Friday, August 26, 2016

වෙනස

Malsha Gamage
කෙත් යායෙන්හමන සුළං
ගත පුරාම දවටා ගෙන
එහි සිසිලස සුවය දමා
සරස්වතිය තුරුලු කරන්
සරසවියට ආදා සිට
අහස උසට නැගි කම්හල්
දරා සිටින සිමෙන්ති බිම
මතින් නැගුණු ගිනියම් වු
උණුසුම් ගත සිත කකියන
නිරන්තරේ ඝෝෂාවකි,සවනට
යවුලක් ගෙන දෙන
සිකුරාදා වන තුරු
මම........
ඇගිලි ගැන්නේ
දිව යන්නයි ගම බලාන....

ඔබ ඔබම විනිශ්චය කරන්න.

Malsha Gamage
කිරි වැදුණු ගොයම් කරලක්
කිසිම දවසක
ආවට ගියාට එහෙට මෙහෙට වැනෙන්නේ නෑ
බිමටම නැමෙනවා විතරයි
ඒ විදියටම බුද්ධිමත් ගුණ ගරැක දරුවනුත්
නිහතමානි වෙනවා
ඒත් ගැහැණු දරුවන්
ආඩම්බර වෙන්න ඔිනැ
ඒ අන් කිසිවක් ගැන නෙවෙයි.
තමන්ගේ චරිතය ගැන
ඒ තරම් වටින ආභරණයක් තවත් නැහැ
අපි සංවේදි වෙන්න ඔිනෑ
තවත් කෙනෙකුගේ දුකකට වේදනාවකට
අපි හිනා වෙන්න ඕනෑ
ඒත් තවත් කෙනෙකුගේ අඩුපාඩුවකට නෙවෙයි
අපි මතක තියා ගන්න ඕනෑ
ඇවිදින්න පාලම් හදල දුන්න අය නෙවෙයි
වැටි වැටි නැගිටිනකොට අත දුන්න කෙනාවයි
තවත් කෙනෙක්ගේ වැරැද්ද පෙන්වා දෙන්න ඕනෑ
ඒත් ඔබ ,ඔබ ගැනම විනිශ්චය කර සිටින්න.

Thursday, August 25, 2016

ඩයනාගේ මරණයේ හෙළි නොවු තොරතුරු

Malsha Gamage


බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස්‌ කුමාරයාගේ බිරිඳ ලෙස වසර 15 ක්‌ කල්ගත කර ඔහුට පුතුන් දෙදෙනකු බිහි කර දුන් ඩයනා ස්‌පෙන්සර් කුමරිය ප්‍රංශයේදී රිය අනතුරකින් මිය ගිය බව සාමාන්‍ය පිළිගැනීම වුවත් එය සැලසුම් සහගත මිනීමැරුමක්‌ බවට මතයක්‌ මෙයට මාස කිහිපයකට පෙර ගොඩ නැගුණග. 


බ්‍රිතාන්‍යයේ ීචැජස්ක ්සර ීඩසජැ ලෙස හැඳින්වෙන ී්ී රෙජිමේන්තුවට අයත් හෝ අයත්ව සිටි වෙඩික්‌කාරයකුට හෝ වෙඩික්‌කරුවන් දෙදෙනකුට දුන් කොන්ත්‍රාත්තුවකට අනුව රිය අනතුර කරන ලද බව එම මතය මගින් කියෑවෙනවාග එම මතයට පාදක වූයේ ද පසුගිය වසරේ අග කොටසේදී ී්ී සරයන්වරයකු වූ ඩැනී නයිටිංගේල් නමැත්තාට එරෙහිවල ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවක්‌ යටතේ පවත්වන ලද යුද්ධාධිකරණයකදී සාක්‍ෂි දුන් වෙනත් ී්ී ස්‌නයිපර් කරුවකු කළ හෙළිදරව්වකට අනුවයිග ී්ී රෙජිමේන්තුවේ තුවක්‌කුකරුවන් ඩයනා ඝාතනය පිටුපස සිටින බව ඔහු හෙළි කළාග මේ බරපතළ සාක්‍ෂිය දුන් ස්‌නයිපර් තුවක්‌කුකරුවා හඳුන්වන්නේ භ යන සංකේත නාමයෙන්ග මේ අතර පසුගිය සතියේදී ඔහුගේ බිරිය වූ සාරා නමැති කාන්තාව රහසක්‌ හෙළි කළාග එනම් තම සැමියාගේ හෙළිදරව්වෙන් පසු ඇය හමුවූ ී්ී තුවක්‌කුකරුවෙක්‌ තමා අතට පවුම් 500 ක්‌ සහිත ලියුම් කවරයක්‌දී ඩයනාගේ මරණය ගැන ඇය දන්නා දෙයක්‌ වෙතොත් කටවසාගෙන සිටීම ගුණදායක බව කී බවයිග..සාරා.. ඇගේ නියම නම නොව සංකේත නාමයක්‌ග හතළිස්‌ හැවිරිදි සාරා පහත සඳහන් කරුණු කිහිපය හෙළිදරව් කළා.



1ග ඩයනා කුමරියගේ මරණයට ී්ී තුවක්‌කුකරුවන් සම්බන්ධව බව මුලින්ම සොයා ගත්තේ එංගලන්තයේ ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසියේ රහස්‌ පරීක්‍ෂකයන් පිරිසක්‌ග ඔවුන් දැන් පොලිසියේ ඉහළ තනතුරු දරන නිලධාරීන්ගේ උදහසට ලක්‌ව සිටිනවාග සාරා විසින් යවන ලද ඊමේල් පණිවුඩයකිින් නොමග ගිය පෙර සඳහන් ස්‌කොට්‌ලන්ඩ් යාඩ් රහස්‌ පරීක්‍ෂකයන් පිරිස ී්ී රෙජිමේන්තුව ගැන පරීක්‍ෂණයක්‌ පටන්ගත් බවයි උදහසට පත්ව සිටින ඉහළ නිලධාරීන් කියන්නේ.




2ග සාරා කට වසාගෙන නොසිටියහොත් මෙයට මාස කිහිපයකට පෙර අන්තවාදී ඉස්‌ලාමීය තරුණයන් දෙදෙනකු විසින් ගිනිකොන ලන්ඩනයේ පාරකදී පිහිවලින් කපා ඝාතනය කෙරුණ ඛැැ ඍැටඉහ මෙන් ඇයටත් මහ පාරේ මිය යැමට සිදුවනු ඇතැයි පවුම් 500 දුන් ී්ී තුවක්‌කුකරුවන් ඇයට පවසා තිබෙනවා.

3ග ී්ී ස්‌නයිපර් තුවක්‌කුකරුවකු වන සෙබළ භ :සාරාගේ සැමියා* වසර 2011 දී ඇෆ්ගනිස්‌ථානයේ හමුදා සේවයට යැමට සැලසුම් කර තිබුණාග එහෙත් 2010 දී ඔහුගේ ප්‍ර්‍රධානීන් කියා සිටියේ ඔහුගේ මානසික මට්‌ටම පිරිහී ඇති නිසා ඇෆ්ගනිස්‌ථානයට යෑවීමට බැරි බවයිග පසුව නීති විරෝධී අධිබල තුවක්‌කුවක්‌ පරිහරණය කිරීම ගැන ඔහු අත්අඩංගුවට පත් වුණාග සාරා විශ්වාස කරන්නේ ඔහු ඩයනාගේ මරණය ගැන දැන සිටි නිසා පිටස්‌තර රටක යුද්ධ භූමියකට ඔහු යවන්නට බ්‍රිතාන්‍ය හමුදා ප්‍රධානීන් බිය වන්නට ඇති බවයිග ඔහු එළියේ සිටීම අනතුරුදායක විය හැකි නිසා ඉහත සඳහන් පිස්‌තෝලය නඩු භාණ්‌ඩයක්‌ වශයෙන් දමා ඔහු අත්අඩංගුවට ගත් බව තරයේ විශ්වාස කරනවා.

සාරා අද ජීවිතාරක්‍ෂාව පතා සැඟව සිටින අතර ඩයනාගේ මරණයට ී්ී රෙජිමේන්තුව සම්බන්ධ බව තරයේ විශ්වාස කරනවාග ඇයට මීට පෙර කිසි දිනකත් ී්ී හමුදාව පවුම් 500 ක්‌ හෝ කිසිදු මුදලක්‌ දී නැහැ.

ඩයනා කුමරිය ඝාතනය කිරීමට ී්ී සම්බන්ධ බව භ නමැති ස්‌නයිපර් තුවක්‌කුකරුවා මුලින්ම හෙළිදරව් කර ඇත්තේ සාරාගේ මවටයිග ඔහු යුද්ධාධිකරණයකද මේ බව ප්‍රකාශ කරන්නට පෙර තමාට කී බව ඔහුගේ මව 2011 සැප්තැම්බර් මාසයේදී ී්ී රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියාට ලිපියකින් දැන්වූවාග ඉන්පසු ඇය හමුදා ී්ී සෙබළෙක්‌ තම රෙජිමේන්තුව අපහසුවට ලක්‌කරන අයට දඬුවම් කිරීමට තමන් අෙන්‍යන්‍යව බැඳී සිටින බව කියා තිබෙනවාග ඉන්පසු 2012 අවුරුද්ද මුලදී ඇය හමුවූ ී්ී සෙබළෙක්‌ ඇයට පවුම් 500 දෙන අතර ඒ ගැන කට නොහරින ලෙසට අනතුරු හඟවා තිබෙනවා.

සාරා කියන්නේ තම සැමියා ඇයට මෙසේ පැවසූ බවයි ඩයනාට මරු කැඳවූ මාරක අනතුර සිදුවූ දවසේ ඇගේ රිය පසුපසින් මෝටර් සයිකලයකින් පන්නාගෙන ගිය ී්ී සෙබලුන් දෙදෙනෙක්‌ එම රිය පසුකර ඉදිරියට ගොස්‌ ඩයනාගේ රියෑදුරුගේ ඇස්‌වලට විශේෂ ටෝච් එකකින් බලගතු ආලෝකයක්‌ එල්ල කළාග ඩයනාගේ බෙන්ස්‌ රිය හැපුණේ එවිටයිග ඉන්පසු මෝටර් සයිකලය නැවැත්වූ ී්ී සෙබළුන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ වහා දිවගොස්‌ ඩයනාගේ රියට එබී බලා ඩයනා සහ ඇගේ පෙම්වතා බරපතළ විදියට තුවාල ලබා තිබෙනවා දැක ..වැඩේ සාර්ථක බවට.. සංඥවක්‌ කළාග ඩයනා මැරුවේ එහෙමයිග..

ී්ී සෙබළා ඇයට පවුම් 500 ක්‌ දී ඇගේ අනාගත වියදම් ගැන බලාගන්නා බව පවසා තිබෙනවාග එතැන් සිට සාරා ගත කර ඇත්තේ ඉතාම අවදානම් ජීවිතයක්‌ග කවර හෝ වේලාවක ී්ී ස්‌නයිපර් සෙබළකු තමා මරණු ඇතැයි යන බිය නිසා ඇය සැඟවී තිබෙනවා.

මේ සිදුවීම්වලින් පසුව සාරා තම සැමියා වූ ස්‌නයිපර් සෙබළ භ ගෙන් දික්‌කසාද වුණාග ඒ ඔහුගේ අසම්මත චර්යාවන් නිසයිග මේ බව සඳහන් කළ ඊමේල් පණිවුඩයක්‌ ඇය තම දික්‌කසාදය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයාට යවා තිබෙනවාග ඩයනා ඝාතනයට ී්ී රෙජිමේන්තුව සම්බන්ධ බවට සිය සැමියා කියන කතාවන් ඇය එහි සුළු වශයෙන් සඳහන් කළාග දිනක්‌ මේ ඊමේල් පණිවුඩයේ පිටපතක්‌ රැගෙන ී්ී සෙබළකු ඇය හමුවීමට පැමිණ තිබෙනවාග තම නීතිඥයාට යෑවූ ඒ රහස්‍ය ලියවිල්ල ී්ී සෙබළා අතට පත්වීමෙන් තමාට මහත් අනාරක්‍ෂිත හැඟීමක්‌ ඇතිවූ බව සාරා පවසනවා.

ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ පොලිසි ඒකාබද්ධව පැවැත්වූ පර්යේෂණවලින් නිගමනය කෙරුණේ ඩයනාගේ මරණයට හේතුව රියඅනතුර බවයිග එහෙත් ඩයනාගේ මරණ පරීක්‍ෂණය නැවත විවෘත කර සැබෑව සොයා ගන්නා ලෙස බ්‍රිතාන්‍ය වැසියන් සහ දේශපාලනඥයන් දහස්‌ ගණනක්‌ අදටත් ඉල්ලනවා.


ඩයනා ස්පෙන්සර් කුමරිය චාර්ල්ස් කුමරු සමග විවාහ වනවිට ඇගේ වයස දහඅට පිරුණා පමණිග නමුත් එවකට චාර්ල්ස් කුමරු තිස්තුන් හැවිරිදි වියග අනාගතයේ රජ කිරුළ වෙනුවෙන් මේ දෙදෙනාට දාව උපදින දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය කෙබඳු ආකාරයකින් යුතු වේද යන්න ගැන සොයා බැලීමේ දැඩි ඕනෑකම තිබුණේ චාල්ස් කුමරුගේ මව වූ දවෛනි එලිසබෙත් රැජිනටයග ඒ වෙනුවෙන් ඇය නවීන තාක්ෂණයේ පිහිට පැතුවාය.


චාල්ස් ඩයනා විවාහයට පෙර ඩයනා කුමරියගෙන් ලබා ගත් ඩිම්බ ෙසෙල සහ චාල්ස් කුමරුගෙන් ලබා ගත් ශුක්‍රාණු ෙසෙල  නළයක් තුළදී කෘත්‍රිම වශයෙන්  සංසේචනයට ලක් කර එය නිරීක්ෂණයට ලක් කෙරුණේ ඒ අනුවයග කලලයට මාස කීපයක් ගත වන විට ඔවුන් දෙදෙනාට දාව උපදින දරුවා පිළිබඳ පූර්ව නිගමනයකට එන්නට ලන්ඩනයේ සෙන්ට් මේරිස් රෝහ‍ලේ වෛද්‍ය පර්යේෂකයන්ට හැකිවියග ඒ අනුව එම කලලය විනාශ කර චාල්ස් ඩයනා යුවල විසින් අනාගතයේ රජ පවුල වෙනුවෙන් දායාද කරන දරුවන්ගේ සෞඛ්‍යය තත්ත්වය ඉතා යහපත් බවට වාර්තා කරන ලදී.


