Monday, August 8, 2016

ප‍්‍රථම මාධ්‍ය වාර්තාකරු ජෝර්ජ් වින්ටර්ගේ, සොහොන් කොත සොයා........

Malsha Gamage

එංගලන්ත සභාව  විසින් ලංකාවේ ඉදිකළ පැරණිතම දේවස්ථානයක් ලෙස ගාල්ල බද්දේගම පිහිටි ක‍්‍රිස්තු දේවස්ථානය හැඳින්විය හැකිය. එංගලන්තයේ සිට නැව් නැග ලක්දිවට පැමිණි ක්‍ගඵගී මිෂනාරීවරු බද්දේගම ගිං ගඟ තීරයේ රමණීය කඳු වැටියක් සිය නැවතුම්පළ ලෙස තෝරා ගත්තේ දේවස්ථානයක් ඉදිකිරීමේ අරමුණ ඇතිවයි. වර්ෂ 1822 දී බද්දේගම කි‍්‍රස්තු දේවස්ථානය ආරම්භ කර දෙවියන් උදෙසා කැප කර එලෙසය. මේ කාලය තුළදීම කෝට්ටේ ප‍්‍රදේශයේ ද දේවස්ථානයක් ඉදි වී ඇති අතර වර්තමානයේ දී බද්දේගම ප‍්‍රදේශයේ ස්ථාපිත කළ මෙම දේවස්ථානය පමණක් එදා පැවති ආකාරයටම අදටත් දැකගත හැකිය.

මෙම කි‍්‍රස්තු දේවස්ථානය නිරිමාණයේ දී පැරණිතම ගෘහ නිර්මාණ ශිල්පය යොදා ගත් බවට සාක්ෂියක් ලෙස දේවස්ථානයට පිවිසෙන දොරටුව අසල කැටයම් කරන ලද සඳකඩ පහණ හැඳින්විය හැකිය. එසේම ගම්පල යුගයට අයත් ගෘහ නිර්මාණ ශිල්පයද යම් ප‍්‍රමාණයකට දේවස්ථානය ඉදි කිරීමට යොදාගෙන ඇත.

දේවස්ථානය ආරම්භයේ පළමු පියතුමා ලෙස කටයුතු කර තිබුණේ රොබට් මේයර් පියතුමාය. කි‍්‍රස්තු දේවස්ථානය ආරම්භ වීමෙන් අනතුරුව එම ක\ු වැටියේම පාසලක් ඉදිවිය. මුල් කාලීනව පෞද්ගලික පාසලක් ලෙස ආරම්භ වුණු මෙහි මුලික අරමුණ වුයේ විධිමත් ඉංගී‍්‍රසි අධ්‍යාපනයක් ලබාදීමයි. පාසල ඇතුළත පරිපාලන කටයුතු සඳහා විදුහල්පතිවරුන්ද ගුරුවරුන්ද තෝරාගනු ලැබුවේ දේවස්ථානය මැදිහත්වීමෙනි. එදා පෞද්ගලික පාසලක් ලෙස ආරම්භ කළ මෙම පාසල වර්තමානයේ ගා/ කි‍්‍රස්තුදේව බාලිකා  විිද්‍යාලය ලෙස දකුණු ලක බබළවයි. දකුණු ලක දේවස්ථාන අතර මෙම පළාතේ පැරණි පරම්පරාගත කිතුණුවන් සිටිම දේවස්ථානයේ ඉදිරි ගමනට ආශිර්වාදයක් වී ඇත.

දේවස්ථානය හා ගම සමඟ පවතින සබඳතාව තහවුරු කරමින් බද්දේගම සුමග සංකීර්ණය බිහිවිය. මෙම ආයතනය මඟින් කෘෂිකර්මය හා සත්ව පාලනය පිළිබඳව දැනුමක් ප‍්‍රදේශවාසීන්ට ලබාදීම අරමුණ විය. සුමග ආයතනයට ඒකාබද්ධව දිවා සුරැුකුම් මධ්‍යස්ථානයක් ද මෙහි පවතී.

දේවස්ථානයක් දකුණු දිශාවේ බිම් තීරය සොහෙන් බිමක් සඳහා වෙන්කර තිබෙනු දක්නට ලැබේ. ප‍්‍රථම මාධ්‍ය වාර්තාකරු ලෙස හැඳින්වෙන ජෝර්ජ් වින්ටර් මිහිදන් කර තිබෙන සොහොන් කොතද මෙහිදී දැකගත හැකිය. මෙම සොහොන් කොත දේවස්ථානයට ඓතිහාසික වටිනාකමක් එක් කරනු ලබයි. ශී‍්‍ර ලංකාවේ වැදගත් වන පැරණිතම දේවස්ථානයක් ලෙස සලකන බද්දේගම කි‍්‍රස්තු දේවස්ථානය පිළිබඳ ඉතිහාසය විධිමත් ලෙස ලේඛන ගත වීමක් දක්නට නොලැබෙන තරම්ය. ඒ කෙසේ වුවද ඓතිහාසික වැදගත්කමකින් යුත් මෙවැනි දේවස්ථාන රැුක ගැනීම කිතුණු භක්තිකයන්ගේ මෙන්ම අප සියලු දෙනාගේම වගකීමක් සේ සලකමු.


7 comments:

  1. ඔයාලගෙ ගමේ තැනක් නේද

    ReplyDelete
  2. ඔයාලගෙ ගමේ තැනක් නේද

    ReplyDelete
  3. ලස්සන ලිපියක්.හොදට ලියලා තියෙනවා.ගමේ දේ රටට කියන එක හරි වටිනවා.

    ReplyDelete
  4. ප්‍රදේශයක පිහිටි ස්ථානයක ඓතිහාසික තොරතුරු හෙලිවන වටිනා ලිපියක්.

    ReplyDelete
  5. ප්‍රදේශයක පිහිටි ස්ථානයක ඓතිහාසික තොරතුරු හෙලිවන වටිනා ලිපියක්.

    ReplyDelete

Powered by Blogger.