රුහුණු පුරවරයේ පිහිටි බද්දේගම, ගනේගම හැඩි දෙමළ කන්ද හෙවත් දුටුගැමුණු විහාරය පොළොන්නරු රාජධානිය අවසානය තෙක් ඈතට දිවයන ඉතිහාස කතාවකට උරුමකම් කියන්නකි.
ගාලූ බද්දේගම පාරේ ගනේගම හතරමං හන්දිය (සන්දරවල * අසල අඩි 300 පමණ ඉහළට නෙරා ගිය රමණීය කඳු ගැටයක් මත මෙම දුටුගැමුණු විහාරය හෙවත් හැඩි දෙමළ කන්ද පිහිටා ඇත. සන්දරවලේ දිය මතුපිට ලෙළදෙන සෙවණැල්ලෙන් යුත් හැඩි දෙමළ කන්ද සොබාදම් මෑණියන්ගේ අපූරුතම නිර්මාණයකි.
ගාල්ල දිස්ති‍්‍රක්කයේ බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙම විහාරස්ථානය අයත් වේ. කි‍්‍ර.ව 1215 පමණ පොළොන්නරු රාජධානියේ අවසන් භාගයෙහි මේ රට ආක‍්‍රමණය කළ කාලිංග මාඝ සමය තෙක් ඈතට විහිදී යන සංස්කෘතික උරුමයක් හැඩි දෙමළ කන්ද විහාරස්ථානයට හිමිවෙයි. මාඝ නමැති ද්‍රවිඩ රජුගේ සමයෙහි සිටි ”සන්දර” නමැති සෙන්පතියා සිංහල හමුදාව කන්ද වටකර ගත් නිසා කඳු පාමුල පිහිටි ගැඹුරු ජලාශයට හස්තසාර ධනයද රැුගෙන පැන දිවි නසාගත් වල ”සන්දරවල ” ලෙසත් ඒ සෙන්පතියා විසු කන්ද හැඩි දෙමළ කන්ද ලෙසත් ජනප‍්‍රවාදයේ පවතියි. නිධානයක් සඟවාගෙන වැළපෙන සන්දරවල සෙන්පතියා සහ හැඩි දෙමළ කන්ද විහාරස්ථානය යනු බද්දේගම ඉතිහාසය ඔපවත් කරන විසිතුරු හා අපූර්ව වු ජනප‍්‍රවාදයක තෝතැන්නකි. මේ විහාරස්ථානය සමඟ ඉදිරියෙන්ම සටහන් වන ශී‍්‍ර නාමයකි. ඒ ගනේගම ශී‍්‍ර සරණංකර හිමියන් වේ.
හැඩි දෙමළ කන්දේ දීප්තිමත් කාල පරිච්ජේදයක් හෙවත් ස්වර්ණමය යුගය වශයෙන් සැලකිය හැක්කේ ශී‍්‍ර සරණංකර නාහිමි කාල පරිච්ජේදයයි. 1820 ගණන්වල ගොඩනැගූ දුටුගැමුණු විහාරය සරණංකර හිමියන්ගේ චින්තනය, කලා රසඥතාවය, නිර්මාණශීලිත්වය හා කෘතවේදීත්වය එකට ලඝු කොට දැක්වීමේ හොඳම නිදර්ශකයි. සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨතම වීරවරයා වු දුටුගැමුණු මහ රජතුමා ද්‍රවිඩ සතුරු සේනා සමඟ සටන් කිරීමට මෙම හැඩි දෙමළ කන්දේ සැඟවී සිටි බවට ඉතිහාසය සාක්ෂි දරයි. එම නිසා මෙම විහාරය දුටුගැමුණු විහාරය ලෙස ද හැඳින්වේ. සිය බලසේනාධීපතීන් වු නන්දමිත‍්‍ර, සුර නිමල, මහාසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, බඤ්චදේව, ඵුස්සදේව,හා ලභිය වසභ යන දසමහා යෝධයන්ගේ ප‍්‍රතිමා නිර්මාණය කර ඇති ලංකාවේ එකම විහාරස්ථානය වන්නේ හැඩි දෙමළ කන්දයි.
එසේම අඩි 200 ක් පමණ කඳු ගැටය ඉහළට තරණය කළ පසු හමුවන අම්භස්තලය ගත වෙහෙස මග හරවන විසිතුරු පරිසරයක් මවාපායි. අදටද මෙම විහාරස්ථානයේ ගනේගම ශී‍්‍ර සරණංකර නාහාමිගේ පිළිරුවක්, උන්වහන්සේ විසින් රචිත පොත් සහ අවසන් වරට භාවිත කරන ලද පෑන මෙන්ම ගනේගම ශී‍්‍ර සරණංකර හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ ද මෙහි පැමිණෙන සැදැහවතුන්ට දැකබලා ගැනීමේ අවස්ථාව පවතී.
වර්තමානයේ මෙහි විහාරාධිපති ලෙස වැඩ වාසය කරන්නේ වැලිවිටියේ සුමන නාහිමාපාණන් වහන්සේය. උන්වහන්සේ මෙම විහාරස්ථානයේ උන්නතිය සඳහා අනුපමේය සේවයක් කරන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයෙකි. මෙම බෞද්ධ සිද්ධස්ථානය සතු ඓතිහාසික උරුමය රැුකගැනීම අපි සැමගේ වගකීමකි.
ඓතිහාසික කරුණු රැසක් අඩංගු වටිනා ලිපියක්.
ReplyDeleteYeah definitely we should protect...
ReplyDeleteඔයා කියන විදියට බලන්න එන්නත් හිතෙනවා
ReplyDeleteඔයා කියන විදියට බලන්න එන්නත් හිතෙනවා
ReplyDeleteAnna etakota kiyapu dewal dakinnma puluwan
ReplyDeletenice article..we should protect it..
ReplyDeleteඇත්තටම වටිනවා.මම අහලා තියෙනවා මේ පන්සල ගැන.
ReplyDeleteඓතිහාසික විහාරයක පුරාණය හෙළි කරන වටිනා තොරතුරු අඩංගු ලිපියක්.
ReplyDeleteඓතිහාසික විහාරයක පුරාණය හෙළි කරන වටිනා තොරතුරු අඩංගු ලිපියක්.
ReplyDeletereally good story...
ReplyDelete