ලොවට හොරෙන් සෙන්ට් මේරිස් රෝහ‍ලේ පර්යේෂණාගාරය තුළ මෙවැනි පර්යේෂණයක් සිදු වන අතර එම වෛද්‍ය පර්යේෂණාගාරය තුළම රජ පවුලට හොරෙන් තවත් වැදගත් දෙයක් සිදු වෙමින් පැවතිණිග එනම් එක් වෛද්‍ය පර්යේෂකයකු විසින් ක්‍රම ක්‍රමයෙන් චාල්ස්ගේ ශුක්‍රාණු සාම්පලයෙන් සහ ඩයනාගේ ඩිම්බ ෙසෙල සාම්පලයෙන් කොටස බැගින් සොරා ගැනීමයග එලෙස සොරාගෙන ඔහු ඒවා කෘත්‍රිමව සංසේචනය කර සිය බිරිඳගේ ගර්භාෂයේ තැන්පත් කොට ඇතග ඉන්පසු ඔවුන් ලන්ඩනයෙන් පලාගොස් ඇමෙරිකාවේ පදිංචි වූයේ මෙම සිදුවීම කිසිවකු විසින් හෝ දැන ගැනීමෙන් සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් ගැන ඉව වැටීම නිසා වන්නට පුළුවනග මාස කීපයකට පසු වෛද්‍යවරයාගේ බිරිඳ ඉතා නිරෝගී බිලිඳියක බිහි කළායග ඇයිසාරා’ ලෙස නම් කරන ලදීග වයසින් වැඩුණු පසුව වුවත් සාරා තම උපත පිළිබඳව සත්‍ය තොරතුරු දැන සිටියේ නැත.
සාරාට වයස අවුරුදු විසි තුන පමණ වනවිට වාහන අනතුරක් නිසා අබිරහස් ලෙස ඇගේ ධාරක මවත් පියාත් එනම් වෛද්‍යවරයා සහ බිරිඳ මිය යන ලදීග අනතුරින් වසරක් පමණ ගත වූ පසු දිනක් සාරා සිය පියාගේ ලැප්ටොප් පරිගණකය ක්‍රියා කර ඉහත කී අනතුරට හේතු වන්නට ඇතැයි සැක කළ හැකි යම් කරුණක් වේද යන්න සොයා බලන ලදීග එහිදී ඇය දුටු එක්තරා ලියවිල්ලක් නිසා සාරාට සිය දෑස අදහා ගන්නට පවා නොහැකි වියග එනම් තමන් බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ කිරුළ හිමි චාල්ස් කුමරු සහ ඩයනා කුමරියගේ දරුවකු බව දැන ගැනීම නිසායග මේ පිළිබඳව වැඩි දුර සොයා බැලූ ඇයට එහි ඇති තොරතුරු සියල්ලක්ම සත්‍ය බවට තහවුරු වූයේ සිය ධාරක පියාගේ මිතුරු වෛද්‍යවරයෙකු මුණගැසී සියලු කරුණු දැන ගැනීමෙන් පසුවයග
ඉන්පසු ඇය ලන්ඩනයේ ඨකදඉැ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් තම අනන්‍යතාව පිළිබඳ දීර්ඝ විස්තරයක් කියා සිටියායග ඉන් දින කීපයකට පසු ඇගේ දුරකථනයට ඇමතුමක් ලැබිණිග ඉන් කියවුණේ පණට ආදරයක් තිබේ නම් වසර ගණනාවක් පැරණි එම සිදුවීම ගැන මින් මතු කතා නොකරන ලෙසයග එමෙන්ම ඩයනා කුමරියගේ හදිසි අනතුර සහ සාරාගේ ධාරක මව්පියන්ගේ හදිසි අනතුර පිළිබඳ මතකයක් ඇති නම් නැවතත් මේ ගැන කතා කරන්නට තමන් බිය විය යුතු බවත් ඇමතුමින් කියවිණිග ඉන් බියපත් වූ සාරා ඇමෙරිකාවේ පිටිසර පළාතකට පැන ගියායග ඉන්පසු ඒ ගැන කතා කරන්නට සාරා මැලි වූයේ සිය ජීවිතයට ඇති ආදරය නිසා විය යුතුය.


එසේ වුවද විලියම් සහ කේට්ගේ විවාහයට පෙර කේට් කුමරිය ඇමෙරිකාවට ගොස් සාරා හමු වූ බවට කටකතා පැවතිණිග එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව කිසිම ජන මාධ්‍යයක් මේ දක්වා ප්‍රකාශ කර නැතග කෙසේ වුවද ඇය තවමත් ජීවත් වන්නීයග බ්‍රිතාන්‍ය රජ පවුල විසින් ඇය රාජකීය දරුවෙකු ලෙස ප්‍රකාශයට පත් කළහොත් චාල්ස් කුමරුගෙන් පසු රජ කිරුළ උරුම වන්නේ මේ වන විට තිස් හතර හැවිරිදි වියේ සිටින සාරාටයග  එහෙත් මෙම කතාවේ සත්‍ය අසත්‍යතාව පිළිබඳවද තවමත් පැහැදිලි ඒකමතික බවක් නැති බවද අවසන් වශයෙන් කිව යුතුය.
 
අන්තර්ජාලය ඇසුරිනි


මිය ගියදාම ඉපදුණු ජෝතිපාල

Malsha Gamage


1987 ජූලි මස 07 වැනි දින උදේ පාන්දර 1ග00ට පමණ එච් ආර් ජෝතිපාල නමැත්තෙක් මිය ගියේය. මෙය තවත් කලාකරුවකුගේ මරණයක් යැයි බොහෝ දෙනකු සිතන්නට ඇත. අපි අවමංගල කටයුතු කිරීමට ලක ලෑස්ති වෙමින් සිටියෙමු. උදේ පාන්දර 6 ට පමණ ගුවන් විදුලියෙන් මේ මරණය ගැන ලක් වැසියන් දැනුවත් කෙරිණි. ඉන් ස්වල්ප වේලාවකට පසු මහත් අපූරු දෙයක් සිදු විය. මෙල්ල කරගත නොහැකි ජන ගංගාවක් රත්නම් රෝහලට ඇදී ආහ. ඔවුහු දේහය අතගෑහග හර්ඩා වැලපුණහ. විලාප දුන්හග මේ සියල්ලම අප සියලු දෙනාටම මහත් වූ පුදුමයට කරුණක් විය. ඒ සමඟම ටී.එම් සංඝදාස ඇතුළු පිරිසක් රත්නම් ශාලාවට කඩා වැදුණහග.ඔහු මට කතා කොට අවමඟුල් උත්සවය අගමැතිතුමන් විසින් සංවිධානය කරනු ලබන බව දන්වා සිටියේය. ඊට පසු ලංකාවේ සංස්කෘතික පෙරැළියක් ඇති විය. ඊට පෙර ලංකාවේ ජනප්‍රියතම පසුබිම් ගායකයකු වූ ධර්මදාස වල්පොළ මියැදී තිබිණි.


මේ අතරතුර ලංකාවේ බිහි වූ ජනප්‍රිය කලාකරුවන් මිය ගොස් තිබිණිග එම මරණ වෙනත් මරණයකට වෙනස් වූවා නම් ඒ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පමණිග ඊට පෙර මෙවැනි වෙනසක් ඇති වූයේ මෝටර් රථ අනතුරකට පත්ව රුක්මනී දේවි මිය ගිය අවස්ථාවේදීයග ජෝතිපාල කොතරම් ජනප්‍රිය වුවද සංගීතය හා කලාව ගැන අර්ථකථනය කළ කලාකරුවෝ කිසි විටෙක ජෝතිපාල ගැන හෝ ඔහුගේ ගී ගැන හෝ අර්ථකථනයන් හෝ විචාරයන් ඉදිරිපත් නොකළහග ඔවුන්ගේ මතය අනුව මෙවැනි ගායකයකු ගැන හෝ ගීත ගැන හෝ සංවාදයක් ඇති වීම කාලය නාස්ති වීමක් වැනියග ඔවුහු ජෝතිපාල ගැන හෝ ඔහුට තිබූ ජනප්‍රියත්වය ගැන හෝ දැන සිටියද එය පිළිගැනීමට කිසිසේත්ම සූදානමකින් නොසිටියහග මේ ඊනියා විචාරකයන් ජෝතිපාලගේ ගී ගැන කතා කිරීමටවත් නොපෙලඹුණේ එකල බිහිවූ ඊනියා ප්‍රබුද්ධ කුලය සිංහල ගීත විනාශ කිරීමේ කර්තව්‍යය භාර ගෙන තිබුණු හෙයිනිග මනමේ නාට්‍යය සිංහල නාට්‍ය කලාව විනාශ මුඛයට පත් කළේ යැයි මහාචාර්ය ඩග්ලස් අමරසේකර ප්‍රසිද්ධියේ කියා සිටියේය.


සරත්චන්ද්‍ර ප්‍රමුඛ මේ නඩය සිංහල නාට්‍යයට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකේය කලාවටද කළ හානිය මෙතෙකැයි කිව නොහැකියග ඔහු වරෙක එච්ගආර්ග ජෝතිපාලගේ ගීතයකට විනාඩි පහකටවත් සවන් දිය නොහැකි යැයි කියා සිටියේයග මේ සියලු දේ ඉවසා වදාරා සිටි ජෝති ඔහුගේ මරණයෙන් ශ්‍රී ලංකාව තුළ විශාලතම කලා විප්ලවයක් නිර්මාණය කළේයග ඔහු මිය ගිය විට හඬා වැලපුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ එකම පැතුම වූයේ ජෝති අප අතර ඉපදේවා යන්නයිග ජැක්සන් ඇන්තනී ජෝතිගේ 25 වැනි ගුණානුස්මරණ උත්සවයේදී කියා සිටියේ ජෝති 1987 ජූලි මස 7 වැනි දින මිය ගියා නොව ඔහු නැවැත එදිනම පුනරුත්පත්තියක් ලැබූ බවයග දැන් ජෝති අවුරුදු 28 වයසැති තරුණයෙකිග ඔහුගේ මරණය හා නැවැත ඉපදීම එක දිනම සිදු වූවා යැයි මම සිතමිග මෙම මියැදීම හා ඉපදීම සිදු වූ ජූලි 7 වැනි දින එනම් ඊට අවුරුදු 28ට පසු කිසිම කලාකරුවකුට පමණක් නොව කිසිම දේශපාලනඥයකුට හෝ වෙනත් කෙනකුට නොකෙරෙන උපහාර උත්සව රාශියක් සංවිධානය කර තිබීම ගැන සැලැකූ විට මෙවැනි ජනතාවගේ සදාදර ආදරයට පාත්‍ර වූ කිසිවකු ඇත්දැයි සිතා ගත නොහැකියග එදින මේ පුංචි ලංකාව තුළ සංවිධානය කරන ලද උත්සව දන්නා පමණින් අපි මෙසේ සටහන් කරමුග
ජූලි 07 වැනි දින ඔලබොඩුවේ එක්සත්පුර පාසල අසලදී සුප් දන්සලක්ද එදින සැන්දෑවේ ජෝති ගී සැ¼දෑවක්දල ජූලි මස 11 වැනි දින හෝකන්දර පරාක්‍රම මාවතේ ජෝති ගැයූ ගී යැයි ප්‍රසංගයක්ද ජූලි මස 7 වැනි දින කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජෝති ගී සමරු ප්‍රසංගයක්ද ජූලි 7 වැනි දින කනත්තේදී පූජෝපහාර උත්සවයක්ද ජූලි 12 වැනි දින පස්වරු 6ට මරදාන ආනන්ද කුලරත්න ශාලාවේ ප්‍රසංගයක්ද ජූලි 7 වැනි දින හිටපු ඇමැතිවරයකු වූ මර්වින් සිල්වා මහතා විසින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ප්‍රසංගයක්ද පවත්වන ලදීග
මඳක් සිතා බලන්නග මියැදී අවුරුදු 28ක් ගියද මෙවැනි ජනතා ප්‍රසාදයට ලක් වන කිසිම පුද්ගලයකු ගැන ඔබ දන්නවාද? මෙයට හේතුව කුමක්ද? මම මේ පිළිබඳ මෙතෙක් අප රට පහළ වූ විශිෂ්ටතම සිනමා විචාරකයා යැයි සිතන සිරිල් බී පෙරේරා මහතාගෙන් ඇසුවෙමිග ඔහු පිළිතුරු දුන්නේ ජෝති ගුණ සමරු දේශනයකිනිග එම කතාවේ උපුටා ගත් කොටස් කීපයක් දක්වමි.

,මා මෙහිදී නඟන ප්‍රශ්නය මෙයයිග මේ යුගයේ ජන කවි වන් මෙවැනි ගී අපේ නූතන ජන කවියන් ලියූ විට ඒවාට අපේ සංගීතඥයන් සංගීතය සැපයූ විටත් ඒවාට ජෝතිපාල වැනි නූතන ජන ගායකයන් ගැයූ විටත් අඩු තක්සේරුවකින් සලකන්නටත්ල ඉංගී්‍රසින් එංගලන්තයේ හෝ ඇමෙරිකාවේ හෝ එයම කළ විට වැඩි තක්සේරුවකින් සලකන්නටත් හේතුව කුමක්ද? අප සිල්ලර භාෂාවෙන් ලිවීම වරදකැයි කියා සිටි සරත්චන්ද්‍රලාම අද සරල බසින්ල සරල රිද්මයෙන් ගැඹුරු හැඟුමක් කියන විට ගයන විට නොරුස්සන්නේ ඇයි? හේතුව වූ එක්කෝ ඔවුන් බමුණු කුලය රකින්නට උත්සාහ කිරීම නැතිනම් ඔවුනට අද යුගය නොතේරීමයි.


නවසිය හැට ගණන්වල මුල හරියේදී අපේ කට්ටියේ අය කිහිප දෙනකු සුගතපාල ද සිල්වාල ජීගඩබ්ලිව්ග සුරේන්ද්‍රල රැලෙක්ස් රණසිංහල ටෝනි රණසිංහල ප්‍රේමා ගනේගොඩල හේමන්ත වර්ණකුලසූරිය සහ ඩීගබීග නිහාල්සිංහ සමඟ අමුතුම ආරක සංගීතමය චිත්‍රපටයක් නිපදවීමට ප්‍රයත්නයක් දැරුවාග මෙම චිත්‍රපටයේ ගී පටිගත කිරීමල කැමරාකරණය වැනි වැඩ විශාල කොටසක් කළ නමුත් මුදල් ප්‍රශ්න නිසා එහි කටයුතු අවසන් කිරීමට බැරි විය.


