Sunday, July 31, 2016

කුල ගොත් වලට බැහැ පේ‍්‍රමය පරදන්න.........

Malsha Gamage


මහවැලි ගඟ සමීපයේ මුණ්ඩවාක නම් ගම
නැවෑමි යුවළකි තිස්සය- සුමනා යන ලද නම
සැදෑ බැතින් යුතු දෙදෙනා නෑ වෙන කෙනෙකුට සම
ඌරු මාංශයක් ලැබිණි කම්මිල සඳහා සම

කුලිය පිණිස ලැබුණු මේ මස පළමුව දන් දෙන්නට
ශ‍්‍රද්ධා සිත පෙරටු කරන් සිතුණා මෙම දෙදෙනට
තෙල් මස මධු මස පෙණ මස පස් ආකාරයකට
පිළියෙළ වුණි සුමනාගේ දෙයතින් මේ විදියට

සැදැහ සිතින් වසා තැබු මස් හැළිවල මුවකට
සැදැහ සිතින් දන් දෙන්නයි පසුදින සඟ රුවනට
සැදැහවතුන් වුණි නම් අප හෙට අපගේ ගෙදරට
රහතුන් අට දෙනෙක් වඞීවා පැතුවා එකවිට

සැදැහ බැතින් කරන යමක් ඉටුවේ යන ලෝදම
සඳහන් වී ඇත බුදුබණ තුළ ඒ ගැන සැක කිම
දුටුවා සිහිනයක් තිස්ස නැවෑමියා මැදියම
ගිනි කඳ අටකින් පිරුණා මුලූ නිවසම අලූයම



තිස්ස නැවෑමියා සතුටු වී මන දොළ පිරෙයි කියා
ඇසිල්ලකින් පිබිදී ඔහු හදවත තුළ පිරුණු දයා
පිරිබඩ ගෙන සුවඳ පැණින් නිවසම පිරිසිදුව තියා
සුදු වැලි අතුරා එන මඟ දොරටුව පුන් කලස් තියා

පියුම් විලක් කරා බසින රාජ හංස පෙළක් සේය
කම්මර කිස්සසගේ ගෙට වැඩි මහරහතුන්  වහන්සේය
පසඟ පිහිටුවා වැන්දේ ඉහේ මලක් පිපුණ සේය
පිළියෙළ කළ දන්වැට මහ සඟ රුවනට පිදුව සේය

එදා පටන් නැවෑමියා දන් පින් කරමින් සිටියා
ආයුෂ කෙළවර වීමෙන් ඒ අත්බැව් මඟ හැරියා
රජ කුලයන උපදින්නට පෙර පින බලවත් වීයා
ගැමුණු රජුගේ පුත් වී ඉපදීමට බල ඇති වීයා

මහ පුදුමෙකි උපදින දින සිදුවුයේ මෙරට
රත් හැල් වැස්සකි වැටුනේ එක වි ටමහ පොළවට
මේනේරි කුරහන් ආදී පිරි ගබඩා මොනවට
සාලි වර්ග විය සැම දෙය කුමරුගේ පින් මහිමෙට

සෑම දෙනම මවිත කරන් ඉපදුණ මේ කුමරුට
සාලි රාජ කුමරා යයි නම් තැබුවා එකවිට
තෙදින් බලෙන් රුවෙන් ගුණෙන් වැඩෙනා මේ කුමරුට
දහසින් බැඳි පඩුරු ලැබිණි උයද හවා සැම විට

ලැබෙන ලැබෙන සෑම දේම යාචකයට දන් දෙන්නේ
මේ අතරේ දී ගැමුණු රජුත් යුව රජකම පවරන්නේ
අනුරාපුර දකුණු දිසාවේ මැදුරකි ඉදිවන්නේ
ලැබෙනා හැම අය බරක්ම නොනැවතීම දන් දෙන්නේ

මෙසේ වසන එක දිනයක සාලි රාජ කුමරයා
ඉසුරුමුණිය විහාරයට සිල් අරගෙන යන්න ගියා
ගැල් සියයක ලූ වස්තුව අනුරපුරට රැුගෙන හයා
ගෙන යන, තර සිදු වු දෙය මහ විශ්මිත දෙයකි මෙයා

ඉසුරුමුණිය විහාරයට ලං වෙන කල ගැල් කරුවෝ
කරින් හෙලූ විය ගහ ඇති ගැල නවතන ගොනු දුටුවෝ
කොතෙකුත් උත්සාහ කළ දගැල් පදවනු නොහැකි වුවෝ
මේ අතරෙදී එක වස්සෙක් රැුහෙන කඩා ගෙන දිව්වෝ

