Friday, July 22, 2016

වෙළෙඳ දැන්වීමේ අඩු ලංසුවට විිකිණෙන කාන්තාව

Malsha Gamage







 ස්වභාව ධර්මයේ අපූර්ව වු නිර්මාණය වන්නේ කාන්තාවයි. ලෝකය එදත්  අදත් හෙටත් පවතිනුයේ ඇය නිසාමය ඇය නැත්නම් ලෝකයක් කියා දෙයක් නැත. ඇය නැති තැන පැවැත්මක්ද නැත. ඇයට උපතින්ම සුදුසු නුවණක් හා ලෝකය දෙස විමර්ශනාත්මකව බැලීමේ අපූරු ශක්‍යතාවයක් හිමිව ඇතිබව අවිවාදිතය.ඇයට එය අවශ්‍ය වන්නේ ඇයගෙන් අනාගත පරම්පරාවක් බිහිවන ස්වභාවික න්‍යාය නිසාය.එම පරම්පරාවෙහි හෙට දවස උදෙසා සුවිශාල වු වගකීම් සම්භාරයක් ඇය තම දෙවුර මත දරා සිටින්නේ අභීත කුල රත්නයක් ලෙසිනි.


කාන්තාව ලොව සිටින සුන්දරම වස්තුවකි. එහෙත් එ් සුන්දර කාන්තාවට අද  හිමි ස්ථානය පිළිබඳව නම් එතරම් සතුටු විය නොහැකිය.
නුතන වෙළෙඳපොළ සංස්කෘතිය අතුළත ඇය වෙළඳ භාණ්ඩයක් බවට පතවී අවසන්ය. ඔිනෑම භාණ්ඩයක් අලෙවි කිරීමට වෙළඳ දැන්වීම්කරුවා යොදා ගන්නේ කාන්තාවයිxමෙහිදී කාන්තා අඩනිරුවත යොදාගැනීම අතිශය ඛෙිදනීය තත්ත්වයකි. ඇය නිරන්තරයෙන් ආරක්ෂා කරගතයුතු තැනැත්තියක් ලෙස සැලකුවාය. ඇයට ආරක්ෂාව සපයාදීම පවුලේ සියලු දෙනාගේම වගකීමක් විය.

ඒ කෙසේ වුවද වර්තමාන වෙළෙඳපොළ සංස්කෘතිය ඇතුළත ටයරයක් විකිණීමටද යොදා ගන්නේ අන් කිසිවෙකු නොව කාන්තාවයි. කාන්තාව හා ටයරය අතර ඇති සමානාත්මතාවය කුමක්ද? අහස හා පොළව වැනි වස්තූන් දෙකක් එකිනෙකට සම කිරීමට දැන්වීම්කරුවා දරන උත්සාහය කිසිසේත්ම සාධරණීකරණය කළ නොහැකිය.

ලෝකයට වීර කාන්තාවන් පහළ වන්නේත් ,ලෝකයට ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහි කරන්නේත් මේ සමාජයෙහි සිටින කාන්තාවකමය.එහෙත් මේ සියලු කාරණා දැන්වීම්කරුවා අමතක කර ඇති බව නම් පැහැදිලිය. වාණිජවාදී පටු අරමුණු ඔස්සේ කි‍්‍රයාත්මක වීමේදී කාන්තාවකගේ ගෞරවය ආරක්ෂා කළ යුතුය යන්න ඔහුට කිසිවිටෙක නොසිතෙයි. එහෙත් ඔහු බරපතළ ලෙස සිතිය යුතු එක් කාරණාවක් පවතීx තමාද මෙළොව එළිය දුටුවේ කාන්තාවකගේම කුසින් බවයි. එහෙත් මුදල මත සියලු දේ තීරණය වන සමාජ ක‍්‍රමයක කාන්තා ගෞරවය ආරක්ෂා කිරීම පමණක් නොව සියලු ඇගයීම් වටිනාකම් පද්ධතීන් වළපල්ලට ගොස් අවසන්ය. සමාජය ගමන් කරමින් සිටින්නේ කොයිබටද? වැරදුණු තැන කොතැනද යන්න විමසා බැලිය යුතු කාලය එළඹ ඇත.

දැන්වීකරුවාගේ සහ මාධ්‍යයේ වගකීම විය යුත්තේ කාන්තාව ෂතු අසහාය ශක්තීන් ලෝකය හමුවේ අනාවරණය කිරීමයි. ලෝකයක ඝණ අන්ධකාරය දුරලා ලෝකයක් ආලෝකමත් කිරීමේ ශක්තිය ඇයට උපතින්ම හිමිය. ඔබ දන්නවද? දෑත්  අහිමි ගුවන් නියමුවරිය නමින් ජෙසිකා කොක්ස්ය. ඇය උපදින්නේ දෑත් අහිමිවයි. එහෙත් ඇය මට නොහැකිය”යන වචනය භාවිත නොකළාය. ඇය ලෝකයේ දෑත් නොමැතිව දෙපා පමණක් ඇති එකම ගුවන්යානා පැදවීමේ බලපත් හිම් තැනැත්තිය බවට පත්වුවාය.

ඛාන්තාව සතු මෙකී විශිෂ්ටත්වය වෙළඳ දැන්වීමකට වුවද නිවැරදි ලෙෂ ගළපන්නේ නම් යහපත්ය. එහෙත් කාන්තාව ළඳ බොළඳ සියුමැලි වස්තුවක් බව හුවා දක්වමින් දැන්වීම්කරුවා ඇය පිරිමි පක්ෂය වශීකෘත කරන ලිංගික භාණ්ඩයක් බවට පත්කර අවසන්යx මෙහි වරද ඇත්තේ ඇය වෙළඳ දැන්වීමෙහි නිරූපණය කරන ආකාරය වේ.
කාන්තාව වෙළඳ භාණ්ඩයක් ලෙසින් අඩු ලංසුවට විකිණීමට කිසිසේත්ම වෙළඳ දැන්වීම්කරුවාට නම් සදාචාරාත්මක අයිතියක් නැත. සමස්ත සමාජව විසින්ම මෙය හෙළා දැකිය යුත්තේ නම් මෙලොව සිටින සෑම ප‍්‍රාණියෙකුම බිහි කරන්නේ උතුම් කාන්තා රත්නයක් නිසාවෙනිx ඒ උත්තරීතර මව්   පදවියට ගරු කිරීම සමස්ත පරපුරේම වගකීමකී. 





5 comments:

  1. ඒ විදිහට වෙළඳ දැන්වීම් සඳහා කාන්තාවන් බලෙන් ගන්නේ නැහැ .ඉතිං කාන්තාවන් වුණත් මෙහිදී දුර දිග සිතා බලා කටයුතු කළ යුතුයි නේද

    ReplyDelete
    Replies
    1. බලෙන් ගන්නවා කියන තැනදී කාන්තාව ඒ ත්ත්වයට වැටෙන කරුණු ගැනත් හිතන්න වෙනව

      Delete
  2. ඒ විදිහට වෙළඳ දැන්වීම් සඳහා කාන්තාවන් බලෙන් ගන්නේ නැහැ .ඉතිං කාන්තාවන් වුණත් මෙහිදී දුර දිග සිතා බලා කටයුතු කළ යුතුයි නේද

    ReplyDelete
  3. දැන්විම්කරණයේ කාන්තාව ලිංගික භාංණ්ඩයක් ‍ෙවලා ඉවරයි.කවුරැත් ඒ ගැන කතා කරන්න යන්නේ නංෑ.

    ReplyDelete

Powered by Blogger.