එහෙත් මේ ප්‍රයත්නයෙන් අප කීප දෙනකු උගත් දෙයක් තිබුණාග සුගතපාල ද සිල්වාගේ තේමා හා තිර නාටකයත්ල ඔගස්ටස් විනයාගරත්නම්ගේ සහ මගේ ගීත රචනාත් ඩීගබීග නිහාල්සිංහගේ කැමරාවත් අතිශයින්ම පර්යේෂණාත්මක ස්වරූපයක් ගත්තාග ඊට සරිලන කටහඬ සෙවූ අපිට නවීනල ප්‍රවීණල බොහෝ කටහඬ පිරික්සා අන්තර්ගතයට උචිත කටහඬක් ලෙස තෝරා ගත හැකි වූයේ ජෝතිපාලගේ කටහඬයි

ජන සංස්කෘතිය බිහි වන්නේ චිරන්තන සම්ප්‍රදායන් පඩිවරුන් බමුණන් හෝ සම්මතයන් මුල් කර ගෙන නොවේග සීගිරි කැටපත් පවුරේ කවි ලීවේ පර්ඩිවරුන් නොවේග අද බොහෝ මුද්‍රා නාට්‍යවලට බිහිවී ඇති ජන නැටුම් බිහි කළේ නාට්‍යාචාර්යවරුන් නොවේග පර්ඩිවරුන්ගෙන් බොහෝ විට සිදු වන්නේ පරපුෂ්ටික රීරියක් කාරියකිග ඔවුන් ටීකාල ටිප්පනිල නිර්වචනල අර්ථකථන ආදියෙන් හැඳින්වෙන යම් යම් දෙය ලියා පරාවර්තිකා ලෝකයෙන් බැබළෙන එක්තරා පරපුෂ්ටික කොටසක් බව කීවාට කමක් නැහැග ජන සංස්කෘතීන් ලොව වටා බිහි වූයේත් අද බිහි වන්නොත් ජෝතිපාලලාගෙනිග එච්ගආර්ග ජෝතිපාල වනාහි එල්විස් ප්‍රෙස්ලිල ජෝන් ලෙනන්ල ලතා මංගේශ්කාර් වැනි සම්භාවනීය ජන සංස්කෘතියට අයත් කලාකරුවෙකිග විරෝධතා ප්‍රකාශනය කිසියම් සමයක ජන හද ගැස්ම නිරායාසයෙන් නිරූපණය කිරීමල ආවේණික වූ ශෛලියක් තිබීමල සහානුභූතියේද සංකේතයක් වීමල ප්‍රතිභාවල ජන හද හා මනස ඇද බැඳ ගැනීමේ ආකර්ෂණය ආදී වූ නොයෙක් ලක්ෂණයන් ජන කලාවේදියකු තුළ පිහිටිය යුතුයිග ඔහු මුළු මහත් සමාජයේම සංකීර්ණ අවශ්‍යතාවන් රැසකගේ ප්‍රතිමූර්තියකිග ජෝතිපාල සමකාලීන ලාංකික සමාජය තුළින් බිහි වූ අපූර්ව සංකීර්ණ පුද්ගලයෙක්ග සංස්කෘතික හා බුද්ධිමය බමුණු කුලයට මහත් අභියෝගයකි

යම් කිසි කෙනකුට මරණින් මතු ජනප්‍රවාදයක් වෙතොත් ඔහු ජන මතය අරක් ගත්තෙක්ග ජනශ්‍රැතියේ කේන්ද්‍රීය කොටසක් වන්නෙක්ග ඇමෙරිකාවේ ප්‍රෙස්ලිල බි්‍රතාන්‍යයේ ලෙනන් එවැන්නෝග ඔවුන්ගෙන් විකාශය වූ පෝෂණය වූ හා ඔවුන්ගේ බලපෑමට ලක් වූ ක්ෂේත්‍රය පිළිබඳ මානව විද්‍යාඥයෝත් සංස්කෘතික ගවේෂකයෝත් අද ගැඹුරු පොත පත පළ කරනවාග හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල :එච් ආර් ජෝතිපාල* ගැනත් වර්තමාන ජන ප්‍රවාදය ගැනත් ගැඹුරින් ලියැවෙන්නට කියැවෙන්නට දැන් පටන් ගෙන තියෙනවාග එය මගේ නම් අමන්දානන්දයට කරුණකි.

අවසන් වශයෙන් මා මෙහිදී සඳහන් කළ යුතු කාරණයක් තියෙනවාග ජෝතිපාල කලාකරුවා ළඟින් ඇසුරු කළ අය සහ ඔහුගේ සහෘදයන් මෙන්ම තව බොහෝ අය දන්නා කාරණයක් තමා ඔහුගේ නළලේ මිය යන තෙක්ම තිබුණු කැළලග එය ඔහුගේ නළලේ ඇති වූයේ කෙසේද?
ඔහුට වයස 12දී ආචාර්ය ඇන්ගඇම්ග පෙරේරා ඇතුළු වාමාංශික නායකයන් පිරිසක් ඇතුළු ජනකායක් ගමන් ගත් පෙළපාළියක ඔහුත් ගමන් ගත්තාග ඔහු ගමන් ගෙන ඇත්තේ නායකයන් ගිය අසලින්මයිග අදත් වාමාංශික ව්‍යාපාරයේ සිටින එදා පෙළපාළියේ ගිය ඇතැම් අය කියන පරිදි එදා මෙම පෙළපාළියට පහර දුන් අවස්ථාවේ නායකයන්ගේ ආරක්ෂාවට ඉදිරියට පැන්න අයගෙන් ඔහුද කෙනෙක් විය.


එම තුවාලයෙන් සිදුවූ මොළයේ කම්පනය නිසා ඔහුට නැවැත ප්‍රකෘති තත්ත්වයට එන්න පුළුවන් වේ යැයි එදා ‍ෙදාස්තරවරු විශ්වාස කර නැහැ. ඔහුට ඉගෙන ගන්නට හෝ කිසියම් කාර්යයක යෙදෙන්නට හෝ පුළුවන් වේද යන්න එදා සැකයක් වූ බව මට දැන ගන්නට ලැබුණා. මේ සංකීර්ණ පුද්ගලයා තුළ තිබූ අධිෂ්ඨානයත් එක්තරා ආකාරයක තිබුණු මහත් සංවරයත් ඔහුට පැමිණි තැනට එන්නට උදවු වුණා කියා සිතන්නට පුළුවන්.

කොළඹ කැටවලමුල්ලේ එච්ගආර්ග ජේම්ස් සහ ඇම්ගකේග පොඩි නෝනාගේ පුත් එච්.ආර් ජෝතිපාල එදා ‍ෙදාළොස්වැනි වියේදී පොදු ජන සහායට සිටියා මෙන්ම කලාකරුවකු ලෙසද ඔහු සෑම විටම පොදු ජනතාව සමඟ සිටි බවට එන්ට එන්ටම නැඟී එන පොදු ජන ප්‍රතිචාරයෙන් පෙනී ගියේය.

,
ඊනියා බමුණු මතවාද මුළු කලාවම ඩැහැ ගෙන ඔවුන්ව මුළා කරමින් යාදිනි හා නිසදැස් කවිවලට යම් කිසි තාලයක් අමුණා ඒ ළතෝනිය සිංහල සම්භාව්‍ය ගීත යැයි කියා ගන්නා මේ අඥාන බමුණන්ට ජෝතිපාලගේ නැවැත උත්පත්තියෙන් මරු පහරක් වැදුණිග එදා කම්හලේල ගොවිපොළේල වැල්ලේ දාඩිය හෙළන මිනිසුන්ගේ කාන්සිය නිවා ගැනීමට ජෝති නමැති ජනප්‍රිය ගායකයාගේ ගීත ඉවහල් වූ අතර අද එය පොදු ජන සංස්කෘතිය ඔබ්බට ගොස් සම්භාව්‍ය යැයි කියා ගන්නා බමුණු කුලයේ උගතුන් විද්වතුන්ගේද පූර්ණ ආශීර්වාදයට ලක්වී ඇතග අද ඔහු නැති ගුවන්විදුලියක්ල රූපවාහිනියක්ල මංගල්‍යයක්ල උපන්දින සාදයක් වෙනත් උත්සවයක්ල පැදුරක් හෝ සාජ්ජයක් හෝ රිඟින් ටෝන් එකක් නොමැති තරමට ජන හද කිසිම භේදයකින් තොරව එක හෙළා වැලඳ ගත් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම දක්ෂතම හා ජනප්‍රියතම ගායකයා බවට ජනතාව තීන්දු කර හමාරයග ගාමිණී ෆොන්සේකා කීවාක් මෙන් ලෝක සිතියමේ මේ පුංචි ලංකාව තිබෙන තුරා එච්ගආර්ග ජෝතිපාලගේ හඬ රැව් පිළිරැව් දෙනු ඇත.


             මව්බ්ම  2015-07-25

ජනමෝහන සංස්කෘතිය

Malsha Gamage




ජනප‍්‍රිය සංස්කෘතිය යන්න කිමැයි හදුනා ගැනීමට පෙර සංස්කෘතිය යන්න කුමක්දැයි හදුනා ගත යුතු වේග සංස්කෘතිය යන්න ද එක් නිශ්චිත සීමාවකලා විග‍්‍රහ කළ නොහැකි වේග විවිධ විචාරකයෝ විවිධ නිර්වචන ඔස්සේ එකී විෂය විග‍්‍රහ කරතිග එකී නිර්වචන අතර පෞරාණික නිර්වචනය ලෙස 1871 දී ඊග බීග ටයිලර් නැමැති සමාජ මානව විද්‍යාඥයා විසින් ඉදිරිපත් කළ නිර්වචනය හදුනාගත හැකි වේ. ඔහුට අනුව සංස්කෘතිය

 දැනුම ඇදහිලි කලා නීති සදාචාර සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජිවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගත්තා වූ පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයිග  
මේ නිර්වචනය තුළ පුද්ගලයගේ සමස්ත හැසිරීමේ රටාවම සංස්කෘතිය වශයෙන් හදුනාගත හැකි වේග සමහරු සංස්කෘතිය යන්න ගුණ වගාව නමින් දල ආගම සාහිත්‍යය ඉගැන්වීමෙන් හා සාහිත්‍ය කලාස්වාදයෙන් ලැබෙන චිත්ත විසුද්ධිය නමින් ද හදුන්වති.

මේ ආකාරයට හදුනා ගන්නා සංස්කෘතිය අද වන විට ඉතා පුළුල් විෂය ක්‍ෂේත‍්‍රයක් ඔස්සේ ව්‍යාප්තව ගොස් ඇති අතර බොහෝ වෙනස් වීම් වලටද භාජනය වී තිබේග මෙම වෙනස්වීම් වලට බලපෑ සාධක අතර කාර්මික විප්ලවය මෙන්ම ජනමාධ්‍ය බිහිවීම ද හේතු වේග

 









මිනිසා තුළ පුදුම එළවන මෙම ජනමාධ්‍ය මගින් මෙතුවක් කල් පවත්නා සම්මත නිර්මාණ ක‍්‍රමවේදයන් ඉක්මවා නව නිර්මාණල නව තාක්ෂණික ක‍්‍රමවේදයන් ඔස්සේ විකාශය වියග එය කෙටිකතාව නවකතාව නාට්‍ය ගීතය මෙන්ම දෘශ්‍ය මාධ්‍යය ද නව මුහුණුවරකට පරිවර්ථනය වන්නට හේතු වියග මේ පසුබිම සම්මත නිර්මාණ ශිල්පියා අසම්මත ආකාරයකට නිර්මාණ බිහිකරන ශිල්පීන් බවට පත් වියග ජනමාධ්‍යය ලොවම ආවරණය කළ විට තත්කාලයේ තිබූ සංස්කෘතියට ජනප‍්‍රිය අංග එකතුවීමෙන් නව සංස්කෘතියක් ද බිහි වියග ජනප‍්‍රිය සංස්කෘතිය ලෙස හදුනාගත හැක්කේ සංස්කෘතික ව්‍යාප්තියේ ප‍්‍රතිඵල ලෙස බිහි වූ නව ආරක් ගත් ජන සංස්කෘතික අංගයන්මයග ඒ අනුව ජනප‍්‍රිය සංස්කෘතිය යන වචනය භාවිතයට පැමිණෙනුයේ 1950- 1960 වැනි දශකවලදී වේග මේ පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කරමින් බොහෝ විද්වතුන් විසින් විවිධාකාර වූ අර්ථකථනයන් ජනප‍්‍රිය සංස්කෘතිය යන්න පිළිබඳව ඉදිරිපත් කර තිබේ.


x      ජනප‍්‍රිය සංස්කෘතිය යන්න වඩා බහුතර ජනතාවගේ සංස්කෘතිය වේ      -නූතන කලා විචාරකයන්-
x    ජනප‍්‍රිය සංස්කෘතිය යනු සමාජය තුළ ජිවත්වන සියලූ දෙනාගේම සංස්කෘතියයි     -බටහිර විචාරකයින්-
x    මිනිස් කණ්ඩායමක අත්දැකීම් බෙදා හදා ගන්නා ක‍්‍රමය ජනප‍්‍රියසංස්කෘතිය නම් වේ   -හිදෙතොෂී කාටෝ-

මේ ආකාරයට විවිධාකාර ලෙසින් හදුනාගන්නා ජනප‍්‍රිය සංස්කෘතිය ජනයා විසින් නිර්මාණය කරන ලද්දක් දල ජනමාධ්‍යය වල නිර්මිතයක් ද යන්න නිසැකව නිර්වචනය කළ නොහැක්කේ හැම විටම එය එකිනෙකට වෙනස්ව අන්තර් වශයෙන් පෝෂණය වන බැවිනිග


ප‍්‍රකාශන නිදහස සහ මාධ්‍ය හිංසනය

Malsha Gamage










 මාධ්‍ය නිදහස යන්න ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළත් දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් එක සේ සංවාදශීලි මාතෘකාවකි. මෙරට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින්ම පිළිගෙන සහතික කරඇති භාෂණයේ හා ප‍්‍රකාශනයේ නිදහස ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට අතිශය වැදගත්ය. අතීතයේ දී තොරතුරු හා දැනූම ප‍්‍රකාශයට පත් කිරීම සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රම සහ ප‍්‍රාථමික මුලාශ‍්‍ර ඔස්සේ සිදුවිය. එහෙත් වර්තමානය වනවිට තාක්ෂණික දියුණුවත් සමඟ දියුණු සන්නිවේදන භාවිතයක් දක්වා විකාශනය වී ඇත. තොරතුරු සමාජ ගතවීමේ ක‍්‍රමික වර්ධනයත් සමඟ ප‍්‍රකාශන නිදහස පිළිබඳව සාකච්ඡුාවට  ලක්විය. එමනිසා වර්තමානය වෙනවිට තොරතුරු ප‍්‍රකාශනය හා බැඳුණු මාධ්‍ය නිදහස අතර ඝට්ටනයක් පවතී.යම් සිදුවීමක් පිළිබඳව විස්තරාත්මක ආකෘතියක් ඔස්සේ තොරතුරු ඉදිරිපත් කිරීමේ ශක්‍යතාව  පවතින්නේ පුවත්පතටය. ඇතැම් අවස්ථාවලදී පුවත්පත් කලාවේදීන් යම් යම් සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා කිරිමේ දී එහි අනන්තය දක්වාම ගොස් පාඨකයාට සත්‍ය හා විශ්වාසනීය තොරතුරු අපක්ෂපාතී වාර්තාකරණයක් හරහා ලබා දීමට උත්සාහ කරයි.මෙහි දී සිදුවීමට අදාළ පුද්ගලයා කවරෙක්ද?ඔහු නියෝජනය කරන සමාජ පන්තිය කුමක්ද යන කාරණා පුවත්පත් කලාවේදියාට අදාළ වන්නේ  නැත. ඔහුට අවශ්‍ය වන්නේ පාඨකයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උපරිම ආකාරයෙන් සම්පුර්ණ කිරීමට වේ.
 
