Saturday, August 6, 2016

ගිංනදී තෙර පිපුණු ගනේගම රන් පියුම ගනේගම ශී‍්‍ර සරණංකර නාහිමි

Malsha Gamage

දක්ෂිණ ශී‍්‍ර ලංකාව මහා ප‍්‍රාඥයින් කීර්තිමත් සාහිත්‍යධරයන් හා ජාතික වීරවරයන් රැුසක් ජනිත කිරීමට උරුමකම් ලැබු තිඹිරිගෙයක් විය. තවත් එවැනිම ශ්‍රේෂ්ඨ රුහුණු පුත‍්‍රයෙකු වු ගනේගම ශී‍්‍ර සරණංකර නාහිමි වහන්සේ පිළිබඳව කෙටියෙන් හෝ මෙලෙස සටහනක් තබන්නේ මහත් වු අභිමානයෙනි.

බද්දේගම ගනේගම කෝරලේගොඩ දී ව්‍යවහාර වර්ෂ 1908.10.23 වන දින මෙලොව එළිය දුටු අප කුල කුමරුවන් සැබැවින්ම පින්වන්තයෙක් ද භාග්‍යවන්තයෙක් ද වුහ. මේ නිසාම සන්දරවල බෞද්ධ පාඨශාලාවෙන් හා බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාල වලින් මුලික අධ්‍යාපනය ලබා කි‍්‍ර.ව 1924 ජුනි මස 12 වන දී උතුම් සම්බුද්ධ ශාසනයෙහි පැවිදි ජිවිතයටද ඇතුළත විය.

එකළ විද්‍යොදය මහ පිරිවෙණේ පිරිවෙන්පති පදවිය හෙබවු කහවේ ශී‍්‍ර රතනසාර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්වත්වයෙන් පැවිදි වු අප නාහිමිපාණන් වහන්සේ පැවිදි වු දා පටන් බණ දහම් ප‍්‍රගුණ කිරිමද ශාසානානුලෝමිකව හැඩ ගැසීමද වත් පිළිවෙත් ප‍්‍රගුණ කිරීමද ආදී සියලු කටයුතු වල අනලස්ව යෙදුණහ.
නිධානයක් සඟවාගෙන වැලපෙන සන්දරවල සෙන්පතියා හා හැඩිදෙමලාකන්ද විහාරස්ථානය යනු බද්දේගම ඉතිහාසය ඔපවත් කරන විසිතුරු හා අපුර්ව වු තවත් ජනප‍්‍රවාදයක තෝතැන්නකි. මේ විහාරස්ථානයත් සමඟ ඉදිරියෙන්ම සටහන් වනුයේ අප යතිවරයන්ගේ ශී‍්‍ර නාමයයි.

මන්දයත් පුරාණ හැඩිදෙමලා කන්ද විහාරස්ථානය යනු උන්වහන්සේගේ ජාත්‍යාලය පිළිබිඹු කරන ප‍්‍රයන්තයක තවත් එක් අග‍්‍රඵලයකි. 1820 ගණන්වල ගොඩනැගු දුුටුගැමුණු විහාරය උන්වහන්සේගේ චින්තනය,කලා රසඥතාවය, නිර්මාණශීලීත්වය හා කෘතවේදීත්වය එකට ලඝුකොට දැක්වීමේ හොඳම නිදර්ශකයයි.
ගනේගම ශී‍්‍ර සරණංකර නාහිමියන් තුළ අප හැමදාම දුටු දුර්ලභ ගණයේ ශ‍්‍රමණ ගුණයන් දෙකක් වශයෙන් දැක්විය හැක්කේ අනතිමානිත්වය හා පරාර්ථකාමිත්වයි. උන්වහන්සේ තරම් පොත් කියවු වියතකු සෙවීම මෙන්ම නොයෙක් මාදිලියේ ග‍්‍රන්ථ සම්භාරයක් එකතු කරගෙන තිබු අයෙකු සෙවීමද සැබැවින්ම දුෂ්කරය.
කල්කටාවේ සිටියදී උන්වහන්සේ නිසැකයෙන්ම ළඟා වු තැන වුයේ මහාබෝධි මුලස්ථානය අසල විවෘත වෙන පොත් සාප්පුවටයි. සරණංකර ස්ථවිරයන් පොත් වෙළදුන්ට හොඳට පුරුදුය. ”අර එන්නේ ඇනා පහට පොත් ඉල්ලන සාධු”යයි ඔහුහු මහත් ආදරයෙන් ආමන්ත‍්‍රණය කරති. පොත් සාප්පු දකින අප නාහිමි දෙනෙත කෙළිබඩු දුටු බාලයෙකු මෙන් වශිකෘත වෙයි.