මවක කරා දිවයන්නා වසුපැටවෙකු සේ නිතිනා
සාලිය කුමරුගෙ ත්‍වහෙරට ඒ වසු පැටියා වැදුනා
ගැල් සියයයේ රැුඳි වස්තුව සමඟින් ඒ දෙස ඇදෙනා
ගැල් සාත්තු දුටු දන මන වස්තුව දැක පුදුම වුනා




සඟයෙනි නුඹ කුමක් පිණිස මෙහි ආ දැයි විමසනවා
පඬුරු රැුගෙන ඔබතුමාට අපි ආවෙමු පවස නවා
විසි දහසක් පමණ මහා සගගණ එහි කැඳවනවා
සියලූම වස්තුව එවිගස මහ රුවනට දන් දෙනවා

මේ අයුරින් දන් දෙනවිට ආදායම අඩුවෙනවා
ජනපද වැසියෝ දකුණේ මහ රජුනට පවසනවා
ඉදිරි දවසෙ රජ කටයුතු කළ නොහැකියි දන්වනවා
බටහිර දෙස මාලිගයක් කරවා පුතුහට දෙනවා

මලින් පිරුණ හෝපලූ ගස උඩ දසුනකි නරඹන්නේ
හෙළලෝලිය ගමනායක සැඩොල් දියණි උඩ ඉන්නේ
පුදුම වුනා මවිත උනා සිත පිරුණා කුමරුන්නේ
සොදුරිය තී කවරෙක්දැයි මට විගසින් කියපන්නේ

හද පටන් හිස දක්වා කුමරුන් ඇය රුව වනමින්
තොපගේ මඳ සිනා නමැති මුව රැුඳි සඳ රැුස් දහරින්
මා හදවත අනුරුවට පිනවා යන්නේ කෙළෙසින්
මගේ කුමුදු වනය නමැති සිත ප‍්‍රබෝධ වේ විගසින්

එපමණකින් නොනැවතුණා තව තව දේවල් ඇසුණා
තී කාගේ කවරෙක්දැයි මට දැන් කිව යුතුය මනා
තී තවමත් විවාහක ද අවිවාහක දැයි ඇසුණා
එබසට දේවි සැඩොලිය මේ ලෙස පිළිතුරු දුන්නා

හෙළලෝලි ගමනායක නැවෑමියා මගේ පියා
එනිසා මට සැඩොල් දුවක් වෙමි යනුවෙන් කියයි එයා
එබස් ඇසු සාලි කුමරු මෙවන් බසක් මුවග තියා
අසුචි වල තිබෙන මැණික් අර නොගනී ද දුටු ජනයා

කුලයෙන් මට කිමද පලේ රූපයටයි මට අගනේ
එනිසා ඔබ වහා ගසින් බැසිය යුතුයි නැගණියනේ
හෝපලූ ගස දී දුටු ඔබ අශෝකමාලා වන්නේ
යානාවක පිළිසන් තබලා දේවි ගෙන යන්නේ

උපත ලැබුවද සැඩොල් කුලයක උසස් වුයේ රූපයෙන්
කෙලෙසකද යනු දෙසු බුදුහිමි අතීතය ගෙන මේ ලෙසින්
එදා ලක්දිව කුලගෙයක දේවී උපන් සුමනා නමින්
බෝධි පුජා කිරීමට ඇය ගියා මව හා සමඟියෙන්

බඩසයින් පීඩිත වෙලා සුමනා බිබී කැඳ ගෙතුළදී
මල් පුදා පැන් සනසවා බෝ-  ගෙට ගියේ මව් ඉන් මිදී
වගුරුවා ඇති බත් උළු දුටු මව්තුමී කෝපේන් බැඳි
සැඩොල් කෙල්ලේ ඇයි මගේ ගෙය හැඩි කළේ යයි බැණ වැඳී

මව්තුමිය බැණ වැදුණු හින්දා ඇගේ හිත බොහෝමත්ම රිදුණා
මට නොවේ චණ්ඩාල කෙළි නම් නුඔමවේ යනුවෙන් කියන්නා
බෝ මලූව ඇමඳී කුසලයෙන් බොාහා් රූමත් වී ඉපදුණා
මවට බැණ වැදි පාපයෙන් ඈ කුල හීනවී ඉපදුණා

පෙර කරන ලද කුසල් අකුසල් අපේ පිටුපස හඹා එන්නේ
ගොනුන් පිටුපස ඇදෙන රථ රෝදය ලෙසිනි එය සිතට ගන්නේ
දේවී කුමරිය කළ පිනෙන් ඇය සාලි කුමරුට බිරිඳ වන්නේ
අසා සිටිනා සැම දෙනටම මහගු උපදේශයක් වන්නේ

