Thursday, July 21, 2016

ගුණදාස අමරසේකරයන්ගේ නිර්මාණ සහ අන්තර් සංස්කෘතිය

Malsha Gamage















නව කතාව, කෙටි කතාව හා පද්‍ය රචනයෙහි මෙන් ම විචාර කලාවෙහි ද එක ලෙස
සමත්කම් පාන දුර්ලභ ගණයේ ලේඛකයෙකු වශයෙන් ගුණදාස අමරසේකරයන්
පෙන්වා දියහැකිය. මෙතුමා උපත ලද්දේ ගාලූ දිස්ති‍්‍රක්කයට අයත් යටලමත්ත නම්
ප‍්‍රදේශයේ දී 1929 නොවැම්බර් මස 12 වන දිනය. යටලමත්ත රජයේ පාසලින් හා
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු මෙතුමා ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාලයේ
දන්ත වෛද්‍ය පීඨයට පිවිස දන්ත වෛද්‍ය උපාධිය දිනා ගත්තේය. පසුව දන්ත
වෛද්‍යවරයෙකු වශයෙන් රජයේ දන්ත වෛද්‍යායතනයට බැදුණු අමරසේකරයෝ එහි
අධිපති ධූරය දක්වා උසස් වීම් ලැබූහ.


අමරසේකරගේ ලේඛන කුසලතා එළි දකින්නට පටන් ගැනුණේ
පේරාදෙණි සරසවියේ සිසුවෙකු ව සිටි සමයේදී ය. මුද්‍රණයෙන් නිකුත් වු ඔහුගේ මුල්ම
කෙටිකතා සංග‍්‍රහය ”රතුරෝස මල”වන අතර ජීවන සුවඳ ,එකම කථාව එක්ටැමෙන්
පොළවට, කතා පහක්, ගල් පිළිමය සහ බොල් පිළිමය, මරණ මංචකයේ දුටු සිහිනය,
පිළිම ලොවයි පියෙවි ලොවයි හා විල්තෙර මරණය යනුවෙන් ඔහු අතින් මේ  වන විට
කෙටිකතා කෘති නවයක් ලියැවී තිබෙි. ගුණදාස අමරසේකරයන්ගේ ප‍්‍රථම නව කතාව ”
කරුමක්කාරයෝ” නමි වු අතර යළි උපන්නෙමි, දෙපා නොලද්දො,් ගන්ධබ්බ අපදානය,
අසත්‍ය කතාවක්, ගමනක මුල, ඉණි මගේ ඉහලට, ගමනක මැද ඔහුගේ සෙසු නව
කතා වෙයි. භාව ගීත, උයනක හිඳ ලියු කවි, අමල් බිසො,් ආවර්්ජනා, අසක්දා කව
එතුමාගේ කාව්‍ය කෘතින් වේ කිහිප වරක්ම රාජ්‍ය සමිමානයෙන් ද පිදුම් ලැබු ඔහුගේ   
 ඇතැම් පොත් විදෙස්  භාෂාවන්ට ද පරීවර්තනය වී තිබේ.


අමරසේකරයන් සිය ලේඛන කාර්යයේ දී අන්තර් සංස්කෘතිය තම නිර්මාණ වලට
කොතෙක් දුරට යොදා ගත්තේ ද යන්න මෙතැන් සිට අධ්‍යයනය කිරීමට
බලාපොරොත්තු වේ. කෙටිකතාව හා අමරසේකර
අමරසේකරයන් කෙටිකතා රචනයේ දී විශේෂයෙන් රුසියානු හා ප‍්‍රංශ ආභසය
ලබා ඇති බව හනාගත හැකිය. ගීද මෝපසාං නැමැති ලේඛකයා හරහා ප‍්‍රංශ ආභාසය
ලබා ඇත. මෝපසාංගේ කථාවල දක්නට ලැබුණු

1 මුල මැද අග යන අංග වලින් යුක්ත වීම
2 කථාව ආරමිභයේ පාඨකයා වික්ෂිප්ත කිරීම.
3 කථාව අවසානයේ ඝටිටනය උපරිම කිරීම.


