Wednesday, August 10, 2016

තනි අතින් අත්පුඩි ගහන්න බෑ.....

Malsha Gamage

සරසවිය කියන්නේ හරිම සුන්දර තැනක්. සරසවියට එන්න වාසනාව හැමෝටම ලැබෙන්නේ නෑ. ලංකාවේ හැම පළාතකින්ම එන යාළුවෝ අපිට මුණ ගැහෙනවා. මේ අතර ජිවිතය පිටුපස අපේ හෙවැණල්ල වගේ ඉඳගෙන දුක සැප හොයලා බලන පාසල් කාලයේ හිටිය වගේම හොඳ යාලුවෝ මුණ ගැසෙනවා. ඇත්තටම එතකොට ගොඩනැගෙන මිතු දම වචන වලින් කියන්න බැහැ.
කැම්පස් ආපු පළවෙනි දවසේ සිතට දැනුණේ පුදුම දුකක්, මොකද අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ගේ වෙන්වෙලා ගෙදරින් ආපු දවස නිසා.

යාලුකම කියන්නේ උත්තරීතර බැඳීමක්. මේ ලොකේ අපිට තනිවම ජීවත් වෙන්න බෑ. හරියට තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගේ. මට හිතෙනවා මම හරි වාසනාවන්තයි කියලා. මොකද ජිවිතේ මම වැටුණ සමහර අවස්ථාවලදී මගේ ළඟ හිටිය යාලුවෝ ශක්තියක් වුණා. ඒ වගේම අසනීප වුණු වේලාවට මාව බලාතත්තේ එයාලගේම සහෝදරියක් විදියට. ඇත්තටම මේ දේවල් මතක් වෙනකොට හරිම සුන්දරයි. හැමදේම බෙදා හදාගෙන ජීවත් වුණේ එක පවුලක ළමයි වගේ. හිතේ තියෙන ප‍්‍රශ්න කියලා හිතට සැනසීම ලබා ගත්තේ මේ හොඳ යාලුවෝ නිසා. කොළඹ ඇවිදින්න දන්නේ නැති වුණාම පාරවල් කියා දීලා විතරක් නොවෙයි කොලේක ඇඳල පෙන්නලා, ගමන ගිහින් ඉවර වෙනකන්ම පරිස්සමට ගියාද අහලා කෝල් කරපු හොඳ යාලුවෝ මට හිටියා. එකිනෙකා අතර තිබුණු අවබෝධය නිසාම අපි අතර ප‍්‍රශ්න, රණ්ඩු ඇති වුණේ නැහැ. හරිම සතුටෙන් විනෝදයෙන් හිටියා.

 මේ අතරේ මුණ ගැහුණ සමහර  යාලුවෝ  ඉක්මනට වෙනස් වුණා. ඇත්තටම හිතා ගන්න බැරි විදියට. ඒ හොඳටම හිටිය යාලුවෝ නිසා ඔවුන්ගේ වෙනස්විම පුදුම සහගතයි. සාධාරණ හේතුවක්, ප‍්‍රශ්නයක් නෑ කියමුකෝ. ඒත්... එහෙමත් නැතුව යාලුවෝ වෙනස් වෙනවා කියන එකත් පිළිගන්නම  වෙනවා. ලෝක ස්වභාවයත් එකමනේ. කථා නොකර පැත්තකට වෙන්න කලින් ඇයි එහෙම වෙන්න හේතුව කියන්න බැරි තරම් යාලුකම පහළට දාන යාලුවෝ ඉන්න බව අමතක කරන්න හොඳ නැහැ. ඒහෙම යාලුවෝ ගැන මට තියෙන්නේ  කළ කිරීමක් වගේම දුකක්. හැමදේම බෙදා හදා ගෙන සතුටෙන් හිටපු යාලුවෝ එකපාරටම වෙනස් වෙන්නේ ඇයි? ඒත් යාලුවේ  මගේ හිතේ නම් කිසිම තරහක් නැහැ. තමන්ට සල්ලි නැති වුණාට, හොඳ රස්සා නැති වුණාට දුකේදී සැපේදී ඉන්න යාලුවා වටිනවා. මගේ හිතේ ඒ වගේ යාලුවන්ට තියෙන්නේ ලොකු ගෞරවයක්. හොඳ යාලුවන්ට පුළුවන් තමන්ගේ යාලුවා හොඳ පැත්තට වෙනස් කරන්න. ඒ දේවල් අහන එක යාලුවගේ වගකීම. මොකද හොඳ යාලුවෙක් කවදාවත් නරක දෙයක් කියන්නේ නෑ. ඒ දේ කියන්නේ අපේ හොඳට නම් අපි ඒ දේ අහන්න පුරුදු වෙන්න  ඕනෑ. එතකොට යාලුවට වගේම අපිටත් සතුටක් නේද?