මේ නිසා විද්‍යුත් මාධ්‍යයට සාපේක්ෂව විශේෂයෙන්ම පුවත්පත් වාර්තාකරණයේ දී මාධ්‍යවේදීන් විවිධාකාර වු ශාරීරික හා මානසික හිංසනයන්ට ලක් වී තිබේ. හිංසනය යනුවෙන් අර්ථවත් වන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් මඟින් හිරිහැරයට හෝ පීඩාවට පත්වීමය. මෙම හිරිහැරය කිරීම, අතුරුදහන් කිරීම, පැහැරගෙන යාම,රඳවා තබාගැනීම, යනාදිය ශාරීරික හිංසනයට අයත් වේ.තර්ජනය කිරීම,රැුකියාව අහිමි කිරීම, මාධ්‍ය ආයතන වසා දැමිම, මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගන්න බව ප‍්‍රකාශ කිරීම මානසික හිංසනයන්ට අයත් වේ.

”ජනමාධ්‍යවේදියාගේ රස්සාව යනු ඇත්ත වසන් කිරීමම රස්සාක් කරගත් අය පිළිබඳ ඇත්ත කීමය.”
                                                                     (බිල් මොයර්ස් )
මෙම නිර්වචනයට අනුව පැහැදිලි වන්නේ ජනමාධ්‍යවේදියා යනු සත්‍යය ගවේෂණය කරමින් නිවැරදි දේ වාර්තා කිරීම වෙනුවෙන් කි‍්‍රයා කරන්නෙකු වන බවයි. ඇත්ත වසන් කරන්නන්ගේ තොරතුරු සොයා යාමේදී ජනමාධ්‍යවේදියාට ඇතැම් අවස්ථාවල හිංසනයට ලක්වීමට සිදුවේ. එහෙත් ඔහුගේ කාර්යය නිසි පරිදි සත්‍ය තොරතුරු වාර්තා කිරීමයි.

එක්සත් ජනපදයේ ඇති ප්‍රධානතම ආයතනය වන්නේ වෘත්තියමය පත්‍රකලාවේදීන්ගේ සංගමයයිග එහි සදාචාර සංග්‍රහයේ පූර්විකාවේ දැක්වෙන පරිදිල
  ජනතාව දැනුවත් කිරීම සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමයග ”පත්‍රකලාවේදීන්ගේ වගකීම නම් සත්‍ය සොයා ගොස් සිදුවීම් පිළිබදව සාධාරණ විස්තරයක් සැපයිමයග පත්‍රකලාවේදීන් මහජනයාට අවංක විය යුතුයග වෘත්තිය අවංක භාවයේ පදනම වන්නේ පත්‍රකලාවේදියාගේ විශ්වාසනියත්වයයි.

”පුවත්පත් නැති ආණ්ඩුවක් ඇති සමාජයක් සහ ආණ්ඩුවක් නැති පුවත්පත් ඇති සමාජයක් අතර තේරීමකට බල කෙරෙතොත් නොපැළකිලිවම මා තෝරා ගන්නේ දෙවැන්නයි.”
                                                               (තෝමස් ජෙපර්සන් *
මෙම  නිර්වචනයට අනුව  පුවත්පත් මාධ්‍යය යනු ගාමක බලවේගයක් හිමි සමාජයේ පෙරගමන්කරුවෙකු බව පැහැදිලි වේ.

  " සෑම පුවත් සංවිධානයක්ම ඔවුන්ගේ විශ්වාසවන්තනීය බව සහ කීර්තිය මත රැඳී පවතී”
 - ටෝනබර්මන් - ක්‍ඊී නිවුස් - ප්‍රධාන කතෘග
 සත්‍යවාදී බවල නිවරදි බවල වාස්තවික බවල අපක්ෂපාති බවල සාධාරණ බවල ජනතාවට වගකීම මේවා පුවත්පත් ලබාගැනීමේ දී හා ඒවා ජනතාවට ලබාදීමේ දී ඉතා වැදගත් වේ.
 
 ඇතැම් විට පත්‍රකලාවේදීන් සිය මූලාශ්‍ර සමග කටයුතු කිරීමේ දී රහසිගත බව සුරැකිය යුතුයග මෙයට අනුව පොලීසිය හෝ නීතීඥවරුන් ඉදිරියේ පවා සිය මූලාශ්‍රවල අනන්‍යතාව සුරැකීමට පත්‍රකලාවේදීන් බැඳී සිටිග එහෙත් මූලාශ්‍ර හෙළි නොකිරීම නිසා මාධ්‍යවේදීන් සිරගත කිරීමට පවා සිදු වී ඇතග

පත්‍රකලාවේදීන්ගේ අයිතිවාසිකම් රටින් රටට වෙනස් වේග උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ රජයට සම්බන්ධ තොරතුරු සුරැකීම සඳහා වැඩි බලයක් ඇති අතර එක්සත් ජනපදයේ මෙන් නොව මෙහි දී මූලාශ්‍ර හෙළි කිරීමට මාධ්‍යවේදීන්ට දැඩිව බලපෑම් කළ හැකග සිම්බාබ්බේ සහ මහජන චීනය වැනි රටවල දේශීය හා විදේශීය පත්‍රකලාවේදීන් වද හිංසාවට ලක් කිරීමේ ඉතිහාසක් ඇතග

එක්සත් ජනපදයේ ෆෙඩරල් උසාවිය තුළ කිසිම දිනක මූලාශ්‍ර සුරැකීමේ අයිතියක් පිළිගෙන නැතග සමහර විට විවිධ මට්ටම් වල මෙම අයිතිය ක්‍රියාත්මක වේග එහෙත් ෆෙඩරල් අධිකරණය පත්‍රකලාවේදීන්ට මූලාශ්‍ර හෙළි කිරීමට නියෝග කරන්නේ එම තොරතුරු නඩුවට දැඩිව අදාලවන විට හෝ එම තොරතුරු ලබා ගැනීමට වෙනත් මාර්ගයක් නොමැති නම් පමණිග තොරතුරු ලබා නොදෙන මාධ්‍යවේදීන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඩ නියම කිරීමට හෝ සිරගත කිරීමට හැකග
 එක්සත් ජනපදයේ ඇති ප්‍රධානතම ආයතනය වන්නේ වෘත්තියමය පත්‍රකලාවේදීන්ගේ සංගමයකිග එහි සදාචාර සංග්‍රහයේ පූර්විකාවේ දැක්වෙන පරිදි ජනතාව දැනුවත් කිරීම සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමයග ”පත්‍රකලාවේදීන්ගේ වගකීම නම් සත්‍ය සොයා ගොස් සිදුවීම් පිළිබදව සාධාරණ විස්තරයක් සැපයිමයග පත්‍රකලාවේදීන් මහජනයාට අවංක විය යුතුයග වෘත්තිය අවංක භාවයේ පදනම වන්නේ පත්‍රකලාවේදියාගේ විශ්වාසනියත්වයයිග
 
තම පාඨකයා උදෙසා උපරිම ආකාරයෙන් සත්‍ය හා විශ්වසනීය තොරතුරු ලබාදෙමින් වාර්තාකරණයේ නිරත වනවිට ඇතැම් අවස්ථාවල මාධ්‍යවේදීන් හිංසනයට ලක්වන බව පැහැදිලිය.
නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක තොරතුරු දැනගැනීමේ හා ප‍්‍රකාශනයේ නිදහස තිබිය යුතුය. එහෙත් අපේ රටේ මේ වෙනුවෙන් පවතින ඉඩප‍්‍රස්ථාව පිළිබඳව සතුටු විය නොහැකිය. පුවත්පතක සේවය කරන පුවත්පත් කලාවේදීන්ට සිය අභිමතය පරිදි මාධ්‍යය හැසිරවීමට නොලැබේ. මෙහිදී ඔවුන්ට  විවිධ වු අභියෝගයන්ට මුහුණ දීමට සිදුවේ. ඇතැම් විට පුවත්පත් කලාවේදීන්ට පුවත්පත් දේශපාලනයට අනුගත වීමට සිදුවේ. තමන්ගේ පෞද්ගලික දේශපාලන අදහස් අනුව පෞද්ගලික ජිවිතය තුළ කටයුතු කිරීමේ අවස්ථා ද ඇතැම් විට ඇහිරී යයි. හිමිකාරීත්වයේ පක්ෂපාතීත්වය මත තම දරන දේශපාලන අදහස් හා කි‍්‍රයාකාරකම් වෙනස් කරගත යුතුය. එසේ නොවුණහොත් රැුකියාව අහිමි විය හැකිය.
 
1947 මැතිවරණ සමයේ ”පෙරමුණ ”සතිපතා පුවත්පත ඇසුරින් මීට උදාහරණයක් දැක්විය හැකිය. එහි හිමිකාරිත්වය දැරූ පිරිසකට එම මැතිවරණයේ කැලණිය ආයතනයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වු ජේ. ආර් ජයවර්ධන ද අයත් විය. පුවත්පත් වාර්තාකරුවකු වු ධර්මසිරි ජයකොඩි මැතිවරණයේ දී සමසමාජ පක්ෂ අපේක්ෂකයාට පක්ෂව කටයුතු කළේය. එහි අවසන් ප‍්‍රතිඵලය වුයේ පසුදා ඔහු කාර්යාලයට ගියවිට සේවයෙන් ඉවත් කළ බව දන්වා සිටීමයි. මේ අනුව පැහැදිලි වන්නේ මාධ්‍යවේදීන් මර්දනය කිරීම කුමන රජයක් පැවතිය ද නතර නොවන බවයි. පසුගිය ආණ්ඩුව ඇතුළත මාධ්‍යවේදීන් මර්දනයට ලක්වීමෙහි ඉහළ ප‍්‍රවණතාවයක් දක්නට තිබුණි. එහෙත් වර්තමානයේ පවතින රජය යටතේ එහි යම් අඩු බවක් දක්නට තිබේ. ඒ කෙසේ වුවද මෙම නිදහස කොතෙක් දුරට පවතීද යන්න නිශ්චිතව කිව නොහැකිය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මාධ්‍ය නිදහස, මාධ්‍යවේදීන්ගේ අභිමතය පරිදි මාධ්‍යය හැසිරවීමට අවශ්‍ය වාතාවරණය රට ඇතුළත නිර්මාණය කළ යුතු කාලය එළඹ ඇත.



Wednesday, August 17, 2016

ඔබේ ජිවිතය දුකින් නම් උපදෙස් මෙන්න

Malsha Gamage






සිද්ධාර්ථ කුමාරයාට වගේ රම්‍ය, සුරම්‍ය, සුභ කියලා මාලිගා අප සතු නොවුනට වැටිලා ඉන්න පැලක් හරි තියෙනවනම් අන්න ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න  ඕන.


x කුස රජුට වගේ  ඕන දේ  ඕන වෙලාවට ලබාගන්න තරම් පින් අප සතු නොවුනට හැංගිච්ච එඩිතරකමක්, ශක්තියක් අපි ළඟත් තියෙන නිසා ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න  ඕන.


x පුළුවන් හැම මොහොතකම හිනාවෙලා ඉන්න තරම් සතුටක් අප සතු නොවුනට ප‍්‍රශ්න තියාගෙන පටාචාරා වගේ උමතුවට පත් නොවුන නිසා ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න  ඕන.



x ඒ කාලේ වගේ හැම දුකකටම මහ කරුණාව දක්වන්න මේ කාලේ බුදු හාමුදුරුවෝ අප ළඟ නොසිටියට බුද්ධ ප‍්‍රතිමාවට හරි දුක කියලා පිහිට ගන්න පුළුවන් නිසා ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න  ඕන

.

x මෙහෙණින් වහන්සේ කෙනෙකුට වගේ ගලක් උඩට වෙලා භාවනායෝගීව සිටීමට කාලය අප සතු නොවුනට ගලකට නැගලා ඒ සිසිලට දුක පා කරන්න පුළුවන් නිසා ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න  ඕන


.
x  මෙහෙම හිතන්න පැවිදි රුවක් වගේ හදවතක් අප සතු නොවුනට ජිවිතය කියන්නේ මෙන්න මේකයි කියලා අපි සතුටු වෙන්න  ඕන.



x එහෙම හිතලා සෝවාන් ඵලය ලබාගන්න නොහැකිමුත්  අපහට ඇතිවන්නා වු ජිවිතාවබෝධය නිසා අන්න ඒ ගැන හිතලා අපි සතුටු වෙන්න  ඕන.
 

අද..... දොස්තර

Malsha Gamage










අවුරුදු හතක් පුරා

වෙදකම් කර

සුව නොවු සිටු දේවිගේ

හිස රුදාව

එදා ජීවක වෙදැදුරා

සුවපත් කළේ

අපේක්ෂාවෙන් තොරව මිල මුදල්

අද....දොස්තරට

දහස් ගණනින් මුදල් ගෙවා

තම වාරය එනතුරු පැය ගණන්

බලා ඉඳියි, තම රෝගය දැන ගැනීමට

පරීක්ෂණ පත්ඉරු අත දරා

12 කණිසමට ....

දොස්තර, කාමරය අභියස

අසුන් අරා වැජඹෙන සඳ

සාත්තු සේවිකාව අංක ” 08 ”

එන්න ඇතුළට

ඇහෙරෙන රෝගියාට

නොදන්නා ඉංගි‍්‍රසියෙන් ලියු තුණ්ඩුවක්

අතට දෙයි

දොස්තරට කලින්

නැවත.... සාත්තු සේවිකාවගේ හඬ

ඊළඟ අංකය ....

ලෝකයට ජීවය දෙන අදිසි හස්තය ඇයයි

Malsha Gamage













ධනාත්මක ආකල්ප වලින් පරිපුර්ණ වු කාන්තාවට අද ලෝකයේ දොරටු විවර වි හමාරය. ස්වභාව ධර්මයේ සුවිශේෂි නිර්මාණය වන්නේ ඇයයි. ලෝකය එදත් අදත් හෙටත් පවතිනුයේ ඇය නිසාමය.
කාන්තාවට ස්වභාවයෙන්ම භූමිකා කිහිපයකම සාර්ථකත්වය සඳහා සිය පොදු දායකත්වය ලබාදීමට සිදුවීම පොදු ධර්මතාවයකි. ඇය නැත්නම් ලෝකයක් කියා දෙයක් නැත. ඇය නැති තැන පැවැත්මක් ද නැත. සෑම පවුල් සංස්ථාවකම රන් සක් හඬ වන්නේ ඇයයි. කුඩා බිළිදියක ලෙස උපදින ඇය පළමුව සිය පවුලේ සහෝදරියගේ භූමිකාවට අවතීර්ණ වෙයි. ඉන්පසු නිසි වයසට එළඹීමෙන් පතිකුලයට යන අය සෙනෙහෙබර භාර්යාවකගේ භූමිකාවට පරිවර්තනය වෙයි. තෙවනුව ලෝකයේ තිබෙන උත්තරීතර පදවිය වන මව් පදවියටද උරුමකම් ලබයි. මේ අයුරින් ජිවිතයේ සදෑ සමයට ළඟාවන ඇය සිය මුණුපුරාගේ හෝ මිණිපිරියගේ ආදරණීය අත්තම්මා කෙනෙකු බවට පත්වන්නීය.