යනා දී ලක්ෂණ බයිසිකලය,ලිපිකරුවෝ දෙදෙන, ජීවන සුවඳ, ගැමිකත, මිත‍්‍රයෝ
දෙදෙන යනා දී කෙටිකතා තුළ දැකිය හැකිය. රුසියානු ආභාසය ලබා ඇත්තේ ඇන්ටන් චෙකොෆ්,නිකොලායි
ගොගොල්,ඇලෙක්සැන්ඩර් ගාර්ෂින් වැනි විශිෂ්ට ගණයේ රුසියානු ලේඛකයන්ගෙනි.
ඇන්ටන් චෙකොෆ්ගේ කෙටි කතාවල දක්නට ලැබුණු ලක්ෂණ බොහෝ දුරට
අමරසේකරයන්ගේ කෙටිකතාවල තිබුණි.


1 කිසියමි පුද්ගලයෙකුගේ චරිතයක් නොහොත් සිතක් විස්තර කීරීම.
2 ක‍්‍රමානුකුල අන්දමට අසුරන ලද සිදුවීම් පෙළක් නොමැතිවීම.
3 පාඨකයා කුතුහලයට පත් නොකිරීම.
4 පරිසරය පිළිබඳ වර්ණනා කිරීම.
5 හදිසියේම ආරමිභ කර හදිසියේම අවසන් කිරිම.


යනා දී ලක්ෂණ අමරසේකරයන්ගේ නිර්මාණ වල දක්නට ලැබුණේ චෙකොෆ්ගේ
ආභාසය තුළිනි.
චෙකොෆ්ගේ කෙටිකතා කියවන විට හමුවන යෙදුමි කීපයක් අමරසේකරගේ කෙටිකතා
තුළ ද දක්නට ලැබේ.
උදා ”වියරු වැටීමට ආසන්න එකකු මෙන්”
ගස්වල බොහෝ සේ මල් පිපෙන කාලයද පැමිණියේය.
මා තුළ ඇති වුයේ පරාජිතයෙකුගේ ශෝකයකි.
චෙකොෆ්ගේ බොහෝ කෙටිකතාවල ”ම ශබ්දාකාරයෙන් අවසන් වීම තවත් ලක්ෂණයකි.

උදා දැයි මම නොදනිමි.”
දැයි මට මතක නැත”
දැයි මට කිව නොහැක”

රතු රෝස මල,ජීවන සුවඳ කෙටිකතාවල මෙම නිදසුන් දැකිය හැකිය. (මම ආදී වශයෙන් * කථකයා උත්තම පුරුෂ ඒක වචනයෙන් කථාවල යෙදීම.

ටෝල්ස්ටෝයි, ඩොස්ටොවුස්කි, හා ගෝර්කි වැනි නව කථාකරුවන් විසිනුත් ඇන්ටන්
චෙකොෆ් හා බුනින් වැනි කෙටි කතාකරුවන් විසිනුත් බෙහෙවින්අනුගමනය කරන ලද
ක‍්‍රමයකි. 

උදා ගුරුවරයා, දාවින් අයියා, මාමාගේ ඉඩම, සෝමා, අම්මාගේ ශෝකය,
අව්ව, වෙසක් කුඩුව, ආපසු ගමන,නිවාඩුව

ගුණදාස අමරසේකරගේ කෙටි කතාවල වල දක්නට ලැබෙන භාෂා විලාශය චෙකොෆ්
තම කෙටි කතා ලිවීම සඳහා උපයෝගී කරගත් භාෂා විලාශයට බෙහෙවින් සමාන බව
කිව හැකිය . චෙකොෆ්ගේ මෙන් අමරසේකරගේ භාෂාව සරලයxවාක්‍ය කෙටිය. මෙය
වඩාත් පැහැදිලිව පෙනෙන්නේ ඔවුන් දෙදෙනා විසින් එක හා සමාන අවස්ථාවක් හෝ
වස්තුවක් විස්තර කොට ඇති සැටි පිරික්සා බලන විටය.

අමරසේකරගේ ජීවන සුවඳ හා චෙකොෆ්ගේ ගුසේන් හි එන සැදෑ වැනුම්
දෙක මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය.

”සැදෑ අහස නොයෙක් වර්ණයන්ගෙන් යුත් වළාකුළු වලින් වැඞී ඇති සැටි අපි
එවෙිලෙහි දුටුවෙමුxඒ වළාකුළු මොන පාටින් සෑදුණුඒවා ද? ඈත ක්ෂිතජය අසල
වළාකුළු තද රතු පැහැතියxඉක්බ්තිව ඒවා දන් ,කහ, රෝස ආදී වශයෙන් වර්ණයෙන්
හීන වෙයි.

