Wednesday, July 20, 2016

අත පිසදාගෙන පැත්තකට වෙමුද????

Malsha Gamage
ඉකූත් කාලයේ සිද්ධි ගණනාවකදීම අපට අසන්නට දකින්නට ලැබුණේ ළමා මල් කැකුළු වලට අත්වු විවිධ ළමා හිංසන කථා පුවත්ය.ළමයින්ට සිදුවන හිංසන හා අතවර අද ඉතා බහුලව ව්‍යාප්ත වී යන වසංගත රෝගයක් බවට පත්වී හමාරය. මෙවැනි සිදුවීම් බොහෝමයකදී අපට දක්නට ලැබුණේ ඒ ළමා ලෝකය විනාශ කර දමනුයේ වැඩිහිටියන් විසින් බවයි.වයස අවු 18 ට අඩු අයෙකු ළමයෙකු ලෙස සරලව දැක්විය හැකිය. ළමයි යනු රටක අනාගතයයි. එමනිසාම මෙය සමාජයේ අවධානයට යොමුවිය යුතු බරපතළ කාරණාවකි.මෑතකදී මේ සදහා දිය හැකි උදාහරණය කොටදෙනියාව පමණක් නොව ලංකාවම හඩවමින් කෘෘරතර පාපතරයන්ට බිළිවු සේයා සදෙව්මි දැරියයි. රටක් කම්පා කළ එකී ඛේදවාචකය එතරම් පහසුවෙන් අමතක කළ නොහැකිය.
තවත් වරෙක විභාග ශාලාවක් තුළ සිසුවියක අපයෝජනයට ලක්වන්නේද  අපේ රටේමය. එදින මෙය සිදුවුයේ විභාග දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද විභාග ශාලාවක් තුළය. පූර්ව ආරක්ෂාව පතන මෙවන් ස්ථානවලදීද ළමයින් හිංසනයට ලක්වීම බරපතළ අපරාධයකි.
පුංචි මල් කැකුලු වැඩිහිටි ගොදුරු බවට පත්වන්නේ අපයෝජනයෙන් පමණක් නොවන බව අප අමතක නොකළ යුතුය.විටෙක මෙහෙකාර සේවයේදීද තවත් විටෙක ගෘහය තුළදී ද ඔවුහු හිංසනයට ලක්වෙති.
තවත් අයුරකින් දැක්වුවහොත් තමා මෙළොවට බිහිකළ අම්මා හෝ තාත්තා අතින්ම දරුවන්ට ජීවත්වීමේ අයිතිය අහෝසි වු අවස්ථාද වාර්තා වී නැතුවා නොවේ. මේ රට පුදුම රටකි.කලුතර බෝධිය අසලින්ම තම කිරිකැටි දරුවා ගගට විසිකර දමායන මවුවරුන් ගැනද අසන්නට ලැබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් රටේ ඕනෑම ළමයෙකුට නොමිලේම අමතා තම දුකක්, වේදනාවක් කීමට 1929 යන දුරකථන අංකයක් ලබාදී ඇතිබව සැබෑය. එහෙත් මෙම කාරණයේදී පිළිතුරක් ලෙස මෙය භාර ගැනීමට සමාජය සුදානම් නැත. ඒ අංකය අමතා මසකට ලැබෙන පැමිණිලි 400- 500 ක් පමණ යැයි දැන ගන්නට තිබේ. මේ වාර්තා වන ගණන පමණි. පොලිස් පොතේ නොලියවන තව පැමිණිලි කීයක් ඇතිද මේ සියලු දේ අපි ඔක්තෝම්බර් 01 වන දිනට පමණක් සිහි කරන්නෙමු. රටේ විභව ශක්තිය වැනි මෙම දරුවන් හිංසාවට ලක්වීම පිළිබදව කතා කිරීමට ලෝක ළමා දිනයට නම් සියල්ලෝම ඉදිරිපත් වෙති. එහෙත් මෙවැනි සිදුවීම් හමුවෙහි පිළිතුරු සෙවීමට පැස්බර පිළිවෙත අනුගමනය නොකළ යුතුය. වගකීම පසෙකලා රාජකාරිය ඈලියාවට යැවීම නිසා පසුගිය කාලපරිච්ජේදය පුරාවටම වාර්තා වු සියලු ඛේදනීය සිද්ධි වලදී වන්දී ගෙවීමට සිදුවුයේ මෙරට අහිංසක දරුවන්ටය.
කිසිම අ


7 comments:

  1. දරුවන් අාරක්ෂා කර ගැනීමට සැවොම කටයුතු කළ යුතු ය.

    ReplyDelete
  2. නිවැරදි පාසල් සිසුන් වැරදි කරුවන් ලෙස අත්අඩංගුවට ගෙන හිංසා කිරීම ද ලමා හිංසනයක්මය

    ReplyDelete
  3. නිවැරදි පාසල් සිසුන් වැරදි කරුවන් ලෙස අත්අඩංගුවට ගෙන හිංසා කිරීම ද ලමා හිංසනයක්මය

    ReplyDelete
  4. සැමට ම කලින් අනාගතය සුරක්ෂිත කළ යුතුයි.

    ReplyDelete
  5. This is a very burning issue in present society.children are the future of the country.

    ReplyDelete

Powered by Blogger.