පවුල තුළ සිදුවන මෙම භූමිකා පරිවර්තනයට මදක් ඔබ්බෙන් එහාගිය ශ්‍රේෂ්ඨ සමාජයීය භූමිකාවන්හිදී ද රංගනයේ යෙදීමට ඇයට සිදුවේ. විටෙක ඇය කුමර කුමරියන්ගේ නැණ පහන් දැල්වීමෙහිලා ඇප කැප වී කි‍්‍රයාකරන සෙනෙහෙබර ගුරු මවකි. තවත් විටෙක අට දැය සුරකින වීරෝදාර සෙබළියකි. තවද ජිවිතයත් මරණයත් අතර ද්වන්ධ සටනක යෙදෙන රෝගියෙකුගේ ජිවිතයට වෙස් වළාගත් ආශිර්වාදයක් වන දොස්තර නෝනා කෙනෙකි. එපමණක් නොව ඇයට ලෝකය දෙස විමර්ශනාත්මතව බැලීමේ අපුරු ශක්‍යතාවයක් තිබේ. ඇය සතු එම විමර්ශනාත්මක හැකියාව නිසාම ලෝකයක් ආලෝකමත් කිරීමේ කිරීමේ හැකියාව පවතී.
මෙරට විදේශ විනිමය වැඩිම ප‍්‍රමාණයක් ඉපයීමට දායකත්වයක් ලබදෙන්නේ විදෙස් ගතවෙන කාන්තාවයි. තම පවුලේ ආර්ථකය ශක්තිමත් කිරීම උදෙසාත් වඩා හොඳ ජීවන තත්ත්වයක් තම පවුලට ලබාදීම ඇතුලු දහසක් බලාපොරොත්තු තම සිත්හි දරාගෙන විදෙස් ගතවෙන ඇය අභියෝග රැුසකට මුහුණ දෙයි. ඇතැම් අවස්ථාවල ඉතා අමිහිරි මෙන්ම කනගාටුදායක සිදුවීම්ද මේ සම්බන්ධයෙන් වාර්තා වු අවස්ථා නැතිවා නොවේ. එහෙත් විදෙස් ගතවන කාන්තාව දෙස සමාජය බැලීමට පුරුදු වී සිටින්නේ වෙනස්ම කෝණයකිනි. ඇයට සමාජ පිළිගැනීමක් නැත. ඇය සමාජය ඉදිරියේ අවතක්සේරුවට ලක්කරයි. නමුදු මෙහිදී සිතිය යුතු කාරණයක් පවතී. ඇය විදෙස් ගතවන්නේ සිය පවුල නඩත්තු කිරීම උදෙසා මිස කැමැත්තෙන් යන ගමනක් නොවේ. තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට, නිවසක් තනාගැනිමට වෙහෙසන ඇය දෙස වපර ඇසින් බැලීම නතර කළ යුතුය.

අතේ පට්ටා එනතුරු ගල් කොරිවල වැඩ කරන කාන්තාවන්ද මේ රටේ සිටින බව අප අමතක නොකළ යුතුය. ඇය උත්සාහ ගන්නේත් තම දරු පවුල රැුකීමටය. තිරය පිටුපස නොදකින කතා බොහෝමයකි. ඇයද සියුමැලි කාන්තාවක් වීමට පුලුවන. එහෙත් ඇය හැප්පෙන්නේ සිත් පිත් නැති කලු ගල් සමඟය.ඒ තමාගේ සුභ සිද්ධිය උදෙසා නොව තම පවුලේ හෙට දවස වෙනුවෙනි.
අද දවසේ කාන්තාව පුරුෂ පක්ෂය හා උරෙනුර ගැටී  ඕනෑම අභියෝගයක් භාරගැනීමට ඇය සුදානම්ය. ලෝකයක් දිනීමට අවශ්‍ය වන්නේ එවැනි දිරිය කතුන්ය. මේ අයුරින් ජිවිතය දිනන්ට වෙර දරන ලක් ළලනාවන් තවමත් ලක් මාතාව තුළ ජීවත්ව සිටීම පිළිබඳව අතිශයින්ම සතුටු වන්නෙමු.

Tuesday, August 16, 2016

යකාගේ පෙට්ටිය

Malsha Gamage







එදා කලකට පෙරාතුව

අපේ දෙසවනට හිත මිිතුරු වු

වෑර්ලස් එක

සිතට වේදනාවක් ඇතවු විට

අප දිව ගියේ ඒ වෙත

ඉන් නඟන සුමිහිරි නද අසන්නට

අද මුල්ලකට තල්ලු වී ඇත

රූප පෙට්ටිය ගේ මැද සාලෙට අරක් ගෙන

මා පිළිගත් තේ කෝප්පය

වෙනුවට අඹු දරුවෝ සැම

කට අයාගෙන රූප පෙට්ටිය ඇතුළේය

මා ආ වගක් මතක නැත

අනේ පවුලට ගිය කල යකාගේ පෙට්ටිය

Monday, August 15, 2016

බන්දේසියේ තියලා අල්ලන්නේ නෑ

Malsha Gamage
ජිවිතය යනු හමුවීම හා වෙන්වීම අතර දෝලනය වෙන්නක්. ජිවිතේ අපි හැමෝටම බලාපොරොත්තු තියෙනවා. බලාපොරොත්තු නැති කෙනෙක් හොයන්න බෑ. ඒක තමයි ස්වභාවය. ජීවත් වෙනවා කියලා දැනෙන්නේ එතකොට. ඒත් අපි තියා ගන්න  ඕනැ ළගා වෙන්න පුළුවන් බලාපොරොත්තු. මොකද හැම ඉලක්කයක්ම හිතෙන විදියට සාර්ථික වෙන්නේ නැති අවස්ථාත් තියෙනවා. අපි පුරුදු වෙන්න  ඕන හැම දෙයක්ම උපේක්ෂාවෙන් විඳ දරාගන්න. බාධක එන තරමට ජීවිතේ ශක්තිමත් වෙනවා. බාධක එනවිට ආපස්සට යන්න හොඳ නැහැ. අමාරුවෙන් වුණත් ඉදිරියට යාමයි වැදගත්. වරක් නොව දස දහස් වරක් ඇඳ වැටුණත් ඉලක්කයට ළඟාවීම අවශ්‍යයි. සාර්ථීකත්වයේ රහස එයයි.
කෙනෙකුට මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ හරිම කලාතුරකින්. එලෙස ලැබෙන ජීවිතේ අයාලේ යන්න දෙන්න හොඳ නැහැ. සිහින ජීවිතේ තියාගන්න  ඕනැ. සිහින තමයි පාර පෙන්නන්නේ යා යුතු තැන. ඒත් ඒ සිහින බාල බොළඳ වෙන්න බැහැ. සිහිනවල අර්ථයක් තිබිය යුතුයි. පරාජය යනු ජයග‍්‍රහණයේ ආරම්භයයි. පරාජය වුණු සැණින් වැටෙන්න එපා. සිතට ධෛර්ය ගන්න බලන්න. උත්සාහය, කැපවීම තියෙනවනම් කරන්න බැරි දෙයක් නැහැ. ඒත් ඔබ කියාවි සමහර තැන්වලදී අපි උත්සාහ කළත් එයින් ඵලක් වුණේ නෑ කියලා. හොඳට ආපසු හැරිල බලන්න. කොතනක හරි අසාර්ථීක වෙලා ඇති. සාර්ථිකත්වයට හේතුවක් තමයි තමන්ට වැරදුණු, අතපසු වුණු තැන හොඳින් නිරීක්ෂණය කිරීම. ඒ වෙනුවෙන් වැය කරන කාලය කවදාවත් අපතේ යන්නේ නැහැ.
මේ ලොකේ සාර්ථික වුණු හැම කෙනෙක්ම එකපාරට දියුණු වුණේ නැහැ. ඔවුන් ජිවිතය දිනුවේ වැරදුණු තැන් තිබුණ නිසාමයි. ඒත් ඒ මිනිස්සු වැරදුණා කියලා පැත්තකට වුණේ නැහැ. ඔබ දන්නවාද? දෑත් අහිමි ගුවන් නියමුවරිය ඇය නමින් ජෙසිකා කොක්ස්ය. ඇය උපදින්නේ දෑත් අහිමිවයි. එහෙත් ඇය ”මට නොහැකිය ” යන වචනය භාවිත කළේ නැත. ඇය ලෝකයේ දෑත් නොමැතිව දෙපා පමණක් ඇති එකම ගුවන් යානා පැදවීමේ බලපත් හිමි තැනැත්තිය බවට පත්වෙනවා. මේ එක කතාවක් විතරයි. මම හිතනවා එක කතාවත් ඇති මේ හිතලා බලන්න.
ජිවිතය දිනන්න වෙර වීරියයි  ඕනෑ. එහෙම නැතුව කිසිම දෙයක් බන්දේසියේ තියලා ගෙනත් අල්ලන්නේ නෑ. අපි තමා බන්දේසිය හොයාගෙන යන්න  ඕනෑ. එතකොට බන්දේසිය පිරිලා තියෙනවනම් තවත් හොඳයි. මොකද පිරුණු බන්දේසිය ඇතුළේ තියෙන්නේ අමාරුවෙන් ගොඩනගා ගත්ත වටිනම දේවල් ටික. දණ ගගා වැටී වැටී ඇවිදිපු අපි හැමෝටම අද ඇවිදින්න කාගේවත් වාරු  ඕනැ වෙන්නේ නෑ නේද? ඉතින් එහෙම නැගිට්ටා වගේ ඇයි අපිට ජිවිතයේ ඇවිද ගෙන ඉස්සරහට යන්න බැරි. වරැුද්ද තියෙන්නේ අපි හිතන ක‍්‍රමයේ. පුංචිම පුංචි දෙයක් ඇති අපිට වැටෙන්න. වැටිලා අඬනවා. මට හිතෙනවා මේ කිව්ව දේවල් හොඳටම ඇති ඔලූවක් තියෙන කෙනෙකුට හිතට අරගෙන ගමනක් යන්න.  ඕ... මම නවතිනවා.













නුඹ නිසා තිත්ත වුණි පාසල් යාම

Malsha Gamage
නටපු දෙං එළවළු බක්කිය ළඟ හිටගෙන
හිතපු දෙං  ඕනෑ දෙයක් මං ගැන
පැනලා නොකියමි හැදුනුම්කම්
විස්තර නොකරමි ගුරු ගෝලකම්
මතකයි ඇඳපු හැටි යටිි බඩෙන්
කොනිත්තා බුරිය ළඟ හමෙන්
තියපු හැටි ගිනි අව්වේ දනින්
ගහපු හැටි ඇඟිලි උඩට අඩි කෝදුවෙන්
තලන්නටම හිතාගෙන වේවැලක් ගෙන
මුහුණේ සිනාවක් තෙතක් දයාවක් නොමැතිව
එදා දේවදත්තයා ලෙස පැමිණි මොහු
දැන් වියපත්ය, පැන්ෂන්ය, තැන්පත්ය
මොලේ ඇති එවුන්ම වර්ණනා කොට
උන්ටම ලකුණු දී සම්මාන දී
මං වගේ දුර්වලයන්ට
තලා පෙලා හිංසා කොට
පාසල අපායක් කළ මොහු
නුඹ නිසා තිත්ත වුණි මට පාසල් යාම
නැවතුනිමි, මම ගෙදර හඬ හඬා
අන්තිමේ ගියෙමි තාත්තා ගිය මඟ
ටවුමේ එළවළු විකුණන්නට (දැන් මට හොඳයි)
නුඹ ද නුඹේ දක්ෂ අදක්ෂ ගෝලයෝ ද
දැන් නිතර එති මා ළඟට, මගේ කඩයට
එදා බැරි වුණ ගණන්  දැන් පෙන්වමි
නුඹලා සැමට
කිරාදෙමි පන්සීයය හාරසීයයට....



Sunday, August 14, 2016

හිරි ඔතප්

Malsha Gamage


පොතේගුරැ :   සැවත් නුවර වාසී වු එක් කුළ පුත‍්‍රයෙක් තමාගේ භාර්යාව මිය පරලොව යාමෙන්   ශාසනයේ අවුත් මහණ වුණා.එ තෙමේ මහණ වීමට ප‍්‍රථම තමා වසනු පිණිස පන්සලක් ,ගිනිහල් ගෙයක් හා බඩුහල් ගෙයකුත් ඉදි කරනවා.මහණ වු පසු තමා සන්තක කෙල්ලන් කොල්ලන් කැඳවා ගෙන රුචි වු පරිදි බත් මාළු පිසවා ගෙන අනුභව කරනවා.සිවුරු ආදී  වු බොහෝ පිරිකර එ් භික්ෂුවට තිබුණා.රාති‍්‍රයෙහි එක් පොරෝනයකුත් දහවල් කාලයෙහි තවත පෙරෝනයක් ද අඳිනවා.දිනක් බොහා් දනව්වාසී භික්ෂුන් වහන්සේලා සේනාසන චාරිකාවෙහි පිඬු සිඟා වඩිනා සේක් මේ බහුභාණ්ඩික භික්ෂුවගේ මළුවට ගොස් සිවුරු ආදිය දැක ”මේ කාගේ දැයි විචාරනවා.ඒ බහුභාණ්ඩික භික්ෂුව”ඇවැත්නි මාගේ ය” යනුවෙන් පිළිතුරු දෙනවා.අනතුරුව බහුභාණ්ඩික භික්ෂුව බුුදුන් සමීපයට කැඳවාගෙන යනවා.බුදුරජාණන් වහන්සේ ”මහණ තා බහුභාණ්ඩික වුයේ සැබෑ ද විචාරයි.ඒ බහුභාණ්ඩික භික්ෂුන් වහන්සේ බුදුන් වදාළ බස් අසා කිපී පොරෝනය දමා පියා භය ලැජ්ජා නැතිව පර්ෂද මධ්‍යයෙහි තනි අඳන කඩයෙන් පමණක් සිටිනවා . ඒ සම්බන්ධ අතිත කථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

   ( කුමාරවරු සෙල්ලම් කරන හඬ *
දර්ශන අංක 1 : රජ මාළිගාවේ එළිමහන / දවල්

බිසව :    මහ රජතුමනි,  අර බලන්න .කුමාරවරු තුන් දෙනා සේල්ලම් කරන ලස්සන. ඒ කුමාරවරු අතරේ සිත් ගන්නා ලෙස දුව පැන නටන සූර්ය කුමාරයා හරියට ලා හිරු කිරණක් වගේ. ඇත්තටම මට හරිම ආඩම්බරයි මගේ පුතා ගැන.මහීසාංස වගේම චන්දා කුමාරයත් සුර්ය කුමාරයට ලෙන්ගතු කමෙන් ආදරයෙන් සලකනවා.ඔබතුමාටත් ආඩම්බරයක් නේද


රජතුමා :     ආ.......මාගේ පෙම්බර දේවීය.වැඩිමහල් කුමාරවරු දෙන්නගේ මෑණියෝ නැති වුණාට පස්සේ ඉඳන් ,ඒ අඩුව පිරිමහන්නේත් මගේ මේ දේවියමනේ...ඉතිං මම කල්පනා කළා දේවීය ඉල්ලන  ඕනෑම ඉල්ලීමක් ඉටු කරන්න.තොපගේ පුතණුවන්ට කැමති වරයක ඉල්ලා ගනුව.

