Wednesday, July 20, 2016

පසුතැවිල්ල

Malsha Gamage







 දීර්ඝ කාලයක් තිස්සේ පාදයක ආබාධයක් හේතු කොටගෙන පීඩා විඳින කරුණාපාල ඒ මේ අත ඇඹරෙමින් දැඩි අපහසුවකින් ආලින්දයේ වු හාන්සි පුටුවේ වැතිර සිට්යේ දිරාගිය වහලේ පියස්සට නෙත් යොමාගෙන ය. පය බිම තබා ඇවිද යාමට නොහැකි වු ඔහු කල්පනා කළේ තම කකුල සුවපත් කරගන්නේ කෙසේද යන්නයි.  
”මොකද්ද? අනේ මේකෙ තේරුම කකුල කැඩිල මාසෙකටත් වෙන්න ආවා. තාම බැහැනේ අඩියක් තියල අඩියක් ගන්න. අර හන්දියේ ඩිස්පැන්සරියේ ඉන්නවා සුබ‍්‍රමනියම් කියල හොද දොස්තර කෙනෙක්” 
 යැයි බිරිඳ පැවසුවාය. 
”ඇත්තටම ඔහේගේ ඔළුව හොද නැද්ද? ඒකත් ඩිස්පැන්සරියක් ද? අර දෙමළ දොස්තරගෙන් බෙහෙත් ගන්න මට. පේන්න බෑ ඔය ජාතිය. අපි මොකටද ඒ මිනිස්සු ළඟ දණින් වැටෙන්න යන්නේ”
අමාරුවෙන් වුව ද ඔහු මහත් උද්දාමයෙන් යුතුව ඒ වචන ටික පිට කළේය. 
”එහෙම කථා කරන්න එපා මහත්තයෝ. දෙමළ කියලා ඒ මිනිස්සු හංවඩු ගහලා නැහැනේ. ඒ අයත් අපි වගේ මිනිස්සු” 
ඔහු කල්පනාවේ නිමග්නව සිටියි . 
” කොහොම ද ඔය කකුල හොඳකර ගන්නේ. දැන් කී දවසක් කියල වෙනව ද? දොස්තරවරු කී දෙනෙක්  ළඟට ගියා ද බෙහෙත් ගන්න. තාම අඩිය හරියට බිම තියාගන්න බැහැනෙ. ඒ මිනිස්සු ළඟ හොඳ ගති තියෙනවා. මම අහලා තියෙනවා ඒ මහත්තයා සනීප කරල තියෙන්නේ ඔහොම ලෙඞ්ඩු නෙවෙයිලූ. ගහෙන් බිමට වැටිලා කිහිලිකරු වාරුවෙන් ගිය මිනිස්සුලූ කෝකටත් ඔයා ගිහින් බෙහෙත් ටිකක් අරගෙන එන්න. තව කල් යන කොට ඇවිද ගන්න බැරිව ගියොත් මහා විනාශයක් වෙන්නේ. මං කියල මොනව කරන්නද ඔය දේවල් ගැන ඔච්චර හතින්න  ඕනෙ නැහැ. මොකද අපේ සිංහල මිනිස්සු ළඟ වැරදි නැද්ද?” 
  