කියවීමෙන් මිනිසෙකු සම්පුර්ණ වේ යන ආප්තයට කෞතුක අගයක් හිමිව තිබු පරිහානි යුගයක   මිිනිසා තුළ කියවීමේ රුචිය වඩවාලීමට සරණංකර නාහිමි හුදකලාව දැරූ ප‍්‍රයන්තය ප‍්‍රශංසනීයය.1996 මාර්තු මස 13 වනි දින ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ජංගම පුස්තකාලය ගනේගම ප‍්‍රදේශයෙන් ආරම්භ වන්නේ අප නාහිමියන්ගේ සමාජ මෙහෙවරහි තවත් උදාර ප‍්‍රතිඵලයක් ලෙසිනි.

සරණංකර නාහිමියන් කිසිවෙකුටත් බියක් නැති නිර්භීත හිමිනමකි.එහෙත් මරණය කෙරෙහි උන්වහන්සේ තුළ තිබි ඇත්තේ අප‍්‍රමාණ වු බියකි. මක් නිසාද යත් තම පරාර්ථකාමි දින චර්යාවට මරණය බාධාවක් ලෙස සිතූ නිසාවෙනි. දිව්‍යලෝකයෙහි ඉපදීමට උන්වහන්සේ කැමති වුයේ නැත. ශී‍්‍ර ලංකාවේ දකුණේ ඇති මිකිරි හා පැරණි දෙව්ලොව නැති නිසාත් පුවත්පත් හා පොත් කියවීමට ඉඩක් නොලැබෙන නිසාත් බව උන්වහන්සේගේ ගෝල නමක් වරෙක පවසා තිබේ.

අටසියවසක පමණ කාලයක් මුළුල්ලෙහි සාහිත්‍යවේදියෙකු හා ලේඛකයෙකු ලෙසින් තම පන්හිදෙන් සාහික්‍ය කෙත අවලෝකනය කරනු වස් ගනේගම සරණංකර වහන්සේ සිංහල රචනාරත්නය, බුදුහාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, බෞද්ධ මහාධිරාජ අසෝක සෙල් ලිපි හා යසෝදරාව වැනි කෘතීන් සම්පාදනය කළහ. ඒ මතු ද නොව පුවත්පත් සඟරා සඳහාද ලිපි රැුසක් ලියන ලදී.අපේ සංස්කෘතියෙහි හරබර පද්ධතීන් ඉස්මතු කරමින් සරල සුගම ශෛලියකින් යුත් සරණංකර සාහිත්‍යය සිංහල භාෂාව හා සාහිත්‍යය පෝෂණය වීමෙහිලා වැදගත් මෙහෙයක් ඉටුකළ බව කිව යුතුය.රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලද බුදුහාමුදුරුවෝ කෘතිය උන්වහන්සේගේ ලේඛන චාතූර්යයෙහි අග‍්‍ර ඵලයයි.

උන්වහන්සේගේ අවසාන කැමති පත‍්‍රය සම්බන්ධවද යමක් සඳහන් කිරීම වටි. උන්වහන්සේගේ අවසාන කැමති පත‍්‍රයද ආදාහන උත්සව වලට දහස් ගණන් පුළුස්සා දවන අයට ආශිර්වාදයක් වේවායි පතමි.

”මා මළවිට මිනිය දෙදවසකට වඩා තබා නොගත ගත යුතුය.ගමේ ඉඩමකින් කපා ඉරාගත් ඇල්බිසීයා ලෑලි වලින් ගමේ දායක වඩු මහතෙකු ලවා තනවාගත් පෙට්ටියක මිනිය තැන්පත් කළ යුතුය.”
ඒ උන්වහන්සේ ලොවට පෙන්වා දුන් චාම් සරල දිවි පෙවතයි.

වර්ෂ 1989 දෙසැම්බර් 29 වන දින සීත දුරුත්තේ අරුණු නැගෙද්දී ගනේගම ශී‍්‍ර සරණංකර නාහිමිපාණන්  82 හැවිදිරි වියේදී අපවත් වී වදාළ සේක.

මෙවන් සංඝපිතෘවරයන් වහන්සේලා පහළ වු මෙම ශී‍්‍ර ලංකාද්විපයද වාසනාවන්ත පින්බිමකි. එම පින්බිම බබළවන්නට ගනේගම සරණංකර නාහිමියෝ නැවත ඉපදේවායි ප‍්‍රාර්ථනා කරමි.





12 comments:

  1. වැදගත් ලිපියක්.....

    ReplyDelete
  2. It's very useful and interesting...

    ReplyDelete
  3. ගමේ වැදගත් දේවල් රටටම කියන එක උපන් ගමට ගවුරවයක්

    ReplyDelete
  4. ගමේ වැදගත් දේවල් රටටම කියන එක උපන් ගමට ගවුරවයක්

    ReplyDelete
  5. saranankara hamuduruwo kiyanne godak dena nodanna wunata,rataya,upan gamata wada kala hoda himi namak
    .nawatha ipadewa me pinbime unwahanse....

    ReplyDelete
  6. ගමට රටට සේවයක් කල හිමිනමක්.

    ReplyDelete
  7. ගමට රටට සේවයක් කල හිමිනමක්.

    ReplyDelete

Powered by Blogger.