බිසව : (තමාටම) රජතුමා මගේ පුතාට ආදරෙයි.කැමති වරයක් ඉල්ලන්න කිව්වා. පුතා තවම පුංචියි.වැඩිවියට පත් වුණාට පස්සේ ම මම ඒක ඉල්ලනවා.ඇරත් ,අනෙක් බිසවගේ   දරුවන්   දරුවන් දෙන්නා මෙය දැන ගත්තොත් කුමක් වේවි ද  (සංගීත ඛණ්ඩයක් ) මහ රජතුමනි ඔබ මට පෙරොන්දුවක් දුන්නා.මගේ සුර්යා කුමාරයා වෙනුවෙන් වරයක් ඉල්ලන්න කියා. ඉතිං රජතුමනි ,මාගේ පුතණුවන්ට රාජ්‍යය පවරා දුන මැනව. එ් වරය ඉල්ලන්න හොඳම අවස්ථාව තමයි මේ.( තමාටම *

රජතුමා :  සොදුර ...මා කෙසේ ද එ් ඉල්ලීම ඉටු කරන්නේ. එය මා තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. ( තමාටම) මො තොමෝ මාගේ වැඩිමහල් දරුවන් දෙදෙනාට අනර්ථයක් කරනු ඇත. ඒ නිසා මම මෙයට සුදුසු උපක‍්‍රමයක් යෙදිය යුතුය.

දර්ශන අංක  2    ප‍්‍රාසාදයේ උඩු මහළ /උදය

පොතේ ගුරු:   මහීසාංස හා චන්දා කුමරු කැඳවයි.

රජතුමා : එම්බා දරුවනි, මට ඔබ දෙපළට පිටු පෑමට නොහැක.දෙවන බිසව         මාගේ   රාජ්‍යය සුර්ය කුමරුට පවරා දෙන ලෙස ඉල්ලනවා. ඒ නිසා ඔබ දෙපළට අනර්ථයක් කරනු ඇතැයි මගේ සිතේ බලවත් දෝමනස්සයක් පවතිනවා.එබැවින් ඔබ දෙපළ  වනාන්තර ගත වී මාගේ ඇවෑමෙන් පසුව රාජ්‍යය භාර ගන්න.          


තේමා වාදනය

පොතේ ගුරු:  මහීසාංස හා චන්දා කුමරු වනාන්තර ගතවෙයි.සුර්ය කුමාරයා ද ඔවුන්
               පසුපස යයි.
 
දර්ශන අංක    3    වනාන්තරය මැද

මහීසාංස කුමාරයා:    මලණුවනි, අපි හිමාල වනයේ බොහෝ තැන් ඇවිද ගෙන ආවා
                       මට නම් හරිම මහන්සියි. .සුර්ය කුමාරයා නාගෙන විලට 
                       ගොස් අපටත් පැන් රැුගෙන එන්න.

තේමා වාදනය

දිය රකුසා :           ආ.....අද මට ගොදුරක් වගේ. මු දේව ධර්මය දන්නේ නම් මගෙන් ගැලවී යන්න  පුළුවන්. නොදන්නෙක් නම් මගේ බඩ කට පුරා කා හැකියි. හහ්..හහ්..හහ් තෝ දේව ධර්මය දන්නේහි ද?
සුර්ය කුමාරයා     දේව ධර්මය නම් චන්දායාත් සුර්යයාත් නේද?


තේමා වාදනය
මහීසාංස කුමාරයා :    මලණුවනි ,චන්දා කුමාරයිනි. තොපගේ මළණුවන් සුර්ය කුමරු මේ තරම් ප‍්‍රමාද වන්නේ ඇයි? යන්න. සුර්ය කුමාරයා සොයා ගෙන එන්න.

දිය රකුසා  :          හහ්  හහ් හා.....තවත් දඩයමක් .තෝ දේව ධර්මය දන්නේහි ද?

චන්දා කුමාරයා:       දේව ධර්මය නම් සතර දිශාවයි.

දිය රකුසා:           තොපි දේව ධර්මය නොදන්නේය.යව දිය යටට ගොස් සැඟවී
                     යනුව.
මහීසාංස කුමාරයා :   ( තමාටම ) එකාන්තයෙන් ම මළණුවන් දෙපළට කිසියම්  අන්තරායක් විය යුතුය. මම ම ගොස් පරීක්ෂා කරන්න  ඕනැ.  ආ..... මේ තියෙන්නේ මළණුවන්ගේ පියවර සටහන්. දිය රකුසෙක් අරක් ගත් විලක් වගේ.

දිය රකුසා :           ආ  ...... තවත් පුරුෂයෙක්. මොහු නම් ටිකක් අමාරුකාරයෙක් වගේ.(තමාටම) මම රඟපෑමක් කරන්න  ඕනෙ.වනාන්තරයේ දැව දඬු කපා ඇවිදින මිනිහෙක් වගේ. පින්වත ඔබ ගමන් විඩාව නිසා මිරිකී ගිය බවක් පේනවා.මේ විලට බැස නා ගෙන පැන් බී නෙළුම් දැලි කා සැත පී යන්න.

මහීසාංස කුමාරයා :   (තමාටම) එ්කාන්තයෙන් ම මොහු දිය රකුසා විය යුතුයි. තොප   මාගේ මළණුවන් දෙදෙනා අල්ලා ගත්තෙහි ද?

දිය රකුසා:      එසේ ය. මම අල්ලා ගත්තා.

මහීසාංස කුමාරයා :   කුමක් නිසා තොප එවැනි දෙයක් කළේ ද?

දිය රකුසා:           මම මේ විලට අධිපති. විලට බට කෙනෙක් තමයි මගේ ආහාරය. ඇරත් මේ විලට බට කෙනෙක් දේව ධර්මය දනී නම් ඔහු ඇර සෙස්සෝ කන්න මට කිසිවෙකුගේ අවසරයක් අවශ්‍ය වන්නේ නැහැ.

මහීසාංස කුමාරයා:     තොපට දේව ධර්මයෙන් ඇති ප‍්‍රයෝජනය කුමක් ද? එසේ නම් මම තොප දේව ධර්මය කියමි.

තේමා වාදනය

පොතේ ගුරු:      උදක රාක්ෂයා ,බෝධි සත්වයන්  නහවා පැන් පොාවා මල් පළඳවා සුවඳ විළවුන් ගල්වා සරහන ලද මණ්ඩපයෙහි උතුම් වු පර්යංකයක් අතට දුන්නේ ය. මහ බෝසතාණෝ ඒ පනවන ලද ආසන මස්තකයෙහි ඉඳ යත්ෂයා පා මුල සිටුවා දේව ධර්මය අසන්නට සලස්වයි.

මහීසාංස කුමාරයා :    එම්බා රාක්ෂය, මේ ලෝකයේ යම් කෙනෙක් බය ලැජ්ජා දෙකෙන් යුක්තව වාසය කරයි ද,සෑම කල්හිම කුසල් කරයි ද උතුම් සත් පුරුෂ ගුණ ඇත්තෙහි ද මෙන්න මේ කාරණා දේව ධර්මය වෙනවා

දිය රකුසා :            සාදු   සාදු    සාදු   ඔබ කෙරෙහි මම ඉතාමත් පැහැදුණා.මම එක මලණු කෙනෙක් තොපට දෙමි.

මහීසාංස කුමාරයා:      බාලම මළණුවන් මෙතැනට ගෙනෙව.

දිය රකුසා  :           පණ්ඩිතයෙනි, ඔබ දේව ධර්මය දන්නා කෙනෙක් පමණයි.එය පිළිපඳින බවක් මට පෙනෙන්නේ නෑ.තොප වැඩිමහල් මලණුවන් තබා බාල මලණුවන් ඉල්ලීම නිසා වැඩිහිටියන්ට සැලකීමත් ,ගරු කිරීමත් ඔබ තුළ ඇති බවක් මට දකින්න නැහැ.

මහීසාංස කුමාරයා:      එම්බා යක්ෂය, මම දේව ධර්මයත් දනිමි.දේව ධර්මයේත් පවතිමි.අප මේ වනාන්තරයට ආවේ බාල මළණුවන් නිසාමයි.ඔහුගේ මෑණියන් අප පියාණන් වහන්සේගෙන් දායාද ඉල්ලූවා.අපගේ පියාණන් වහන්සේ ඒ වරය නොදී අප ආරක්ෂා කිරිමට අපට වනාන්තර ගත වෙන්න කිව්වා. ඒ නිසා අප වනාන්තරයට ආවා. අපේ බාල මලනුවන් ද අප සමඟ ආවා. ඉතිං.... බාල මලණුවන් යක්ෂයෙකු අනුභව කලා යයි කීවොත් එය කෙසේ නම් අදහන්නේ ද?මා නින්දාවට බයෙන් බාල මලණුවන් ගෙනෙන්නට තොපට කිමී.

දිය රකුසා:        සාදු  සාදු සාදු  පණ්ඩිතයිනි, ඔබ දේව ධර්මය දන්නා සේක.දේව  ධර්මයේ පවතින සේක. ඔබ වහන්සේගේ මළණුවන් දෙදෙනා මම මේ අවස්ථාවේ නිදහස් කරමි.

මහීසාංස කුමාරයා :  යක්ෂය, තෝ පෙර කල අකුසල කර්මයෙන් අනුන්ගේ ලේ ,ඇඟ මස් කන යක්ෂයෙක් වෙලා ඉපදිලා තියෙන්නේ.එසේ හෙයින් මෙතැන් පටන් අකුසල්  හැර කුසල් දහම් කරව.

තේමා වාදනය

පොතේ ගුරු :   මහීසාංස කුමාරයා පිය රජුගේ ඇවෑමෙන් පසු රජ බවට පත්වේ.

මහීසාංස කුමාරයා :  එම්බා චන්දා කුමරුනි,මම ඔබට යුවරජ තනතුර ප‍්‍රදානය කරනවා. සුර්ය කුමරුනි, ඔබට සෙනෙවි ලත් තනතුර ප‍්‍රදානය කර සිටිනවා. ඔබ දෙපළ යක්ෂයාට දේවාලයක් තනා ඔහුට සෑම දිනකම බත්,මාලූ ,පහන් සුවඳ විළවුන් පුදා නිරන්තරයෙන් පුද සත්කාර කරනු.  

                                                                                                                                                                                                                        පොතේ ගුරු :    බුදුරජාණන් වහන්සේ අතීත කථාවත් වර්තමාන කථාවත් දෙක එක් කොට  පූර්වාපර සන්ධි ගළපා මේ දේව ධර්ම ජාතකය නිමවා  වදාළ සේක. එ සමයෙහි උදක රාක්ෂයා නම් දැන් මේ බහුභාණ්ඩික මහණය. සුර්ය කුමාරයෝ නම් ආනන්ද ස්ථවිරයෝය.චන්දා කුමාරයෝ නම් ශාරිපුත‍්‍ර ස්ථවිරයෝය. මහිසාංස කුමාරයෝ නම් තිලෝගුරු සම්‍යක් බුදුරජාණන් වහන්සේය. යනුවෙන් වදාළ සේක.


            නිමි




                                                                                                                                                                                               




                                                                                                                                                                                                                       


Wednesday, August 10, 2016

තනි අතින් අත්පුඩි ගහන්න බෑ.....

Malsha Gamage

සරසවිය කියන්නේ හරිම සුන්දර තැනක්. සරසවියට එන්න වාසනාව හැමෝටම ලැබෙන්නේ නෑ. ලංකාවේ හැම පළාතකින්ම එන යාළුවෝ අපිට මුණ ගැහෙනවා. මේ අතර ජිවිතය පිටුපස අපේ හෙවැණල්ල වගේ ඉඳගෙන දුක සැප හොයලා බලන පාසල් කාලයේ හිටිය වගේම හොඳ යාලුවෝ මුණ ගැසෙනවා. ඇත්තටම එතකොට ගොඩනැගෙන මිතු දම වචන වලින් කියන්න බැහැ.
කැම්පස් ආපු පළවෙනි දවසේ සිතට දැනුණේ පුදුම දුකක්, මොකද අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ගේ වෙන්වෙලා ගෙදරින් ආපු දවස නිසා.

යාලුකම කියන්නේ උත්තරීතර බැඳීමක්. මේ ලොකේ අපිට තනිවම ජීවත් වෙන්න බෑ. හරියට තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගේ. මට හිතෙනවා මම හරි වාසනාවන්තයි කියලා. මොකද ජිවිතේ මම වැටුණ සමහර අවස්ථාවලදී මගේ ළඟ හිටිය යාලුවෝ ශක්තියක් වුණා. ඒ වගේම අසනීප වුණු වේලාවට මාව බලාතත්තේ එයාලගේම සහෝදරියක් විදියට. ඇත්තටම මේ දේවල් මතක් වෙනකොට හරිම සුන්දරයි. හැමදේම බෙදා හදාගෙන ජීවත් වුණේ එක පවුලක ළමයි වගේ. හිතේ තියෙන ප‍්‍රශ්න කියලා හිතට සැනසීම ලබා ගත්තේ මේ හොඳ යාලුවෝ නිසා. කොළඹ ඇවිදින්න දන්නේ නැති වුණාම පාරවල් කියා දීලා විතරක් නොවෙයි කොලේක ඇඳල පෙන්නලා, ගමන ගිහින් ඉවර වෙනකන්ම පරිස්සමට ගියාද අහලා කෝල් කරපු හොඳ යාලුවෝ මට හිටියා. එකිනෙකා අතර තිබුණු අවබෝධය නිසාම අපි අතර ප‍්‍රශ්න, රණ්ඩු ඇති වුණේ නැහැ. හරිම සතුටෙන් විනෝදයෙන් හිටියා.