                                               කරුණාපාලගේ බිරිඳ වන සීලවතී ඉතාමත් සුභවාදී හැඟීම් ඇති තැනැත්තියක් වුවා ය. ඈ කිසිවෙකු දෙස අමනාප ස්වරූපයකින් නොබැලූවා ය. සීලවති සැමදෙනා කෙරෙහිම මැදිහත් සිතින් යුක්ත වුවා ය. ඇගේ මෙම හැසිරීම් කරුණාපාල විටෙක කෝපයට පත් කරයි. දෙමළ සටන් කාමීන් පිරිසක් විසින් මේ වන විට සිංහල සෙබලූන් විශාල ප‍්‍රමාණයක් මරණයට පත් කර තිබිණි. එම හේතුව නිසා ද කරුණාපාලගේ සිත දැඩි ලෙස කලකිරී තිබිණි. කරුණාපාලගේ සිත ජාතිවාදී හැඟීම් වලින් පෝෂණය වන්නට මෙය ද මහත් රුකුලක් විය. 
”ඔයාලා වගේ අය තමයි උන් කරට අරගෙන ඉන්නෙ. අන්තිමට උන් ඔළුවට අත හෝදලා යනකන් කිසිම දෙයක් දන්නේ නෑ. ඔයා මොනව කිව්වත් මට නම් ඔය දොස්තර ළඟට යන්න හිත කියන්නෙ නෑ”. 
කරුණාපාල තම තීරණයේ දැඩි ලෙස එල්බ සිටිය ද ඔහු සිත කිසියම් සානුකම්පිත හැඟීමකින් පෙලෙයි. ඒ මිනිසුන් මෙලෙස අපි‍්‍රය කිරීමට තරම් තමාට කිසිª වරදක් එම මිනිසුන්ගෙන් සි¥වුයේ දැයි ඔහු කල්පනා කරමින් සිටී. 
”හරි හරි ඔයාට යන්න බැර ිනම් නිකං ඉන්න. මට නම් තේරෙන්නේ නෑ ඔයා මොකට  ඒ මිනිස්සුන්ට මේ තරම්ම වෛර කරන්නේ කියලා” 
සීලවතී ද පැවසුවේ මෙතෙක් වෙලා සඟවා ගෙන සිටි කෝපය සැමියාට හඟවන පරිද්දෙනි. 
”මොනව කරන්නද ඉතිං. මට තව කී දවසක් කියල මෙහෙම ඉන්නද? මෙහෙම ගියොත් මට සදහටම ඇවිද ගන්න බැරවි එකතැන් වේවි. සුබ‍්‍රමනියම් දොස්තර මහත්තයාගේ ඩිස්පැන්සරියෙන් බෙහෙත් ටිකක් අරගෙන එනවා. මම යන්නේ මගේ කකුල හොඳ කරගන්න මිසක් ඒ මිනිස්සු ගැන පැහැදීමක් ඇති වෙලා නොවෙයි”. 
                                       කරුණාපාල කමිසයක් ඇඟලාගෙන නිවසින් එළියට බැස්සේ කල්පනා සහගත සිතිනි. ඔහුගේ ඡුාතිවාදී හැඟීම් ඉබේ ඇති වු ඒවා නොව එයට රුකුලක් ලබාදෙන මිතුරන් ද සිටින නිසා ඔහු තම මතයේ ම එල්බ ගෙන සිටියි. විටෙක තමාගේ සිතුවිලි කෙතරම් සාධාරණදැයි ඔහුගේ සිතට ප‍්‍රශ්නයක් ද නැගෙයි. කෙසේ වෙතත් ඔහු තම මතය වෙනස් කිරීමට අකැමැති වුයේ මිතුරන්ගේ උදහසට හා උපහාසයට ලක්වන්නට සිදුවේ දැයි හටගත් ලැඡ්ජාව නිසාම නොව සිංහල
  
රුධිරයෙන් උපන් ජීවිත රැුසක් මේ වන විට දෙමළ සටන්කාමීන්ගේ ග‍්‍රහණයෙන් විනාශයට පත් වු නිසාය. එම හැඟීම ඔහුගේ සිත අභ්‍යන්තරයම වෙලා ගෙන ඇත. 
                                    එදින ඉරිදා දිනයක් බැවින් සවස 4.00 පමණ වන තෙක් ඩිස්පැන්සරිය විවෘතව තිබේ. වේලාව සවස 3.00 පමණ වන්නට ඇත. කරුණාපාල ඩිස්පැන්සරියට ඇතුළු වුයේ පිළිකුල් සහගත හැඟීමෙනි. මනාව අලංකාර කර ඇති ඉතාමත් පිරිසිදුවට තිබු එම ස්ථානය දැකීමෙක් වුවත් ඔහුට පිළිකුලක් ඇතිවන්නට ඇත්තේ එම පිළිකුල ඔහුගේ හැඟීම් සමඟ ගැටුණ නිසා විය හැකි ය. 
ඔහු දොස්තර මහතාගේ කාමරයට ඇතුළු වීමට සැරසෙන විට කරුණාපාලගේ කකුල් යමෙකු විසින් පිටුපසට අදින්නාක් මෙන් දැනෙන්නට විය. කරුණාපාලගේ පැමිණීම පිළිබඳ තම සුහදතාවය පළකරන්නාක් මෙන් දොසත්ර මහතා කට පුරා සිනාසුණේ ය. 
          මොකද්ද මහත්තයගේ නම? 
                මම කරුණාපාල 
දොස්තර මහතා කොලේක නම සටහන් කරමින් කරුණාපාලගෙන් තොරතුරු විමසන්නට විය. 
          කරුණාපාල කොහෙද පදිංචිය? 
          අම්පාරේ ටවුම කිට්ටුව මහත්තොයෝ.. 
කරුණාපාල නොරිස්සුම් බැල්මක් හෙලමින් පිළිතුරු දුන්නේ ය.   ”මොකද්ද මේ මහත්තයට තියෙන අසනීපෙ, මූණත් මලානික වෙලා”... හෙතෙම කැඩුණු සිංහලෙන් කතා කළේ ය. 
  
  
”මාසයක් විතර වෙනවා. පය ලිස්සල ඇදන් වැටුණා. කී පාරක් කියල බෙහෙත්  ගත්තද? ඒත් මට හරියට අඩිය බිම තියා ගන්න බෑ. ඇවිදිනකොට හරිම වේදනාකාරියි. මහත්තයෝ
ඉවසගෙන ඉන්න බැරමි තැන තමයි මම බෙහෙත් ටිකක් ගන්න ආවේ” 
ඔහු තම දැඩි අකමැත්ත හා කෝපය සඟවා ගනිමින් පැවසුවේ ය. 
”කොයි හරිය ද කකුලේ රිදෙන්නේ?”
ඔහු කරුණාපාලගේ කකුල පරීක්ෂා කරන ලද්දේ සෙනෙහවන්ත පියෙක් සිය දරුවාගේ කකුල පරීක්ෂා කරන්නාක් මෙන් දැඩි වුවමනාවෙනි. ඔහු ඉතා පරීක්ෂාවෙන් රෝගය නිශ්චය කළේ ය. 
 