සාලි කුමරුගේ දේවි සැඩොලිය රැුගෙන නුවරට ආවා
දුටුගැමුණු රජු ඇතුළු වැසියන් මුව පියුම් මුකුලිත වුණා
රජකමත් දෙමි, ඔටුනු පළඳමි පුතනුවනි මෙය නොකරනා
රජ කුලයට නිගාවකි පුත කළ යුතුයි දෙය ගැලපෙනා

කෙසේ කීවද සාලි කුමරුන් පිය රජුට අවනත නොවේ
දේවි යන නම මට වටිනවා රජකමට වැඩියෙන් ලොවේ
නැවත දිනයක ගැමුණු මහ රජු කැදවමින් බමුණන් රජ සවේ
පරීක්ෂා කර බලා එනු මැන දේවි කුමරිගෙ ගත සුවේ

දේවි කුමරිය බලා සපැමිණි බමුණු පඩිවරු රජ අනින්
රජුට පවසති ඇයගෙ රුව ගුන බමුනු පඩිවරු මේලෙසින්
සිරි කාන්තා තොමෝ වසනා ඒකුමරි වාසනාවන්
ඇය ලබන පින් ඇති ඔබේ පුතුවේය සක්විති රජුන්

මෙය ඇසු දුටුගැමුනු රජුගේ සිත ටිකෙන් ටික පැහැදුණා
තමන් නිවසට සපැමිණෙන බව රජු මුවින් දැන් ගිලිහුණා
දේවි කුමරිය බත්මාලූ පිස තබා රජමැති  පිනවනා
පෙර මගට ගොස් පිළිගනි ඇය මයිලනුවන් සතොසිනා

පිළියෙල කල දිවා බොජුන් දේවි කුමරියගේ සුරතින්
පිළිගැන්විනි මහ රජුනට දේවි කුමරිගෙ සුරතින්
රසවත් බව නිසා අහර පිනවා ගිය රස නහරින්
පිබිදුණා සිත ඇති මහරජු සිතුවා මේ ලෙස සතොසින්

ගුන නැන මිස කුල ගොත්වල අගයක් නැත කිසිදු විට
ගෝකුණ ඇති ගොරදගනී ගෝකුණ නොගනී
උපත ලැබුවත් දාවී දේවී කිසිවිට චණ්ඩාලයකුට
සාලිට පාවා දුන්නේ දේවි අත පැන් වත්කොට

අශෝකමාලා දේවිය සහ සාලිය කුමරු එදා
රන් රස සේ කල් ගෙවමින් සැප සම්පත් විඳින සඳා
දෙදෙනාතර විවාදයක් විය කුසලය බලය බෙදා
කුසල් බලය මගේ වැඩියි සාලි කුමරු කීය එදා

මෙම බසට උරණ වු දේවිය හිමිට කියනවා මෙලෙසින්
කුසල් බලය බැලූව මැනව මාගේ දැන් දැන් විගසින්
ඇඹුල් කැඳිත්තක් දෙවිදු රැුගෙන පැමිණියේ මොහොතින්
ඒ දුටු සාලිය කුමරු සිනාසුණා මහ හයියෙන්

සී.සී මට නින්දා නොකරන්න අනේ මා හිමියනි
මේ ඔසු කැඳ ඉතාමත්ම බලසම්පන්නය හිමියනි
මේ ඔසු කැඳ බීවෝතින් යම් යම් ලෙසකට හිමියනි
සියලූ රෝග නසා නිදුක් නීරෝගි වෙයි හිමියනි

කන් දී මේ බසට සාලිය කුමාරයා
ජරහන් මහලූ මිනිසකු කැඳ පොවා පියා
දුටු දන මවිත කරමින් ඒ මහලූ කයා
නාඹර තරුණයෙකු ලෙස සුන්දරව ගියා

මේ දුටු සාලි කුමරා විස්මිත විය
මාහට වඩා දේවි බලවත් විය
බීවත් කෙනෙක් කැඳ සළ අසු නොමවිය
පෙරටත් වඩා ආදර තව තර විය

මේ විස්මිත දසුන් නැරඹු දුටු ගැමුණු
මහ රජතුමා පැහැදි සිත සංසිදුණු
රජකම භාර දුන්නා පළදා ඔටුනු
රජකම නොවේ දේවිමයි මට වටිනු

පරසිදු මේ පුවත ඔබහට පවසන්න
මම කවි කලා එය ඔබහට දන්වන්න
කුල ගොත් වලට බැහැ පේ‍්‍රමය පරදන්න
ආශෝකමාලා සාලිය පෙම් පුවතයි ඔබ මේ දැන ගන්න








5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. kulen usas pahath wada karana minissuth innawa

      Delete
  2. ජාතක කතාවක් ඉතාමත් රසවත්ව, කෙටියෙන් කවියට නගා තිබෙනවා.....

    ReplyDelete

Powered by Blogger.