පුද්ගලයෙකු ජීවත්වන බව දැනෙන්නේ ඔහු හෝ ඇය සමාජයට නැතිවම බැරි කෙනෙකු වු විටය. සමාජයේ සෑම පුද්ගලයෙකුටම අයිති වු යම් කාර්යභාරයක් පවතී. පුද්ගලයෙකු ලෙස ඔහු හෝ ඇය වගකීමකින් යුක්තව ඒ හා බැඳී සිටි. තමන් උපන් රටට කුමන හෝ සේවයක් කළ යුතුය. එය රටට, ආගමට, ජාතියට වැඩදායී විය යුතුය. එය වචනයෙන් නොව කි‍්‍රයාවෙන්ම තහවුරු කිරීම වැදගත්ය. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්වා දෙන්නේ එබැවිනි.
එහෙත් පසුගිය දිනෙක රටේ උත්තරීතර ආයතනය යයි නම් ලද පාර්ලිමේන්තුව ඇතුළත මහත් ගාලගෝට්ටියක් ඇතිවිය. මහජන නියෝජිතයන්ගේ ඒ හැසිරීම පිලිබඳව ඔවුනට මනාපය ලබාදි පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළ මහජනයා පසුවන්නේ දැඩි හිත් වේදනාවකිනි. ඔවුන්ටද වැරදුණේ? එසේත් නැත්නම් මේ මහත්වරුන් විසින්ම වරද්දා ගත්තේද?
රටක පාර්ලිමේන්තුවක් පවතින්නේ එරට පුරවැසියා වෙනුවෙනි. ඔහුගේ සියලූ ප‍්‍රශ්න කථා කිරීමට තිබෙන උත්තරීතරම ආයතනයයි.එවැනි ස්ථානයක ජනතා ප‍්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීමකින් තොරව මහජන නියෝජිතයින් කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් ඛේදනීයය.
එහෙත් මෙවැනි සිදුවිම් පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම සිදුවී ඇති බව නොරහසකි. පිලිප් ගුණවර්ධන මහතා විසින් සර් ජෝන් කොතලාවල මහතාට පාර්ලිමේන්තුව ඇතුළත දී පහරදීමට උත්සාහ කිරීම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු අතර සිදුවු පළමු ගුටිබැට හුවමාරුවයි. 1956 දී මැද කොළඹ තුන්වන මන්ත‍්‍රී ඇම් . ඇස් තේමිස්, සර් ජෝන් කොතලාවලට ”හලෝ ජෝන්” යයි ඇමතීමෙන් පසුව ඔහුට පහරදීමට කොතලාවල මහතා ඔහු බිත්තියට හේත්තු කොට ඇත. මෙවැනි සිදුවීම් ගණනාවක්ම වරින්වර අවස්ථා ගණනාවකදීම සිදුවීඇත. එහෙත් පාර්ලිමේන්තුව ඇතුළත ලේ සෙලවීමක් සිදුවු පළමු අවස්ථාව මෙය වේ.ඉතිහාසය යනු රටක අනාගතයයි. ඒ කෙසේ වුවද අපේ රටේ ඉතිහාසයට අනුව වර්තමානය නොව අනාගතයද ගොඩනැගීම දැන් අපහසු බව පැහැදිලිය.
මෙම සිදුවීම එදින අපේ රටේ පාසල් දරුවෝ ද සිය දෑසින්ම දකිති. ඔවුන් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණියේ අධ්‍යාපන චාරිකාවක් ලෙසිනි. එදින පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළතින් පාසල් දරුවන්ට ලබාදුන්නේ කදිම ආදර්ශයකි. මෙය මුළු මහත් ජාතියේම අවාසනාවකි.
රට කරවන ඇත්තන් මීට වඩා හික්මුණු ලෙස සංවරශීලීව ජනතා සේවයට කැපවෙන්නේ නම් යහපත්ය. ආදර්ශය පෙන්වා දිය යුත්තේ කි‍්‍රයාවෙනි. ඇතැම් මන්තී‍්‍රවරුන් සිය ප‍්‍රතිවිරුද්ධ දේශපාලන සගයා ආමන්ත‍්‍රණය කරන්නේ සතුන්ගේ නම් වලිනි. මෙහිදී ඔවුන්ගේ ඔළුවල මට්ටමත්, චර්යාවෙහි ඇති පහත් බවත් මැනවින් ගම්‍ය වේ. රටක් වශයෙන් ගත්විට මෙය බරපතළ ප‍්‍රශ්නයකි. මේ සඳහා විසඳුම් සෙවිය යුතුමය. ඊට විසඳුම් හා යෝජනා ලබාදිය යුත්තේද රට කරවන මොවුන්ම වෙති.
එසේ නොවුනහොත් මහජනතාවට තීරණයක් ගැනීමට සිදුවේ. ඔවුන්ගේ තීරණය මේ සියල්ල අභිබවා ශක්තිමත් වන බවද මෙම මහත්වරුන් සිහිපත් කර ගතයුතු කාලය එළඹ ඇත. බලය ගොඩනැගී ඇත්තේ ජනතා කැමත්ත මත ඔවුන්ට කැමත්තෙන් හෝ අකමැත්තෙන් විශ්වාස කිරීමට සිදුවේ.
අද රටේ නීතිය අකුරටම කි‍්‍රයාත්මක වන්නේද? ප‍්‍රශ්නාර්ථයකි. නීතියේ පවතින ආරක්ෂක වළලූවලින් ඉහළ පුටු හොබවන අය රිංගා යන තත්ත්වයක් පවතින්නේ නීතිය කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාදවීමෙනි. එහෙත් අප සිහි තබාගත යුතු එක කාරණාවක් පවතී. එනම් ප‍්‍රමාදය පසුතැවිල්ලට හේතුවන බවයි.
ජනතාව ඡන්ද බලය භාවිතා කිරීෙම්දී බුද්ධිය කුණු මුල්ල්ට විසි කරනවා....
ReplyDeleteජනතාව ඡන්ද බලය භාවිතා කිරීෙම්දී බුද්ධිය කුණු මුල්ල්ට විසි කරනවා....
ReplyDeleteජනතාව ඡන්ද බලය භාවිතා කිරීෙම්දී බුද්ධිය කුණු මුල්ල්ට විසි කරනවා....
ReplyDeleteකාට ඡන්දෙ දුන්නත් එකයි
ReplyDeleteබලය ලැබුන හැමෝම උමතු වෙනවා
ReplyDeleteකාට ඡන්දෙ දුන්නත් එකයි
ReplyDeletegood article..
ReplyDeleteදේශපාලනය කියන්නේ අද රස්සාවක්.ජනතා සේවයක් නෙවෙයි.කලකිරිමක් තියෙන්නේ.ආණ්ඩු මාරැවුනත් ජනතාවට වැඩක් නංෑ.පාර්ල්මේන්තුව කියන උත්තරිතර ආයතනයට වෙලා තියෙන දේ දැක්කම පුදුම හිතෙනවා.
ReplyDelete