 මේ අතරේ මුණ ගැහුණ සමහර  යාලුවෝ  ඉක්මනට වෙනස් වුණා. ඇත්තටම හිතා ගන්න බැරි විදියට. ඒ හොඳටම හිටිය යාලුවෝ නිසා ඔවුන්ගේ වෙනස්විම පුදුම සහගතයි. සාධාරණ හේතුවක්, ප‍්‍රශ්නයක් නෑ කියමුකෝ. ඒත්... එහෙමත් නැතුව යාලුවෝ වෙනස් වෙනවා කියන එකත් පිළිගන්නම  වෙනවා. ලෝක ස්වභාවයත් එකමනේ. කථා නොකර පැත්තකට වෙන්න කලින් ඇයි එහෙම වෙන්න හේතුව කියන්න බැරි තරම් යාලුකම පහළට දාන යාලුවෝ ඉන්න බව අමතක කරන්න හොඳ නැහැ. ඒහෙම යාලුවෝ ගැන මට තියෙන්නේ  කළ කිරීමක් වගේම දුකක්. හැමදේම බෙදා හදා ගෙන සතුටෙන් හිටපු යාලුවෝ එකපාරටම වෙනස් වෙන්නේ ඇයි? ඒත් යාලුවේ  මගේ හිතේ නම් කිසිම තරහක් නැහැ. තමන්ට සල්ලි නැති වුණාට, හොඳ රස්සා නැති වුණාට දුකේදී සැපේදී ඉන්න යාලුවා වටිනවා. මගේ හිතේ ඒ වගේ යාලුවන්ට තියෙන්නේ ලොකු ගෞරවයක්. හොඳ යාලුවන්ට පුළුවන් තමන්ගේ යාලුවා හොඳ පැත්තට වෙනස් කරන්න. ඒ දේවල් අහන එක යාලුවගේ වගකීම. මොකද හොඳ යාලුවෙක් කවදාවත් නරක දෙයක් කියන්නේ නෑ. ඒ දේ කියන්නේ අපේ හොඳට නම් අපි ඒ දේ අහන්න පුරුදු වෙන්න  ඕනෑ. එතකොට යාලුවට වගේම අපිටත් සතුටක් නේද?


සරසවි ජීවිතේට සමුදෙන්න තියෙන්නේ තව ටික කාලයයි. ඒ ගැන මතක් වෙනකොටත් තියෙන්නේ දුකක්. එහෙමයි තියලා අපේ යාලුකම නතර කර ගන්න බැහැ. යාලුකම, සහෝදරත්වය  තියෙන්නේ අපේ හදවතේ. නිතර මුණ නොගැසුණත්, තමන්ගේ යාලුවා ඉන්නේ තමන්ගේ උදව් අවශ්‍යම වේලාවක නම් අනිවාර්යෙන්ම ළඟ සිටිය යුතුයි. යාලුකම මුදල් වලට ගන්න බෑ. අද ලෝකයේ  ඕනම දෙයක් මුදල් වලට ගන්න පුළුවන් වේවි. ඒත් හොඳ යාලුවෙක් මුදල් වලට ගන්න බෑ. ඒ නිසා තමන්ගේ හොඳම යාලුවෝ මොනම හේතුවක් උඩවත් නැති කර ගන්න එපා ... අවබෝධය සහ විශ්වාසය අපි ළඟ තියෙන කල් ඔවුන් අපෙන් ඈත් වෙන්නේ නැහැ. පිළිගත යුතු ඇත්ත සත්‍යය එයයි.







Tuesday, August 9, 2016

සරසවි ශිෂ්‍යයා යනු වධකයෙකු , ළඳරු වැද්දෙකු හෝ පාදඩයෙක් නොවේ..

Malsha Gamage
සෑම පාසල් සිසු සිසුවියකගේම  නෙත ගැටෙන සුන්දරම සිහිනය සරසවියයි. සරසවිය නමැති වංකගිරිය තරණය කිරීම තරමක අපහසු කාර්යයකි. මා මෙලෙස කියන්නට උත්සාහ කරන්නේ එම අසීරු ගමන ජය ගන්නා ආකාරය නම් නොවේ. පසු වු ගතවු කාලය පුරාම සරසවි ශිෂ්‍යයා සහ නවක වදය යන කාරණාව සම්බන්ධයෙන් විවිධ වු පුවත් මැවීමට මාධ්‍යය  සමත්විය. එය මාධ්‍යයේ ස්වභාවයයි. එහි කිසි\ු ප‍්‍රශ්නයක් නැත.

එහෙත් මෙරට ජාතික තලයේ පුවත්පතක නවකවදය සම්බන්ධයෙන් පසුගිය දිනක වු සිදුවීමකදී සරසවි ශිෂ්‍යයා හදුන්වා දී තිබුණේ මෙසේය.

”    පාතාලයේ මැර සංස්කෘතියත් , පාදඩ දේශපාලනයේ මැර සංස්කෘතියත් දෙකම එකට කවලම් කර මුදාහරින පාදඩයන් යනුවෙනි.” මෙම හැඳින්වීම කොතෙත් දුරට යුක්ති සහගතද? ඔවුන් පාදඩයන් යයි හැඳින්වීමට මාධ්‍යයට සදාචාරාත්මක අයිතියක් තිබේද? විවිධ දුෂණ චෝදනා ලැබු නමගිය අපරාධකරුවන්, කම්බ හොරුන් මේ රට රජ කරද්දී ඔවුන් කිසිවිටකත් ඉහත කී නමින් හැඳින්වීමට මාධ්‍යය කි‍්‍රයා කළේ නැත. ඔවුන් වරදක් කර තිබීමට පුලුවන.

එහෙත් මාධ්‍යය හදුන්වා දෙන පරිදි සරසවි ශිෂ්‍යයන් වනාහි වධකයෙක්වත් ළඳරු වැද්දෙක්වත් හෝ පාදඩයෙක්වත් නොවේ. එම පුවත්පත වාර්තා කර සිටින්නේ එම සිදුවීමට අදාළව සරසවි සිසුන්ට දඩුවමක් වශයෙන් යට ඇදුමින් පාරේ සිටුවා තැබිය යුතු බවයි. එහෙත් මෙවැනි ගණයේ දඩුවම් ලැබිය යුතු පුද්ගලයන් කෙරෙහි මුනිවත ආරක්ෂා කර සරසවි ශිෂ්‍යයා ඉදිරියේ පමණක් මෙවැනි දඩුවම් ලබාදිය යුතු යැයි මාධ්‍යය පෙන්වාදීම කිසිසේත්ම එකඟ විය නොහැකිය.

මෙරට සරසවි ශිෂ්‍යයා නිරන්තර අරගලවල යෙදී සිටින්නේ සින්න වී යන නිදහස් අධ්‍යාපනය වෙනුවෙනි. ඔවුන් තවමත් හිගා කන්නේ නිදහස් අධ්‍යාපනයයි. එහෙත් ඊට පෙරළා ලැබෙන්නේ පෞද්ගලික අධ්‍යාපනයයි. මෙවැනි කාරණයන් සම්බන්ධයෙන් දමාධ්‍ය වාර්තාකරණය ඉහත පරිද්දෙන්ම සිදුවේ නම් කෙතරම් යහපත් ද? එකී ප‍්‍රවෘත්ති පිළිබඳව මාධ්‍ය ආවරණය ලබාදීමට ඇතැම් මාධ්‍ය පසුබට වු අවස්ථා ද නැතුවා නොවේ.

මාධ්‍යය විසින් විශ්වවිද්‍යාල භූමිය හදුන්වා දෙන්නේ මුදා නොගත් ප‍්‍රදේශයක් ලෙසයි. නවකවදය ඔවුන් උපමා කර සිටින්නේ ත‍්‍රස්ත උවදුරක් යන්නයි. සැබැවින්ම එය යුද පිටියක් නොවන බව නම් පැහැදිලිව කිව යුතුය. හේතුව ත‍්‍රස්තවාදය පවතින්නේ යුද පිටියක මිස සරසවි බිමක නොවේ.

අතීතයේ විශ්වවිද්‍යාල සංස්කෘතිය ඇතුළත බරපතල ගණයේ නවකවද සිදුවීම් වාර්තා වු අවස්ථා නැතුවාද නොවේ. එහෙත් නුතනයේ සරසවිය ඇතුළත නවකවදය යැයි හැඳින්විය හැකි එවැන්නක් සිදු නොවන තරම්ය. එසේ නම් මෙරට 25000 කට අධික වු සරසවි සිසුන් සියලු දෙනාම මේ වනවිටත් සරසවිය අතහැර ගොස් පොලිස් පොතේ පැමිණිලි කළ යුතු නොවේද?

සරසවි ශිෂ්‍යයාට සමබර පෞරුෂයක් තිබිය යුතුය. තමාගේ ජ්‍යෙෂ්ඨයන් සමඟ එකමුතුව සහයෝගයෙන් කි‍්‍රයා කිරීම සරසවි උප සංස්කෘතිය ඇතුළත අත්‍යවශ්‍ය කාරණාවකි. කොළඹ හතේ සිට එන ළමයාත්, දෙහිඅත්ත කණ්ඩිය වැනි පිටිසර ගමකින් පැමිණෙන ළමයාත් යන දෙදෙනාම විශ්වවිද්‍යාලය ඇතුළත එක හා සමානවේ. මෙහිදී ජාති, ආගම්, කුලභේද, උස් මිටිකම් සරසවි සංස්කෘතියට වලංගු වන්නේ නැත. මෙවැනි සුභවාදී ආකල්පමය වෙනසක් පමණක් නවක සිසුන් පැමිණි පසු ඔවුනට ලබාදීමට ජ්‍යෙෂ්ඨයෝ උත්සාහ දරති. එහෙත් මෙවැනි කාරණයන් දන්නේ විශ්වවිද්‍යාලයකට අකුරු කිරීමට පැමිණි කෙනෙක් පැමිණි.
සරසවි ශිෂ්‍යයා යනු මෙරට අනාගතයයි. ඔවුන් කෙරෙහි ද්වේශ සහගත නොවිය යුතුය. සරසවි සිසුවාට බලපාන ඇතැම් සිද්ධිවලදී දේශපාලන අධිකාරියත් සහ වගකිව යුතු පාර්ශව මුනිවත රකියි. එහෙත් ඔහුට ලැබිය යුතු වරප‍්‍රසාද සහ අයිතීන් වෙනුවෙන් කථා කිරීමට කිසිවෙකු ස්වේච්ජාවෙන් ඉදිරිපත් වන්නේ නැත. ඒ කෙසේ වුවද සරසවි ශිෂ්‍යයා සම්බන්ධයෙන් කෙරෙන මාධ්‍ය වාර්තාකරණය මීට වඩා නම්‍යශීලී වන්නේ නම් යහපත්ය.

Monday, August 8, 2016

ප‍්‍රථම මාධ්‍ය වාර්තාකරු ජෝර්ජ් වින්ටර්ගේ, සොහොන් කොත සොයා........

Malsha Gamage

එංගලන්ත සභාව  විසින් ලංකාවේ ඉදිකළ පැරණිතම දේවස්ථානයක් ලෙස ගාල්ල බද්දේගම පිහිටි ක‍්‍රිස්තු දේවස්ථානය හැඳින්විය හැකිය. එංගලන්තයේ සිට නැව් නැග ලක්දිවට පැමිණි ක්‍ගඵගී මිෂනාරීවරු බද්දේගම ගිං ගඟ තීරයේ රමණීය කඳු වැටියක් සිය නැවතුම්පළ ලෙස තෝරා ගත්තේ දේවස්ථානයක් ඉදිකිරීමේ අරමුණ ඇතිවයි. වර්ෂ 1822 දී බද්දේගම කි‍්‍රස්තු දේවස්ථානය ආරම්භ කර දෙවියන් උදෙසා කැප කර එලෙසය. මේ කාලය තුළදීම කෝට්ටේ ප‍්‍රදේශයේ ද දේවස්ථානයක් ඉදි වී ඇති අතර වර්තමානයේ දී බද්දේගම ප‍්‍රදේශයේ ස්ථාපිත කළ මෙම දේවස්ථානය පමණක් එදා පැවති ආකාරයටම අදටත් දැකගත හැකිය.

මෙම කි‍්‍රස්තු දේවස්ථානය නිරිමාණයේ දී පැරණිතම ගෘහ නිර්මාණ ශිල්පය යොදා ගත් බවට සාක්ෂියක් ලෙස දේවස්ථානයට පිවිසෙන දොරටුව අසල කැටයම් කරන ලද සඳකඩ පහණ හැඳින්විය හැකිය. එසේම ගම්පල යුගයට අයත් ගෘහ නිර්මාණ ශිල්පයද යම් ප‍්‍රමාණයකට දේවස්ථානය ඉදි කිරීමට යොදාගෙන ඇත.

දේවස්ථානය ආරම්භයේ පළමු පියතුමා ලෙස කටයුතු කර තිබුණේ රොබට් මේයර් පියතුමාය. කි‍්‍රස්තු දේවස්ථානය ආරම්භ වීමෙන් අනතුරුව එම ක\ු වැටියේම පාසලක් ඉදිවිය. මුල් කාලීනව පෞද්ගලික පාසලක් ලෙස ආරම්භ වුණු මෙහි මුලික අරමුණ වුයේ විධිමත් ඉංගී‍්‍රසි අධ්‍යාපනයක් ලබාදීමයි. පාසල ඇතුළත පරිපාලන කටයුතු සඳහා විදුහල්පතිවරුන්ද ගුරුවරුන්ද තෝරාගනු ලැබුවේ දේවස්ථානය මැදිහත්වීමෙනි. එදා පෞද්ගලික පාසලක් ලෙස ආරම්භ කළ මෙම පාසල වර්තමානයේ ගා/ කි‍්‍රස්තුදේව බාලිකා  විිද්‍යාලය ලෙස දකුණු ලක බබළවයි. දකුණු ලක දේවස්ථාන අතර මෙම පළාතේ පැරණි පරම්පරාගත කිතුණුවන් සිටිම දේවස්ථානයේ ඉදිරි ගමනට ආශිර්වාදයක් වී ඇත.

දේවස්ථානය හා ගම සමඟ පවතින සබඳතාව තහවුරු කරමින් බද්දේගම සුමග සංකීර්ණය බිහිවිය. මෙම ආයතනය මඟින් කෘෂිකර්මය හා සත්ව පාලනය පිළිබඳව දැනුමක් ප‍්‍රදේශවාසීන්ට ලබාදීම අරමුණ විය. සුමග ආයතනයට ඒකාබද්ධව දිවා සුරැුකුම් මධ්‍යස්ථානයක් ද මෙහි පවතී.

