සෑම පාසල් සිසු සිසුවියකගේම නෙත ගැටෙන සුන්දරම සිහිනය සරසවියයි. සරසවිය නමැති වංකගිරිය තරණය කිරීම තරමක අපහසු කාර්යයකි. මා මෙලෙස කියන්නට උත්සාහ කරන්නේ එම අසීරු ගමන ජය ගන්නා ආකාරය නම් නොවේ. පසු වු ගතවු කාලය පුරාම සරසවි ශිෂ්‍යයා සහ නවක වදය යන කාරණාව සම්බන්ධයෙන් විවිධ වු පුවත් මැවීමට මාධ්‍යය සමත්විය. එය මාධ්‍යයේ ස්වභාවයයි. එහි කිසි\ු ප‍්‍රශ්නයක් නැත.
එහෙත් මෙරට ජාතික තලයේ පුවත්පතක නවකවදය සම්බන්ධයෙන් පසුගිය දිනක වු සිදුවීමකදී සරසවි ශිෂ්‍යයා හදුන්වා දී තිබුණේ මෙසේය.
” පාතාලයේ මැර සංස්කෘතියත් , පාදඩ දේශපාලනයේ මැර සංස්කෘතියත් දෙකම එකට කවලම් කර මුදාහරින පාදඩයන් යනුවෙනි.” මෙම හැඳින්වීම කොතෙත් දුරට යුක්ති සහගතද? ඔවුන් පාදඩයන් යයි හැඳින්වීමට මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් තිබේද? විවිධ දුෂණ චෝදනා ලැබු නමගිය අපරාධකරුවන්, කම්බ හොරුන් මේ රට රජ කරද්දී ඔවුන් කිසිවිටකත් ඉහත කී නමින් හැඳින්වීමට මාධ්‍යය කි‍්‍රයා කළේ නැත. ඔවුන් වරදක් කර තිබීමට පුලුවන.
එහෙත් මාධ්‍යය හදුන්වා දෙන පරිදි සරසවි ශිෂ්‍යයන් වනාහි වධකයෙක්වත් ළඳරු වැද්දෙක්වත් හෝ පාදඩයෙක්වත් නොවේ. එම පුවත්පත වාර්තා කර සිටින්නේ එම සිදුවීමට අදාළව සරසවි සිසුන්ට දඩුවමක් වශයෙන් යට ඇදුමින් පාරේ සිටුවා තැබිය යුතු බවයි. එහෙත් මෙවැනි ගණයේ දඩුවම් ලැබිය යුතු පුද්ගලයන් කෙරෙහි මුනිවත ආරක්ෂා කර සරසවි ශිෂ්‍යයා ඉදිරියේ පමණක් මෙවැනි දඩුවම් ලබාදිය යුතු යැයි මාධ්‍යය පෙන්වාදීම කිසිසේත්ම එකඟ විය නොහැකිය.
මෙරට සරසවි ශිෂ්‍යයා නිරන්තර අරගලවල යෙදී සිටින්නේ සින්න වී යන නිදහස් අධ්‍යාපනය වෙනුවෙනි. ඔවුන් තවමත් හිගා කන්නේ නිදහස් අධ්‍යාපනයයි. එහෙත් ඊට පෙරළා ලැබෙන්නේ පෞද්ගලික අධ්‍යාපනයයි. මෙවැනි කාරණයන් සම්බන්ධයෙන් දමාධ්‍ය වාර්තාකරණය ඉහත පරිද්දෙන්ම සිදුවේ නම් කෙතරම් යහපත් ද? එකී ප‍්‍රවෘත්ති පිළිබඳව මාධ්‍ය ආවරණය ලබාදීමට ඇතැම් මාධ්‍ය පසුබට වු අවස්ථා ද නැතුවා නොවේ.
