වෙනවා. ඒ ළමයාගේ වැරැුද්දෙන් නෙවෙයි. මේ යුගය තුළින්ම නි්රමාණය වුණු අධ්‍යාපන ක‍්‍රමයේ වැරැුද්ද නිසයි.


පාසල් යන්නත් කලින් යන්නේ ස්පෝකන් ඉන්ග්ලිෂ් ක්ලාස්.  එක වසරට දාපු ගමන් 5 වසර ශිෂ්‍යත්වයට සුදානම් කරනවා. ශිෂ්‍යත්වය කියන්නේ අද වන විට අම්මලාගේ විභාගයක් මිස ළමයින්ගේ විභාගයක් නොවන බව පිළිගත ගත හැකි සත්‍යයක්  බවට පත්වී අවසන් .සමහර ගුරුවරු හරියට ඉගෙන ගන්න  ඕන නම් මගේ පන්ති එන්න කියලා නොකියා කියනවා. මේ කොහොම නමුත් අපිත් ඉගෙන ගන්නවා .කොහොම කොහොම හරි අවුරුදු 13 ක් වද  විඳලා උසස් පෙළත් සමත් වෙලා සරසවි වරම් ලැබුවා කියමුකෝ .යන්නේ කොහාටද ?සල්ලි වියදම් කරලා ඉක්මනට උපාධිය අරන් රට යන්න පුලූවන්, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටද? නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියලා හැමදාම පාරට බහින රාජ්‍ය විශ්වවිද්‍යාලවලටද? රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එහෙම පාරට බැහැලා යදින්නේ ඔවුනට තවමත් නොලැබුණු නිදහස් අධ්‍යාපනයයි.


අධ්‍යාපනය යනු වෙළඳ භාණ්ඩයක් නොව මානව අයිතියකි.ඔයාලට කොහොම හිතෙනවද මම දන්නේ නෑ. ඒත් මට හිිතෙන විදියට ඒකට හේතුව අධ්‍යාපනය දේශපාලනීකරණය වීම.  සමහර විට මම වැරදිත් ඇති. මම කීවේ මට හිතෙන විදිය.

මේ වගේ සිද්ධි දිහා බැලුවම  ඇත්තටම හිඟන්නා කියලා කෙනෙක් ඉන්නවද?  ඇත්තටම එහෙම විශේෂ කෙනෙක් නෑ.කවුරු කවුරුත් මොනවා හරි හිඟා කනවා. එහෙත් සමහරු හිඟා කන විදිය අනුව තමා සමාජය තුළ විවිධ විවිධ මට්ටම් වලට බෙදිල යන්නේ . මුදල් අඩු වැඩි බව හේතුවක් වෙන්නේ නෑ. හදවතේ තියෙන මනුස්සකමයි වැදගත් වෙන්නේ. පොඞ්ඩක් හිතලා බලන්න ඇත්ත මොකද්ද කියලා කවදුරටත්.         .



5 comments:

  1. Oya hari.hemoma mona hari hinga kanawa.hema dama tiyana kenek unath adare hari hinga kana awasta tiyanawa

    ReplyDelete
  2. ඔව් ඉතින් සමහරු පොහොසත් හිගන්නු...

    ReplyDelete
  3. That is a one of the differant article.you point out that burning issue very effective way. excellany.

    ReplyDelete

Powered by Blogger.