මාධ්‍ය නිදහස යන්න ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළත් දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් එක සේ සංවාදශීලි මාතෘකාවකි. මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින්ම පිළිගෙන සහතික කරඇති භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අතිශය වැදගත්ය. අතීතයේ දී තොරතුරු හා දැනූම ප‍්‍රකාශයට පත් කිරීම සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම සහ ප‍්‍රාථමික මුලාශ‍්‍ර ඔස්සේ සිදුවිය. එහෙත් වර්තමානය වනවිට තාක්ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයක් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජ ගතවීමේ ක‍්‍රමික වර්ධනයත් සමඟ ප‍්‍රකාශන නිදහස පිළිබඳව සාකච්ඡුාවට ලක්විය. එමනිසා වර්තමානය වෙනවිට තොරතුරු ප‍්‍රකාශනය හා බැඳුණු මාධ්‍ය නිදහස අතර ඝට්ටනයක් පවතී.යම් සිදුවීමක් පිළිබඳව විස්තරාත්මක ආකෘතියක් ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ශක්‍යතාව පවතින්නේ පුවත්පතටය. ඇතැම් අවස්ථාවලදී පුවත්පත් කලාවේදීන් යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා කිරිමේ දී එහි අනන්තය දක්වාම ගොස් පාඨකයාට සත්‍ය හා විශ්වාසනීය තොරතුරු අපක්ෂපාතී වාර්තාකරණයක් හරහා ලබා දීමට උත්සාහ කරයි.මෙහි දී සිදුවීමට අදාළ පුද්ගලයා කවරෙක්ද?ඔහු නියෝජනය කරන සමාජ පන්තිය කුමක්ද යන කාරණා පුවත්පත් කලාවේදියාට අදාළ වන්නේ නැත. ඔහුට අවශ්‍ය වන්නේ පාඨකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උපරිම ආකාරයෙන් සම්පුර්ණ කිරීමට වේ.
මේ නිසා විද්‍යුත් මාධ්‍යයට සාපේක්ෂව විශේෂයෙන්ම පුවත්පත් වාර්තාකරණයේ දී මාධ්‍යවේදීන් විවිධාකාර වු ශාරීරික හා මානසික හිංසනයන්ට ලක් වී තිබේ. හිංසනය යනුවෙන් අර්ථවත් වන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මඟින් හිරිහැරයට හෝ පීඩාවට පත්වීමය. මෙම හිරිහැරය කිරීම, අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම,රඳවා තබාගැනීම, යනාදිය ශාරීරික හිංසනයට අයත් වේ.තර්ජනය කිරීම,රැුකියාව අහිමි කිරීම, මාධ්‍ය ආයතන වසා දැමිම, මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගන්න බව ප‍්‍රකාශ කිරීම මානසික හිංසනයන්ට අයත් වේ.
”ජනමාධ්‍යවේදියාගේ රස්සාව යනු ඇත්ත වසන් කිරීමම රස්සාක් කරගත් අය පිළිබඳ ඇත්ත කීමය.”
(බිල් මොයර්ස් )
මෙම නිර්වචනයට අනුව පැහැදිලි වන්නේ ජනමාධ්‍යවේදියා යනු සත්‍යය ගවේෂණය කරමින් නිවැරදි දේ වාර්තා කිරීම වෙනුවෙන් කි‍්‍රයා කරන්නෙකු වන බවයි. ඇත්ත වසන් කරන්නන්ගේ තොරතුරු සොයා යාමේදී ජනමාධ්‍යවේදියාට ඇතැම් අවස්ථාවල හිංසනයට ලක්වීමට සිදුවේ. එහෙත් ඔහුගේ කාර්යය නිසි පරිදි සත්‍ය තොරතුරු වාර්තා කිරීමයි.
එක්සත් ජනපදයේ ඇති ප්‍රධානතම ආයතනය වන්නේ වෘත්තියමය පත්‍රකලාවේදීන්ගේ සංගමයයිග එහි සදාචාර සංග්‍රහයේ පූර්විකාවේ දැක්වෙන පරිදිල
ජනතාව දැනුවත් කිරීම සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමයග ”පත්‍රකලාවේදීන්ගේ වගකීම නම් සත්‍ය සොයා ගොස් සිදුවීම් පිළිබදව සාධාරණ විස්තරයක් සැපයිමයග පත්‍රකලාවේදීන් මහජනයාට අවංක විය යුතුයග වෘත්තිය අවංක භාවයේ පදනම වන්නේ පත්‍රකලාවේදියාගේ විශ්වාසනියත්වයයි.