”(ජීවන සුවඳ*
”මෙි වෙිලේ බටහිර අහසෙහි වළාකුළු ගොඩගැසී තිබුණි . වළාකුළු වලට පිටිපසින්
ව්නිවිද යන කොළ පැහැ එළියක් අහස මැද තෙක් විහිදී තිබුණේය. මඳ වෙිලාවකින් ඊට
පිටුපසින් දමි පැහැයක් ඇතිවිය.  අනතුරුව රත් පැහැයක් ද රෝස පැහැයක් ද ඇතිවිය.


(ගුසේන්*
චෙකොෆ්ගේ ආභාසය ලබා රචනා කරන ලද කෙටි කතා කිහිපයක් නිදසුන් ලෙස
මෙලෙස දැක්විය හැකිය

 චෙකොෆ් ගේ ”චන්කා”” කෙටි කතාව මුල් කර ගනිමින් අමරසේකරයන් ”අවුරුදු
සිහිනය ”රචනා කරයි.(නගරයේ ගෙදරක නතර කර සිටි චන්කාට නත්තලට
ගෙදර යාමට තිබු ආශාව මෙන් ම අවුරුදු සිහිනයේ එන පියසේනට ද සිංහල
අවුරුද්දට පෙර ගෙදර යාමට තිබු ආශාව එක හා සමානය.

*
 චෙකොෆ්ගේ ”සුන්දරීයෝ දෙදෙන” කෙටි කතාවෙි එන රචනා ශෛලිය
බොහෝ දුරට අමරසේකරගේ ”අවිව” කෙටි කතාවට සමාන වෙි.(මෙම කථා
දෙකම රචනා වී ඇත්තේ ළමයින් දෙදෙනෙකු මත අත්දැකීමි විස්තර කරන
ආකාරයෙනි.
*
 ”චෙරි වත්ත” නාට්‍යය පදනමි කරගෙන ”අම්මාගේ ශෝකය” කෙටි කතාව රචනා
කර ඇත.(වෙනස් වන සමාජයට අනුරූපීව තම ජිවිතය වෙනස් කර ගත යුතුයි
යන සත්‍යය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරන්නවුන් දෙදෙනෙකු ගැන නිරූපණය
වෙි.
*
එසේම නිකොලායි ගොගොල්ගේ ආභාසය ද ලබා ඇති බව පෙනේ.
උදා ඔහුගේ ”කබාය” කෙටි කතාව පදනමි කරගෙන අමරසේකරයන් ”
බයිසිකලය”රචනා කර ඇත. මෙම කෙටි කතා දෙකේ අවසානය එක හා සමානය.
තව ද ඇලෙක්සැන්ඩර් ගාර්ෂින් නැමැති රුසියානු ලේඛකයාගේ ආභාසය ද යම්තාක්
දුරකට ලබා ඇති බව පෙනේ.

උදා ඇලෙක්සැන්ඩර්ගේ ”රතුමල” කෙටි කතාව පදනමි කරගෙන
අමරසේකරයන් ”රතු රෝසමල” රචනා කරයි.(වස්තු බීජය අතින් එක සමාන වෙි.උමතු
මානසික රෝගියෙකු වස්තු බීජය කරගනී.
*


නව කතාව හා අමරසේකර



අමරසේකරයන් නව කතා රචනයේ දී රුසියානු ආභාසය මෙන් ම යුරෝපීය
ආභාසය ද ලබා ඇති බව පෙනේ.මෙහි දී මැක්සිමි ගෝර්කි හා ඩොස්ටොවුස්කි යන
රුසියානු ලේඛකයන්ගේ ආභාසය මෙන්ම ඞීxඑචි ලෝරන්ස් නැමැති ඉංගී‍්‍රසි නව
කතාකරුවාගේ බලපෑම කැපී පෙනේ.

අමරසේකරයන් රචනා කරන ලද ”යළි උපන්නෙමි” නව කතාවට මැක්සිම් ගෝර්කිගේ
නිර්මාණ කිහිපයක් පදනම් කරගෙන ඇත.