දේවස්ථානයක් දකුණු දිශාවේ බිම් තීරය සොහෙන් බිමක් සඳහා වෙන්කර තිබෙනු දක්නට ලැබේ. ප‍්‍රථම මාධ්‍ය වාර්තාකරු ලෙස හැඳින්වෙන ජෝර්ජ් වින්ටර් මිහිදන් කර තිබෙන සොහොන් කොතද මෙහිදී දැකගත හැකිය. මෙම සොහොන් කොත දේවස්ථානයට ඓතිහාසික වටිනාකමක් එක් කරනු ලබයි. ශී‍්‍ර ලංකාවේ වැදගත් වන පැරණිතම දේවස්ථානයක් ලෙස සලකන බද්දේගම කි‍්‍රස්තු දේවස්ථානය පිළිබඳ ඉතිහාසය විධිමත් ලෙස ලේඛන ගත වීමක් දක්නට නොලැබෙන තරම්ය. ඒ කෙසේ වුවද ඓතිහාසික වැදගත්කමකින් යුත් මෙවැනි දේවස්ථාන රැුක ගැනීම කිතුණු භක්තිකයන්ගේ මෙන්ම අප සියලු දෙනාගේම වගකීමක් සේ සලකමු.

Sunday, August 7, 2016

බද්දේගම- ඓතිහාසික දුුටුගැමුණු විහාරය

Malsha Gamage

රුහුණු පුරවරයේ පිහිටි බද්දේගම, ගනේගම හැඩි දෙමළ කන්ද හෙවත් දුටුගැමුණු විහාරය පොළොන්නරු රාජධානිය අවසානය තෙක් ඈතට දිවයන ඉතිහාස කතාවකට උරුමකම් කියන්නකි.

ගාලූ බද්දේගම පාරේ ගනේගම හතරමං හන්දිය (සන්දරවල * අසල අඩි 300 පමණ ඉහළට නෙරා ගිය රමණීය කඳු ගැටයක් මත මෙම දුටුගැමුණු විහාරය හෙවත් හැඩි දෙමළ කන්ද පිහිටා ඇත. සන්දරවලේ දිය මතුපිට ලෙළදෙන සෙවණැල්ලෙන් යුත් හැඩි දෙමළ කන්ද සොබාදම් මෑණියන්ගේ අපූරුතම නිර්මාණයකි.

ගාල්ල දිස්ති‍්‍රක්කයේ බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙම විහාරස්ථානය අයත් වේ. කි‍්‍ර.ව 1215 පමණ පොළොන්නරු රාජධානියේ අවසන් භාගයෙහි මේ රට ආක‍්‍රමණය කළ කාලිංග මාඝ සමය තෙක් ඈතට විහිදී යන සංස්කෘතික උරුමයක් හැඩි දෙමළ කන්ද විහාරස්ථානයට හිමිවෙයි. මාඝ නමැති ද්‍රවිඩ රජුගේ සමයෙහි සිටි ”සන්දර” නමැති සෙන්පතියා සිංහල හමුදාව කන්ද වටකර ගත් නිසා කඳු පාමුල පිහිටි ගැඹුරු ජලාශයට හස්තසාර ධනයද රැුගෙන පැන දිවි නසාගත් වල ”සන්දරවල ” ලෙසත් ඒ සෙන්පතියා විසු කන්ද හැඩි දෙමළ කන්ද ලෙසත් ජනප‍්‍රවාදයේ පවතියි. නිධානයක් සඟවාගෙන වැළපෙන සන්දරවල සෙන්පතියා සහ හැඩි දෙමළ කන්ද විහාරස්ථානය යනු බද්දේගම ඉතිහාසය ඔපවත් කරන විසිතුරු හා අපූර්ව වු ජනප‍්‍රවාදයක තෝතැන්නකි. මේ විහාරස්ථානය සමඟ ඉදිරියෙන්ම සටහන් වන ශී‍්‍ර නාමයකි. ඒ ගනේගම ශී‍්‍ර සරණංකර හිමියන් වේ.

හැඩි දෙමළ කන්දේ දීප්තිමත් කාල පරිච්ජේදයක් හෙවත් ස්වර්ණමය යුගය වශයෙන් සැලකිය හැක්කේ ශී‍්‍ර සරණංකර නාහිමි කාල පරිච්ජේදයයි. 1820 ගණන්වල ගොඩනැගූ දුටුගැමුණු විහාරය  සරණංකර හිමියන්ගේ චින්තනය, කලා රසඥතාවය, නිර්මාණශීලිත්වය හා කෘතවේදීත්වය එකට ලඝු කොට දැක්වීමේ හොඳම නිදර්ශකයි. සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨතම වීරවරයා වු දුටුගැමුණු මහ රජතුමා ද්‍රවිඩ සතුරු සේනා සමඟ සටන් කිරීමට මෙම හැඩි දෙමළ කන්දේ සැඟවී සිටි බවට ඉතිහාසය සාක්ෂි දරයි. එම නිසා මෙම විහාරය දුටුගැමුණු විහාරය ලෙස ද හැඳින්වේ. සිය බලසේනාධීපතීන් වු නන්දමිත‍්‍ර, සුර නිමල, මහාසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, බඤ්චදේව, ඵුස්සදේව,හා ලභිය වසභ යන දසමහා යෝධයන්ගේ  ප‍්‍රතිමා නිර්මාණය කර ඇති ලංකාවේ එකම විහාරස්ථානය වන්නේ හැඩි දෙමළ කන්දයි.

එසේම අඩි 200 ක් පමණ කඳු ගැටය ඉහළට තරණය කළ පසු හමුවන අම්භස්තලය ගත වෙහෙස මග හරවන විසිතුරු පරිසරයක් මවාපායි. අදටද මෙම විහාරස්ථානයේ ගනේගම ශී‍්‍ර සරණංකර නාහාමිගේ පිළිරුවක්, උන්වහන්සේ විසින් රචිත පොත් සහ අවසන් වරට භාවිත කරන ලද පෑන මෙන්ම ගනේගම ශී‍්‍ර සරණංකර හිමියන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේ ද මෙහි පැමිණෙන සැදැහවතුන්ට දැකබලා ගැනීමේ අවස්ථාව පවතී.

වර්තමානයේ මෙහි විහාරාධිපති ලෙස වැඩ වාසය කරන්නේ වැලිවිටියේ සුමන නාහිමාපාණන් වහන්සේය. උන්වහන්සේ මෙම විහාරස්ථානයේ උන්නතිය සඳහා අනුපමේය සේවයක් කරන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයෙකි. මෙම බෞද්ධ සිද්ධස්ථානය සතු ඓතිහාසික උරුමය රැුකගැනීම අපි සැමගේ වගකීමකි.

Saturday, August 6, 2016

ගිංනදී තෙර පිපුණු ගනේගම රන් පියුම ගනේගම ශී‍්‍ර සරණංකර නාහිමි

Malsha Gamage

දක්ෂිණ ශී‍්‍ර ලංකාව මහා ප‍්‍රාඥයින් කීර්තිමත් සාහිත්‍යධරයන් හා ජාතික වීරවරයන් රැුසක් ජනිත කිරීමට උරුමකම් ලැබු තිඹිරිගෙයක් විය. තවත් එවැනිම ශ්‍රේෂ්ඨ රුහුණු පුත‍්‍රයෙකු වු ගනේගම ශී‍්‍ර සරණංකර නාහිමි වහන්සේ පිළිබඳව කෙටියෙන් හෝ මෙලෙස සටහනක් තබන්නේ මහත් වු අභිමානයෙනි.

බද්දේගම ගනේගම කෝරලේගොඩ දී ව්‍යවහාර වර්ෂ 1908.10.23 වන දින මෙලොව එළිය දුටු අප කුල කුමරුවන් සැබැවින්ම පින්වන්තයෙක් ද භාග්‍යවන්තයෙක් ද වුහ. මේ නිසාම සන්දරවල බෞද්ධ පාඨශාලාවෙන් හා බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාල වලින් මුලික අධ්‍යාපනය ලබා කි‍්‍ර.ව 1924 ජුනි මස 12 වන දී උතුම් සම්බුද්ධ ශාසනයෙහි පැවිදි ජිවිතයටද ඇතුළත විය.

එකළ විද්‍යොදය මහ පිරිවෙණේ පිරිවෙන්පති පදවිය හෙබවු කහවේ ශී‍්‍ර රතනසාර ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්වත්වයෙන් පැවිදි වු අප නාහිමිපාණන් වහන්සේ පැවිදි වු දා පටන් බණ දහම් ප‍්‍රගුණ කිරිමද ශාසානානුලෝමිකව හැඩ ගැසීමද වත් පිළිවෙත් ප‍්‍රගුණ කිරීමද ආදී සියලු කටයුතු වල අනලස්ව යෙදුණහ.
නිධානයක් සඟවාගෙන වැලපෙන සන්දරවල සෙන්පතියා හා හැඩිදෙමලාකන්ද විහාරස්ථානය යනු බද්දේගම ඉතිහාසය ඔපවත් කරන විසිතුරු හා අපුර්ව වු තවත් ජනප‍්‍රවාදයක තෝතැන්නකි. මේ විහාරස්ථානයත් සමඟ ඉදිරියෙන්ම සටහන් වනුයේ අප යතිවරයන්ගේ ශී‍්‍ර නාමයයි.

මන්දයත් පුරාණ හැඩිදෙමලා කන්ද විහාරස්ථානය යනු උන්වහන්සේගේ ජාත්‍යාලය පිළිබිඹු කරන ප‍්‍රයන්තයක තවත් එක් අග‍්‍රඵලයකි. 1820 ගණන්වල ගොඩනැගු දුුටුගැමුණු විහාරය උන්වහන්සේගේ චින්තනය,කලා රසඥතාවය, නිර්මාණශීලීත්වය හා කෘතවේදීත්වය එකට ලඝුකොට දැක්වීමේ හොඳම නිදර්ශකයයි.
ගනේගම ශී‍්‍ර සරණංකර නාහිමියන් තුළ අප හැමදාම දුටු දුර්ලභ ගණයේ ශ‍්‍රමණ ගුණයන් දෙකක් වශයෙන් දැක්විය හැක්කේ අනතිමානිත්වය හා පරාර්ථකාමිත්වයි. උන්වහන්සේ තරම් පොත් කියවු වියතකු සෙවීම මෙන්ම නොයෙක් මාදිලියේ ග‍්‍රන්ථ සම්භාරයක් එකතු කරගෙන තිබු අයෙකු සෙවීමද සැබැවින්ම දුෂ්කරය.
කල්කටාවේ සිටියදී උන්වහන්සේ නිසැකයෙන්ම ළඟා වු තැන වුයේ මහාබෝධි මුලස්ථානය අසල විවෘත වෙන පොත් සාප්පුවටයි. සරණංකර ස්ථවිරයන් පොත් වෙළදුන්ට හොඳට පුරුදුය. ”අර එන්නේ ඇනා පහට පොත් ඉල්ලන සාධු”යයි ඔහුහු මහත් ආදරයෙන් ආමන්ත‍්‍රණය කරති. පොත් සාප්පු දකින අප නාහිමි දෙනෙත කෙළිබඩු දුටු බාලයෙකු මෙන් වශිකෘත වෙයි.

කියවීමෙන් මිනිසෙකු සම්පුර්ණ වේ යන ආප්තයට කෞතුක අගයක් හිමිව තිබු පරිහානි යුගයක   මිිනිසා තුළ කියවීමේ රුචිය වඩවාලීමට සරණංකර නාහිමි හුදකලාව දැරූ ප‍්‍රයන්තය ප‍්‍රශංසනීයය.1996 මාර්තු මස 13 වනි දින ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම ජංගම පුස්තකාලය ගනේගම ප‍්‍රදේශයෙන් ආරම්භ වන්නේ අප නාහිමියන්ගේ සමාජ මෙහෙවරහි තවත් උදාර ප‍්‍රතිඵලයක් ලෙසිනි.

සරණංකර නාහිමියන් කිසිවෙකුටත් බියක් නැති නිර්භීත හිමිනමකි.එහෙත් මරණය කෙරෙහි උන්වහන්සේ තුළ තිබි ඇත්තේ අප‍්‍රමාණ වු බියකි. මක් නිසාද යත් තම පරාර්ථකාමි දින චර්යාවට මරණය බාධාවක් ලෙස සිතූ නිසාවෙනි. දිව්‍යලෝකයෙහි ඉපදීමට උන්වහන්සේ කැමති වුයේ නැත. ශී‍්‍ර ලංකාවේ දකුණේ ඇති මිකිරි හා පැරණි දෙව්ලොව නැති නිසාත් පුවත්පත් හා පොත් කියවීමට ඉඩක් නොලැබෙන නිසාත් බව උන්වහන්සේගේ ගෝල නමක් වරෙක පවසා තිබේ.

අටසියවසක පමණ කාලයක් මුළුල්ලෙහි සාහිත්‍යවේදියෙකු හා ලේඛකයෙකු ලෙසින් තම පන්හිදෙන් සාහික්‍ය කෙත අවලෝකනය කරනු වස් ගනේගම සරණංකර වහන්සේ සිංහල රචනාරත්නය, බුදුහාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, බෞද්ධ මහාධිරාජ අසෝක සෙල් ලිපි හා යසෝදරාව වැනි කෘතීන් සම්පාදනය කළහ. ඒ මතු ද නොව පුවත්පත් සඟරා සඳහාද ලිපි රැුසක් ලියන ලදී.අපේ සංස්කෘතියෙහි හරබර පද්ධතීන් ඉස්මතු කරමින් සරල සුගම ශෛලියකින් යුත් සරණංකර සාහිත්‍යය සිංහල භාෂාව හා සාහිත්‍යය පෝෂණය වීමෙහිලා වැදගත් මෙහෙයක් ඉටුකළ බව කිව යුතුය.රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලද බුදුහාමුදුරුවෝ කෘතිය උන්වහන්සේගේ ලේඛන චාතූර්යයෙහි අග‍්‍ර ඵලයයි.

උන්වහන්සේගේ අවසාන කැමති පත‍්‍රය සම්බන්ධවද යමක් සඳහන් කිරීම වටි. උන්වහන්සේගේ අවසාන කැමති පත‍්‍රයද ආදාහන උත්සව වලට දහස් ගණන් පුළුස්සා දවන අයට ආශිර්වාදයක් වේවායි පතමි.

”මා මළවිට මිනිය දෙදවසකට වඩා තබා නොගත ගත යුතුය.ගමේ ඉඩමකින් කපා ඉරාගත් ඇල්බිසීයා ලෑලි වලින් ගමේ දායක වඩු මහතෙකු ලවා තනවාගත් පෙට්ටියක මිනිය තැන්පත් කළ යුතුය.”
ඒ උන්වහන්සේ ලොවට පෙන්වා දුන් චාම් සරල දිවි පෙවතයි.

වර්ෂ 1989 දෙසැම්බර් 29 වන දින සීත දුරුත්තේ අරුණු නැගෙද්දී ගනේගම ශී‍්‍ර සරණංකර නාහිමිපාණන්  82 හැවිදිරි වියේදී අපවත් වී වදාළ සේක.

මෙවන් සංඝපිතෘවරයන් වහන්සේලා පහළ වු මෙම ශී‍්‍ර ලංකාද්විපයද වාසනාවන්ත පින්බිමකි. එම පින්බිම බබළවන්නට ගනේගම සරණංකර නාහිමියෝ නැවත ඉපදේවායි ප‍්‍රාර්ථනා කරමි.



Powered by Blogger.