Friday, August 26, 2016

වෙනස

Malsha Gamage
කෙත් යායෙන්හමන සුළං
ගත පුරාම දවටා ගෙන
එහි සිසිලස සුවය දමා
සරස්වතිය තුරුලු කරන්
සරසවියට ආදා සිට
අහස උසට නැගි කම්හල්
දරා සිටින සිමෙන්ති බිම
මතින් නැගුණු ගිනියම් වු
උණුසුම් ගත සිත කකියන
නිරන්තරේ ඝෝෂාවකි,සවනට
යවුලක් ගෙන දෙන
සිකුරාදා වන තුරු
මම........
ඇගිලි ගැන්නේ
දිව යන්නයි ගම බලාන....

ඔබ ඔබම විනිශ්චය කරන්න.

Malsha Gamage
කිරි වැදුණු ගොයම් කරලක්
කිසිම දවසක
ආවට ගියාට එහෙට මෙහෙට වැනෙන්නේ නෑ
බිමටම නැමෙනවා විතරයි
ඒ විදියටම බුද්ධිමත් ගුණ ගරැක දරුවනුත්
නිහතමානි වෙනවා
ඒත් ගැහැණු දරුවන්
ආඩම්බර වෙන්න ඔිනැ
ඒ අන් කිසිවක් ගැන නෙවෙයි.
තමන්ගේ චරිතය ගැන
ඒ තරම් වටින ආභරණයක් තවත් නැහැ
අපි සංවේදි වෙන්න ඔිනෑ
තවත් කෙනෙකුගේ දුකකට වේදනාවකට
අපි හිනා වෙන්න ඕනෑ
ඒත් තවත් කෙනෙකුගේ අඩුපාඩුවකට නෙවෙයි
අපි මතක තියා ගන්න ඕනෑ
ඇවිදින්න පාලම් හදල දුන්න අය නෙවෙයි
වැටි වැටි නැගිටිනකොට අත දුන්න කෙනාවයි
තවත් කෙනෙක්ගේ වැරැද්ද පෙන්වා දෙන්න ඕනෑ
ඒත් ඔබ ,ඔබ ගැනම විනිශ්චය කර සිටින්න.

Thursday, August 25, 2016

ඩයනාගේ මරණයේ හෙළි නොවු තොරතුරු

Malsha Gamage
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස්‌ කුමාරයාගේ බිරිඳ ලෙස වසර 15 ක්‌ කල්ගත කර ඔහුට පුතුන් දෙදෙනකු බිහි කර දුන් ඩයනා ස්‌පෙන්සර් කුමරිය ප්‍රංශයේදී රිය අනතුරකින් මිය ගිය බව සාමාන්‍ය පිළිගැනීම වුවත් එය සැලසුම් සහගත මිනීමැරුමක්‌ බවට මතයක්‌ මෙයට මාස කිහිපයකට පෙර ගොඩ නැගුණග.  බ්‍රිතාන්‍යයේ ීචැජස්ක ්සර ීඩසජැ ලෙස හැඳින්වෙන ී්ී රෙජිමේන්තුවට අයත් හෝ අයත්ව සිටි වෙඩික්‌කාරයකුට හෝ වෙඩික්‌කරුවන් දෙදෙනකුට දුන් කොන්ත්‍රාත්තුවකට අනුව රිය අනතුර කරන ලද බව එම මතය මගින් කියෑවෙනවාග එම මතයට පාදක වූයේ ද පසුගිය වසරේ ...

මිය ගියදාම ඉපදුණු ජෝතිපාල

Malsha Gamage
1987 ජූලි මස 07 වැනි දින උදේ පාන්දර 1ග00ට පමණ එච් ආර් ජෝතිපාල නමැත්තෙක් මිය ගියේය. මෙය තවත් කලාකරුවකුගේ මරණයක් යැයි බොහෝ දෙනකු සිතන්නට ඇත. අපි අවමංගල කටයුතු කිරීමට ලක ලෑස්ති වෙමින් සිටියෙමු. උදේ පාන්දර 6 ට පමණ ගුවන් විදුලියෙන් මේ මරණය ගැන ලක් වැසියන් දැනුවත් කෙරිණි. ඉන් ස්වල්ප වේලාවකට පසු මහත් අපූරු දෙයක් සිදු විය. මෙල්ල කරගත නොහැකි ජන ගංගාවක් රත්නම් රෝහලට ඇදී ආහ. ඔවුහු දේහය අතගෑහග හර්ඩා වැලපුණහ. විලාප දුන්හග මේ සියල්ලම අප සියලු දෙනාටම මහත් වූ පුදුමයට කරුණක් විය. ඒ සමඟම ටී.එම් සංඝදාස ඇතුළු පිරිසක් ...

ජනමෝහන සංස්කෘතිය

Malsha Gamage
ජනප‍්‍රිය සංස්කෘතිය යන්න කිමැයි හදුනා ගැනීමට පෙර සංස්කෘතිය යන්න කුමක්දැයි හදුනා ගත යුතු වේග සංස්කෘතිය යන්න ද එක් නිශ්චිත සීමාවකලා විග‍්‍රහ කළ නොහැකි වේග විවිධ විචාරකයෝ විවිධ නිර්වචන ඔස්සේ එකී විෂය විග‍්‍රහ කරතිග එකී නිර්වචන අතර පෞරාණික නිර්වචනය ලෙස 1871 දී ඊග බීග ටයිලර් නැමැති සමාජ මානව විද්‍යාඥයා විසින් ඉදිරිපත් කළ නිර්වචනය හදුනාගත හැකි වේ. ඔහුට අනුව සංස්කෘතිය  දැනුම ඇදහිලි කලා නීති සදාචාර සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජිවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගත්තා වූ පුරුදු පුහුණු හා හැකියාවන් ...
Pages (9)1234567 »
Powered by Blogger.