එනම්
පාපොචිචාරණය නව කතාව
ෆෝමා ගෝර්ඬේයේෆ් නව කතාව
මැතිව් කොස්හෙමියැකින්ගේ ජිවිතය නව කතාව

යනාදිය වේ.යළි උපන්නෙමි නව කතාව ගැඹුරු දාර්ශනික කරුණු ගැන සිතමින් කල්
ගෙවන රණතුංගගේ ගුඪ චරිතය විදහා දක්වයි.ෆෝමා ගෝර්ඬේයේෆ් නව කතාවෙි එන
නිකිතා නමි තැනැත්තාගෙන් මෙහි එන රණතුංග චරිතය පෝෂණය වී ඇත. එසේම
මැතිව් කොස්හෙමියැකින්ගේ ජිවිතය නව කතවෙි එන ප‍්‍රධාන චරිතය වන මැතිවි
කොස්හෙමියැකින් එක්තරා අවදියක දී ගත කළ මුඩුක්කු ජිවිතයත් යළි උපන්නෙමි නව
කතාවෙි එන රණතුංග ගත කළ මුඩුක්කු ජිවිතයත් බොහෝ ්දුරට එක සමානය.යළි
උපන්නෙමි මනෝ විද්‍යාත්මක නව කථාවකි.මේ සඳහා යුරෝපයේ රචනා කරන ලද
නව කතාවල දක්නට ලැබෙන විඥාන ධාරා ක‍්‍රමය ආදී මනෝ විද්‍යාත්මක ලක්ෂණ
දක්නට ලැබුණි.යළි උපන්නෙමි නව කතාව තුළ ජේමිස් ජොයිස්ගේ,ඩෙරොතී
රිචඞ්සන්ගේ,වර්ජිනියා වුල්ප් වැනි බටහිර නව කතාකරුවන් යොදාගත් ඇතැම් ලක්ෂණ
දක්නට ලැබුණි.

එසේම යළි උපන්නෙමි රචනා කිරීමෙි දී මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ ආභාසය ද
යම්තාක් දුරකට ලබා ඇති බව සඳහන් කළ හැකියxයළි උපන්නෙමි රචනා කිරීමේ දි
විරාගයට සමාන්තර ලෙස රචනා කරයිxආරම්භය බොහෝ දුරට විරාගයේ ආරම්භයට
සමානය.

උදා ” විරාගයේ සැමී මෙන් ම යළි උපන්නෙමි හී ගුණේ ද තමාගේ පැරණි
මිතුරෙකු සොයමින් සිටිනු පාඨකයාට මුලින්ම දක්නට ලැබේ.සැමී සොයන්නේ
අරවින්දය. ගුණේ සොයන්නේ රණතුංගයxඅරවින්ද ගැන හෝඩුවාවක් පමණක් නොව මිය
ගිය ඔහුගේ ජීවිත කථාව ද සැමීට සිරිදාසගෙන් ලැබෙයිxරණතුංග ගැන හෝඩුවාවක්
ගුණේට ලැබෙන්නේ පරණ මිතුරෙකු වු ආරියදාසගෙනි.
මේ ආකරයට අමරසේකරයන් යළි උපන්නෙමි රචනයේ දී වික‍්‍රමසිංහයන්ගේ ආභාසය
ලබා ඇති බව පෙන්වා දිය හැකිය.

1961 දී ලියා පළ කල ”දෙපා නොලද්දෝ” නව කතාව තුළ බොහෝ රුසියානු
නව කතාවන්හි දක්නට ලැබෙන අංග දැකිය හැකියxදෙපා නොලද්දෝ වු කලී
උගත්කමක් තිබෙන ,එහෙත් කයින් පමණක් නොව සිතින් ද දුබල නිෂ්කී‍්‍රය චරිතයක්
ඇති තරුණයෙකුගේ කථාවකි. මේ සඳහා ප‍්‍රධාන පෙළේ රුසීයන් ලේඛකයෙකු වූ
ඩොස්ටොවුස්කිගේ ආභාසය ලබා ඇත.ඔහුගේ රචනයේ තිබු ලක්ෂණයක් වුයේ නව
කතාවෙි එන ප‍්‍රධාන පුද්ගලයන් අතර හුවමාරු වු ලියුම් ගණනාවක් කථාව විකාශනය
කිරීමට යොදා ගැනීමයි.

උදා ඩොස්ටොවුස්කිගේ ”දුප්පත්තු” නව කතාව ලියුම් 9 ක් පදනම් කරගෙන
ලියුවකිxමේ ආකාරයට වස්තු බීජය අතින් මෙන්ම රචනා ක‍්‍රමය අතින්ද දෙපා නොලද්දෝ
ඩොස්ටොවුස්කිගේ දුප්පත්තු නව කතාවට සමාන වේ. ඞ් එච් ලෝරන්ස් නැමැති ඉංගී‍්‍රසි නව කතාකරුවාගෙ ් ආභාසය ලබා ඇති බව

කරුමක්කාරයෝ ,දෙපා නොලද්දෝ,ගන්ධබ්බ අපදානය,යළි උපන්නෙමි යන කෘති
හරහා ද ඉස්මතු වී පෙනේ.අමරසේකර සිංහල නව කතාවේ විශාල පෙරළියක් කිරීමට
උපයෝගී කර ගත්තේ ඞී එච් ලෝරන්ස් නැමැති නව කතාකරුවා වේ.