මාධ්‍යය විසින් විශ්වවිද්‍යාල භූමිය හදුන්වා දෙන්නේ මුදා නොගත් ප‍්‍රදේශයක් ලෙසයි. නවකවදය ඔවුන් උපමා කර සිටින්නේ ත‍්‍රස්ත උවදුරක් යන්නයි. සැබැවින්ම එය යුද පිටියක් නොවන බව නම් පැහැදිලිව කිව යුතුය. හේතුව ත‍්‍රස්තවාදය පවතින්නේ යුද පිටියක මිස සරසවි බිමක නොවේ.
අතීතයේ විශ්වවිද්‍යාල සංස්කෘතිය ඇතුළත බරපතල ගණයේ නවකවද සිදුවීම් වාර්තා වු අවස්ථා නැතුවාද නොවේ. එහෙත් නුතනයේ සරසවිය ඇතුළත නවකවදය යැයි හැඳින්විය හැකි එවැන්නක් සිදු නොවන තරම්ය. එසේ නම් මෙරට 25000 කට අධික වු සරසවි සිසුන් සියලු දෙනාම මේ වනවිටත් සරසවිය අතහැර ගොස් පොලිස් පොතේ පැමිණිලි කළ යුතු නොවේද?
සරසවි ශිෂ්‍යයාට සමබර පෞරුෂයක් තිබිය යුතුය. තමාගේ ජ්‍යෙෂ්ඨයන් සමඟ එකමුතුව සහයෝගයෙන් කි‍්‍රයා කිරීම සරසවි උප සංස්කෘතිය ඇතුළත අත්‍යවශ්‍ය කාරණාවකි. කොළඹ හතේ සිට එන ළමයාත්, දෙහිඅත්ත කණ්ඩිය වැනි පිටිසර ගමකින් පැමිණෙන ළමයාත් යන දෙදෙනාම විශ්වවිද්‍යාලය ඇතුළත එක හා සමානවේ. මෙහිදී ජාති, ආගම්, කුලභේද, උස් මිටිකම් සරසවි සංස්කෘතියට වලංගු වන්නේ නැත. මෙවැනි සුභවාදී ආකල්පමය වෙනසක් පමණක් නවක සිසුන් පැමිණි පසු ඔවුනට ලබාදීමට ජ්‍යෙෂ්ඨයෝ උත්සාහ දරති. එහෙත් මෙවැනි කාරණයන් දන්නේ විශ්වවිද්‍යාලයකට අකුරු කිරීමට පැමිණි කෙනෙක් පැමිණි.
සරසවි ශිෂ්‍යයා යනු මෙරට අනාගතයයි. ඔවුන් කෙරෙහි ද්වේශ සහගත නොවිය යුතුය. සරසවි සිසුවාට බලපාන ඇතැම් සිද්ධිවලදී දේශපාලන අධිකාරියත් සහ වගකිව යුතු පාර්ශව මුනිවත රකියි. එහෙත් ඔහුට ලැබිය යුතු වරප‍්‍රසාද සහ අයිතීන් වෙනුවෙන් කථා කිරීමට කිසිවෙකු ස්වේච්ජාවෙන් ඉදිරිපත් වන්නේ නැත. ඒ කෙසේ වුවද සරසවි ශිෂ්‍යයා සම්බන්ධයෙන් කෙරෙන මාධ්‍ය වාර්තාකරණය මීට වඩා නම්‍යශීලී වන්නේ නම් යහපත්ය.
එහෙම කියන අයගේ දරුවො සරසවියට ආවාම එයාලට පාදඩ කතාව කියයි ද
ReplyDeleteඑහෙම කියන අයගේ දරුවො සරසවියට ආවාම එයාලට පාදඩ කතාව කියයි ද
ReplyDeleteEka tamai minissu hitana widiye tiyena warraddak
ReplyDeletegood idea...
ReplyDeleteYou explained your valuable ideas without any dought.that is good.
ReplyDeleteEma puwathpatha magin waradi arthakathanayak laba dela thiyenne.
ReplyDeletegreat idea...
ReplyDelete