සරසවි ජීවිතේට සමුදෙන්න තියෙන්නේ තව ටික කාලයයි. ඒ ගැන මතක් වෙනකොටත් තියෙන්නේ දුකක්. එහෙමයි තියලා අපේ යාලුකම නතර කර ගන්න බැහැ. යාලුකම, සහෝදරත්වය  තියෙන්නේ අපේ හදවතේ. නිතර මුණ නොගැසුණත්, තමන්ගේ යාලුවා ඉන්නේ තමන්ගේ උදව් අවශ්‍යම වේලාවක නම් අනිවාර්යෙන්ම ළඟ සිටිය යුතුයි. යාලුකම මුදල් වලට ගන්න බෑ. අද ලෝකයේ  ඕනම දෙයක් මුදල් වලට ගන්න පුළුවන් වේවි. ඒත් හොඳ යාලුවෙක් මුදල් වලට ගන්න බෑ. ඒ නිසා තමන්ගේ හොඳම යාලුවෝ මොනම හේතුවක් උඩවත් නැති කර ගන්න එපා ... අවබෝධය සහ විශ්වාසය අපි ළඟ තියෙන කල් ඔවුන් අපෙන් ඈත් වෙන්නේ නැහැ. පිළිගත යුතු ඇත්ත සත්‍යය එයයි.









16 comments:

  1. කල්‍යාණ මිතුරන් ජීවිතයේ හැමදාම වටිනවා.

    ReplyDelete
  2. කල්‍යාණ මිතුරන් ජීවිතයේ හැමදාම වටිනවා.

    ReplyDelete
  3. My dr loving friend, that is a true story.

    ReplyDelete
  4. My dr loving friend, that is a true story.

    ReplyDelete
  5. සම්පූර්ණ ඇත්ත.ඒ වගේම කැම්පස් එකේදී අම්ම වගේ ළඟ ඉඳන් හැම දේම හොයල බලපු, හැමදේටම උපදෙස් දුන්න , කවදාවත් වෙනස් නොවුන මගේ හොඳම යාළුවා ඔයයි.එහෙම යාලුවෝ හරි අඩුයි මල්ෂා.ඒ අතින් මම හරි වාසනාවන්තයි.....

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. Real friendship cant gives sorrows to friends.

    ReplyDelete
  8. Pure and Real friendship prevails eternal in World

    ReplyDelete
  9. ඩිල්ෂා මගේ ජිවිතේ දැකපු කවදාවත් වෙනස් නොවු මොන දේ තිබුනත් ආඩම්බර නොවු නිහතමානි සොයුරිය වගේම ළග හිටිය හොදම යාලුවෙක් ඔයා.මම වාසනාවන්තයි ඔයා වගේ යාලුවෙක් ලැබෙන්න ඩිල්ෂා...

    ReplyDelete
  10. ඩිල්ෂා මගේ ජිවිතේ දැකපු කවදාවත් වෙනස් නොවු මොන දේ තිබුනත් ආඩම්බර නොවු නිහතමානි සොයුරිය වගේම ළග හිටිය හොදම යාලුවෙක් ඔයා.මම වාසනාවන්තයි ඔයා වගේ යාලුවෙක් ලැබෙන්න ඩිල්ෂා...

    ReplyDelete
  11. යාලුවෝ එ තමයි මන් uni ජීවිතේට හම්බ කරගත්ත ලස්සනම දේ... කිව්වත් නොකිව්වත් ඔයගේ ලස්සන ඇත්ත කතව අතුලේ මාත් එක සුදු චරිතයක් උනා කියලනම් මන් හොදටම දන්නවා මිතුරියේ(මල්ෂෝ)

    ReplyDelete
    Replies
    1. ඔව් ශර්මියෝ මගේ ජිවිතේ මුනගැසුනු හොදම සහෝදරියක් තමයි ඔයා..ඒ ගත කරපු කාලය හරිම සුන්දරයි.

      Delete
  12. සරසවිය මිතුදෙම් ලස්සනම නවාතැන...මටත් සරසවිෙය ෙගාඩක් යාළුෙවා ලැබුන..සමහර යාළුෙවා හැමදාම ළග ඉන්නව..සමහර යාළුෙවා අෙපන් අෑත් ෙවනව..ෙහාද යාළුෙවා කවදාවත් අපිව තනි කරන්ෙන නෑ..ඒ්කයි ඒයාලට ෙහවනැල්ල කියන්ෙන

    ReplyDelete
  13. යාලුවෝ නැති ජීවිතේ මොකටද..... :D

    ReplyDelete
  14. valuable friends change the life

    ReplyDelete

Powered by Blogger.