පද්‍ය රචනය හා අමරසේකර


අමරසේකරයන් කවියෙකු ලෙස බටහිර කවියේ අන්තර්ගතය ඔස්සේ තම කාව්‍ය
නිර්මාණ ප‍්‍රබල ලෙස පෝෂණය කළේය. 

උදා ඞී එච් ලෝරන්ස්ගේ” ඔ්‍යෑ ීභ්ණෑ” යන කාව්‍ය නිර්මාණය පදනම් කර
ගනිමින් අමරසේකරයන් ගෙවත්තට පැමිණි ”අහරකුක්කෙකු”ු ගැන කවි පන්තිය රචනා
කරයි.

”දිය සිදුණු මරු කතර ” වැනි කාව්‍ය නිර්මාණයන්හි දී ටී එස් එලියටි වැනී
කවින්ගේ බලපෑම මොහුට ලැබී ඇත. එය කවි ඉදිරිපත් කරන ආකාරයෙන් පැහැදිලිය. 1957 දී නිකුත් වු ”උයනක හිඳ ලියු කවි” කාව්‍ය සංග‍්‍රහයට ටී එස් එලියටි
,අස්රා පවුන්ඞ් වැනි බටහිර කවීන්ගේ ආභාසය ලැබී ඇත. මොවුන්ගේ ලක්ෂණය වුයේ
කවිය ද ඔවුන් යොදා ගත්තේ නව කතාව මෙන් පාඨකයාට ඇමතීමටය.
ආවර්ජවනා,උයනක හිඳ ලියු කවි,ගුරුළුවත වැනි කාව්‍ය සංග‍්‍රහ වලින් වරෙක
විප්ලවවාදියෙකු තවත් වරෙක සම්ප‍්‍රදාය තුළින් නව මාවතක් ගොඩනඟන ලද
පර්යේෂකයෙකු ලෙස අමරසේකරයන් දැකිය හැකිය. 


අමරසේකරයන්ගේ කාව්‍ය සම්ප‍්‍රදාය පසුකාලීනව ඉදිරියට ගෙන යාමට ප‍්‍රතිභාව සහිත
කවීන් පහළ වු බව සත්‍යයකි.මෙහි දී දයාසේන ගුණසිංහ ,එරික් ඉලයප්පආරච්චි වැනි
නුතන පෙළේ කාව්‍ය රචකයන් කැපී පෙනේ.

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුව ද සාහිත්‍ය කලාව කෙරෙහි තමන් තුළ කුඩා කල සිටම
ඇති වු ආසාව තමන් සාහිත්‍යධරයෙකු වු බව පවසන අමරසේකර,ඇන්ටන්
චෙකොප්ගේ ප‍්‍රකට කියමනක් සිහි ගන්වම්න් තමාගේ නීත්‍යානුකුල ඛිරිඳ සාහිත්‍යය
ලෙසත් පෙම්වතිය වෛද්‍ය වෘත්තිය ලෙසත් හදුන්වයි.

මේ අයුරින් සාහිත්‍යකරණය තුළ නියැලෙමින් අන්තර් සංස්කෘතිය හරහා සිය නිර්මාණ
පෝෂණය කිරීම නිසා ම ඔහු සාහිත්‍ය ලෝකය තුළ පහන් තරුවක් බවට පත්ව ඇත.



13 comments:

  1. ලස්සනට කරුණු පෙළ ගස්සවා තියෙනවා .කියවන්න ආසයි

    ReplyDelete
    Replies
    1. මට ගොඩක් කරුණු ලැබුනා , ඉතාමත් අලංකාර යි

      Delete
  2. ලස්සනට කරුණු පෙළ ගස්සවා තියෙනවා .කියවන්න ආසයි

    ReplyDelete
  3. නියම කලාකරුවෙක් අගය කිරීම වටිනවා....

    ReplyDelete
  4. සාරගර්භ ලිපියක් thank

    ReplyDelete
  5. බොහොම ස්තූතියි ..❤

    ReplyDelete

Powered by Blogger.