”පුවත්පත් නැති ආණ්ඩුවක් ඇති සමාජයක් සහ ආණ්ඩුවක් නැති පුවත්පත් ඇති සමාජයක් අතර තේරීමකට බල කෙරෙතොත් නොපැළකිලිවම මා තෝරා ගන්නේ දෙවැන්නයි.”
(තෝමස් ජෙපර්සන් *
මෙම නිර්වචනයට අනුව පුවත්පත් මාධ්‍යය යනු ගාමක බලවේගයක් හිමි සමාජයේ පෙරගමන්කරුවෙකු බව පැහැදිලි වේ.
" සෑම පුවත් සංවිධානයක්ම ඔවුන්ගේ විශ්වාසවන්තනීය බව සහ කීර්තිය මත රැඳී පවතී”
- ටෝනබර්මන් - ක්‍ඊී නිවුස් - ප්‍රධාන කතෘග
සත්‍යවාදී බවල නිවරදි බවල වාස්තවික බවල අපක්ෂපාති බවල සාධාරණ බවල ජනතාවට වගකීම මේවා පුවත්පත් ලබාගැනීමේ දී හා ඒවා ජනතාවට ලබාදීමේ දී ඉතා වැදගත් වේ.
ඇතැම් විට පත්‍රකලාවේදීන් සිය මූලාශ්‍ර සමග කටයුතු කිරීමේ දී රහසිගත බව සුරැකිය යුතුයග මෙයට අනුව පොලීසිය හෝ නීතීඥවරුන් ඉදිරියේ පවා සිය මූලාශ්‍රවල අනන්‍යතාව සුරැකීමට පත්‍රකලාවේදීන් බැඳී සිටිග එහෙත් මූලාශ්‍ර හෙළි නොකිරීම නිසා මාධ්‍යවේදීන් සිරගත කිරීමට පවා සිදු වී ඇතග
පත්‍රකලාවේදීන්ගේ අයිතිවාසිකම් රටින් රටට වෙනස් වේග උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ රජයට සම්බන්ධ තොරතුරු සුරැකීම සඳහා වැඩි බලයක් ඇති අතර එක්සත් ජනපදයේ මෙන් නොව මෙහි දී මූලාශ්‍ර හෙළි කිරීමට මාධ්‍යවේදීන්ට දැඩිව බලපෑම් කළ හැකග සිම්බාබ්බේ සහ මහජන චීනය වැනි රටවල දේශීය හා විදේශීය පත්‍රකලාවේදීන් වද හිංසාවට ලක් කිරීමේ ඉතිහාසක් ඇතග
එක්සත් ජනපදයේ ෆෙඩරල් උසාවිය තුළ කිසිම දිනක මූලාශ්‍ර සුරැකීමේ අයිතියක් පිළිගෙන නැතග සමහර විට විවිධ මට්ටම් වල මෙම අයිතිය ක්‍රියාත්මක වේග එහෙත් ෆෙඩරල් අධිකරණය පත්‍රකලාවේදීන්ට මූලාශ්‍ර හෙළි කිරීමට නියෝග කරන්නේ එම තොරතුරු නඩුවට දැඩිව අදාලවන විට හෝ එම තොරතුරු ලබා ගැනීමට වෙනත් මාර්ගයක් නොමැති නම් පමණිග තොරතුරු ලබා නොදෙන මාධ්‍යවේදීන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඩ නියම කිරීමට හෝ සිරගත කිරීමට හැකග
එක්සත් ජනපදයේ ඇති ප්‍රධානතම ආයතනය වන්නේ වෘත්තියමය පත්‍රකලාවේදීන්ගේ සංගමයකිග එහි සදාචාර සංග්‍රහයේ පූර්විකාවේ දැක්වෙන පරිදි ජනතාව දැනුවත් කිරීම සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමයග ”පත්‍රකලාවේදීන්ගේ වගකීම නම් සත්‍ය සොයා ගොස් සිදුවීම් පිළිබදව සාධාරණ විස්තරයක් සැපයිමයග පත්‍රකලාවේදීන් මහජනයාට අවංක විය යුතුයග වෘත්තිය අවංක භාවයේ පදනම වන්නේ පත්‍රකලාවේදියාගේ විශ්වාසනියත්වයයිග
තම පාඨකයා උදෙසා උපරිම ආකාරයෙන් සත්‍ය හා විශ්වසනීය තොරතුරු ලබාදෙමින් වාර්තාකරණයේ නිරත වනවිට ඇතැම් අවස්ථාවල මාධ්‍යවේදීන් හිංසනයට ලක්වන බව පැහැදිලිය.
නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක තොරතුරු දැනගැනීමේ හා ප‍්‍රකාශනයේ නිදහස තිබිය යුතුය. එහෙත් අපේ රටේ මේ වෙනුවෙන් පවතින ඉඩප‍්‍රස්ථාව පිළිබඳව සතුටු විය නොහැකිය. පුවත්පතක සේවය කරන පුවත්පත් කලාවේදීන්ට සිය අභිමතය පරිදි මාධ්‍යය හැසිරවීමට නොලැබේ. මෙහිදී ඔවුන්ට විවිධ වු අභියෝගයන්ට මුහුණ දීමට සිදුවේ. ඇතැම් විට පුවත්පත් කලාවේදීන්ට පුවත්පත් දේශපාලනයට අනුගත වීමට සිදුවේ. තමන්ගේ පෞද්ගලික දේශපාලන අදහස් අනුව පෞද්ගලික ජිවිතය තුළ කටයුතු කිරීමේ අවස්ථා ද ඇතැම් විට ඇහිරී යයි. හිමිකාරීත්වයේ පක්ෂපාතීත්වය මත තම දරන දේශපාලන අදහස් හා කි‍්‍රයාකාරකම් වෙනස් කරගත යුතුය. එසේ නොවුණහොත් රැුකියාව අහිමි විය හැකිය.
1947 මැතිවරණ සමයේ ”පෙරමුණ ”සතිපතා පුවත්පත ඇසුරින් මීට උදාහරණයක් දැක්විය හැකිය. එහි හිමිකාරිත්වය දැරූ පිරිසකට එම මැතිවරණයේ කැලණිය ආයතනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වු ජේ. ආර් ජයවර්ධන ද අයත් විය. පුවත්පත් වාර්තාකරුවකු වු ධර්මසිරි ජයකොඩි මැතිවරණයේ දී සමසමාජ පක්ෂ අපේක්ෂකයාට පක්ෂව කටයුතු කළේය. එහි අවසන් ප‍්‍රතිඵලය වුයේ පසුදා ඔහු කාර්යාලයට ගියවිට සේවයෙන් ඉවත් කළ බව දන්වා සිටීමයි. මේ අනුව පැහැදිලි වන්නේ මාධ්‍යවේදීන් මර්දනය කිරීම කුමන රජයක් පැවතිය ද නතර නොවන බවයි. පසුගිය ආණ්ඩුව ඇතුළත මාධ්‍යවේදීන් මර්දනයට ලක්වීමෙහි ඉහළ ප‍්‍රවණතාවයක් දක්නට තිබුණි. එහෙත් වර්තමානයේ පවතින රජය යටතේ එහි යම් අඩු බවක් දක්නට තිබේ. ඒ කෙසේ වුවද මෙම නිදහස කොතෙක් දුරට පවතීද යන්න නිශ්චිතව කිව නොහැකිය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මාධ්‍ය නිදහස, මාධ්‍යවේදීන්ගේ අභිමතය පරිදි මාධ්‍යය හැසිරවීමට අවශ්‍ය වාතාවරණය රට ඇතුළත නිර්මාණය කළ යුතු කාලය එළඹ ඇත.
Good aricle.. keep it up your writing ...
ReplyDeleteGood aricle.. keep it up your writing ...
ReplyDeleteGreat view. Keep up the spirit !!!
ReplyDeleteGreat view. Keep up the spirit !!!
ReplyDeleteවැදගත් ලිපියක්.
ReplyDeletekeep it up.... valuable article
ReplyDeleteThank you
ReplyDeleteada samajeta gelapenawa...
ReplyDelete