ඕනෑම ජාතියකට අයත් මිනිසකුට තමන්ගේ සිත් පතුළේ ඇති ගැඹුරුතම හැඟීම ප‍්‍රකාශ කළ හැක්කේ මවු භාෂාවෙනි. ජාතියක ප‍්‍රධාන අනන්‍යතා ලක්ෂණයක් වන භාෂාව මිනිසාගේ අන් සියලූ නිපැයුම් පසුබස්නා උත්කෘෂ්ඨම නිෂ්පාදනයකි.
සුහදශීලී හා ලෙන්ගතු ආමන්ත‍්‍රණ වලින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, භාෂාව උපයෝගී කොටගෙන ග‍්‍රාහකයා සමඟ සන්නිවේදනයෙහි යෙදෙන්නේය. එහෙත් වර්තමාන මාධ්‍ය සංස්කෘතිය තුළ භාෂාව සන්නිවේදන කාර්යය සඳහා නිසි අයුරින් යොදා ගන්නේද? ප‍්‍රශ්නාර්ථයකි.
,ඵැ්බසබටි ්රු බදඑ සබ අදරාි ඉමඑ සබ චැදචකැ,යනු සුප‍්‍රසිද්ධ ඉංගී‍්‍රසි කියමනකි. එහි සරල අදහස වන්නේ අර්ථ ඇත්තේ වචන තුළ නොව මිනිසුන් තුළ යන්නයි. අද දවසේ විද්‍යුත් මාධ්‍යයෙහි කතා කරන මාධ්‍යකරුවන් හා හෙවත් ඉංගී‍්‍රසි සිංහල කවලම් භාෂාව අතිශයින්ම අරුචිකරය. අයෝග්‍යය. යම් විෂයක් පිලිබඳ වැඩසටහනකදී ඇතැම් විට ඉංගී‍්‍රසි වචන පාවිච්ච් කිරීමට සිදුවන බව පිළිගත යුත්තකි. එහෙත් ඉතාම සරලව සිංහලෙන් කිවහැකි දේ වෙනුවට ඉංගී‍්‍රසි පාඨ යොදාගැනීම සම්පුර්ණයෙන්ම භාෂාව අංගවිකල කිරීමකි.
”අපි දැන් මේ වැඩසටහන අවසාන කරන්නයි යන්නේ” යැයි කිවහැකිව තිබියදී අපි දැන් මේ program me එක End කරන්නයි යන්නේ ” යනුවෙන් වර්තමාන නිවේදක නිවේදිකාවන් භාෂාව භාවිත කරයි. මෙවැනි අච්චාරු භාෂාවකින් භාෂා සංයමය හෝ හෘදයාංගම බව තවදුරටත් රැුකිය හැකිද? වර්තමාන විද්‍යුත් මාධ්‍යවල පවතින්නේ සීමාසහිත වචන ටිකක් පමණි. මේ සීමාසහිත වචන ටික වෙළඳ භාණ්ඩ ප‍්‍රචාරණයට සහ සින්දු ප‍්‍රචාරය කිරීමට යොදාගනී.
වෙළඳ දැන්වීම් ප‍්‍රචාරණයේ දී භාෂාව ඉතා පහත් ලෙස යොදාගන්නා තත්ත්වයක් දක්නට ලැබේ. එහෙත් එදා අපේ ප‍්‍රවීණයන් වෙළඳ දැන්වීමට පවා අනුප‍්‍රාසය, එළිවැට හා ශබ්දාලංකාර භාවිත කළ යුගයක් තිබු බව පිළිගත යුතු සත්‍යයකි.
” කන්දේ සම බිමේ හෙලේ
හොඳට පැදෙන බයිසිකලේ රැුලේ”
එය ප‍්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න අබේසේකර මහතා ලියු වෙළඳ දැන්වීමක පිටපතකි.මෙම වෙළඳ දැන්වීම තුළ කවීත්වයක් මෙන්ම භාෂා සංයමයක් අන්තර්ගත වුණි. වර්තමාන දැන්වීම් පිටපත් රචනය තුළ ඉහත කී ආකාරයේ භාෂා සුරක්ෂිතතාවයක් තිබේද?
එසේම නුතන පරපුරේ ඇතැම් නිවේදක නිවේදිකාවන් නිර්මාණකරුවන්ගේ නිර්මාණ විවරණය කිරීමේ දී යොදා ගන්නා භාෂාව හා වාග් විලාසය තුළ ඔවුන්ගේ ඔළුවල මට්ටමත් රුචියේ ඇති පහත් තත්ත්වයත් මනාව ගම්‍ය වේ. විටෙක ඔහුට හෝ ඇයට නිර්මාණකරුගේ දෘෂ්ටිය හඳුනාගත නොහැකිය. තවත් විටෙක විවරණ ක‍්‍රම ශිල්ප, න්‍යායන් හා ප‍්‍රවේශයන් අත්හදා බලා නැත.
එමෙන්ම සිංහල වැඩසටහන්වල සිරස්තල හෙවත් මාතෘකා ඉංගී‍්‍රසියෙන් යෙදීම ද විද්‍යුත් මාධ්‍යයේ ඇතැම් නාලිකාවල සිරිතක් වී තිබේ.ඒ සිරස්තලය හෙවත් මාතෘකාව ඉංගී‍්‍රසියෙන් මුලට යොදා ඊළඟ විශේෂාංගය යනුවෙන් යෙදීම විහිළුවකි. භාෂාව යනු හදවත් දිගේ එන උරුමයක් මිස කටවල් දිගේ එන උරුමයක් නොවන බව පසක් කරගත යුතුය.
භාෂාවේ වෙනස්කම් ඇතිවෙන බව සැබෑය. එසේ නොවුණහොත් එය මළ භාෂාවක් නැතහොත් අජීවී භාෂාවකි.එහෙත් භාෂාව විකෘති කිරීම හෙවත් අසම්මත ලෙස පරිහරණය කිරීමට පුද්ගලයාට ඇති ශක්‍යතාවය අසීමාන්තික වුවද භාෂාව අසම්මත ලෙස පරිහරණය කිරීමට ජනමාධ්‍යයට අයිතියක් නැත.
මාධ්‍යයේ මුඛ්‍ය පරමාර්ථය ඉටුකර ගැනීමට නම් ජන මනසට එක එල්ලේ ගෝචර වන ඉතා පැහැදිලි නිවැරදි හා සරල බසින් හරබර අදහස් භාෂාව උපයෝගී කොටගෙන ප‍්‍රකාශ කිරීම සමස්ත මාධ්‍යයේම වගකීමකි.
aththama kathawak
ReplyDeleteThank u so much for your comment.
ReplyDeleteඒවාට ඉතින් උගත් නිවේදකයන්ද ඕනි
ReplyDeleteඒවාට ඉතින් උගත් නිවේදකයන්ද ඕනි
ReplyDeletetrue story...
ReplyDeleteමේ ගැන කතා කරල වැඩක් නෑ අපේ රටේ.ඉහළ පුටු හිතන්න ඕන .ගූවන් විදුලියේ ස්වර්ණමය යුගයක් තිබුණා.ඒත් අද එහෙම නෑ කියල තමයි මගේ අදහස.මම වැරදි වෙන්න පුලුවන්.
ReplyDelete