” ඕකට හරිටයම හරියන තෙල් බෙහෙත් එකක් තියෙනවා. ප‍්‍රශ්නෙකට තියෙන්නේ ඒ බෙහෙත් එක ඉවර වෙලා. ඉස්සර නම් ඔය තෙල් බෙහෙත් ඔක්කොම මගේ අතින් හින්දා. ඒත්.. මේ වයසත් එක්ක කරගන්න අමාරුයි. අද හවසට බෙහෙත් ගෙන්නනවා. හෙට ආවොත් නොවරදවාම බෙහෙත් තෙල් කුප්පිය දෙන්නම්. රටේ වතාවරණෙ හැටියට බෙහෙත් ගෙන්න ගන්න බැරි වුණොත් , හෙට මම බෙහෙත් එක ලියල දෙන්නම්.” 
සුබ‍්‍රමනියම් මහතාගේ වදන් වඩාත් කාරුණික වන්නට විය. කැඩිච්ච සිංහලෙන් කතා කළ දොස්තර මහතාගේ වදන් ආපසු නිවස බලා පැමිණෙමින් සිටි කරුණාපාලගේ දෙසවන තුළ යළි යළිත් රැුව්පිළි දෙන්නට විය. ඔහු උත්සාහ ගත්තේ සිය අදහස් සාධාරණීකරණය කර ගැනීමට ය. 
                                            පසු දා සූර්යයා උදා වුවත් ඒ වෙනදා මෙන් නොව අවට පරිසරයම කැළඹී ඇති සෙයකි. මහා ඝෝෂාවක් ඇසුණු හෙයින් කරුණාපාල අවදි වුයේ  තිගැස්සීමෙනි. තම මිතුරෙකුගෙන් ලැබුණු දුරකථන පණිවිඩයකින් පසු ඔහුගේ ගත අප‍්‍රාණික වු බව දැනිණි. 
  
”අනේ බලන්න එළියට බහින්න විදියක් නෑ සිංහල දෙමළ මිනිස්සු මරා ගන්නවා” යනුවෙන් පවසමින් සීලවති දුවගෙන ආවේ බිය මුසු බවක් පළ කරමිනි. 
”මට දැන් සමරෙ කථා කරා අම්පාරේ  ටවුන් එක පැත්තේ සේරම කඩ සාප්පු ගිනි තියලලූ” දැන් ඉතින් මහ විනාශයක ආරම්භය තමයි ඔය...... 
                                           මෙම කලබල හේතුවෙන් සුබ‍්‍රමනියම් මහතාගේ ඩිස්පැන්සරියට ද ගිනි තබන ලදී. දොස්තර මහතා ද ඇªම් කෑලි දෙකක් පමණ බෑගයක දමා පිටත්වූයේ ඡීවිතයට වඩා වටිනා දෙයක් මේ මහ පොළොව මත නොතිබූ හෙයිනි. නමුත් ඔහු ජීවිතයත් මරණයත් අතර සටනකින් යුතු මේ වේලෙහි කිසියම් පුද්ගලයෙකු සොයමින් ඇවිදමින් අවසානයේ කලබලයෙන් දුවමින් සිටි මැදිවියේ පුද්ගලයෙකුට අඬ ගැසුවේ ය. 
”මේ සහෝදරයා කරුණාපාල මහත්තයා අªරනවද? අර ඩ‍්‍රයිවර් වැඬේ කරන කෙනා. අනේ කරුණාකරලා කොහොම හරි ඒ මහත්තයට මේ බෙහෙත් තුණ්ඩුව දෙනවද? 
”හරි .... හරි මම අªරනවා. මම දෙන්නම්. මහත්තයත් මෙතන ඉන්න එක ඇඟට හොඳ මදි. ඉක්මනට කොහේහරි ඈතකට යන්න” යැයි පවසමින් ඔහදු ලහිලහියේම පිටත්ව ගියේ ය. 
                                           ඔහු කරුණාපාල හොඳින් අªනන පුද්ගලයෙකි. කරුණාපාල රියැදුරෙකු නිසා ගැරේජ් එකේ වැඩ කරන සෝමදාස දැන හªනාගෙන සිටීම පුදුමයක් නොවේ. සිදුවු කලබල හේතුවෙන් අම්පාර ප‍්‍රදේශයේ අමුතුම මුසල පෙනුමක් දිස්විය. නගරය පුරාම කළුවට නැඟී සිටින අඩක් පිළිස්සුණු ගොඩනැගිලි දකිනා සැමගේ හදවත් කම්පා කරවයි.  
කරුණාපාල එළියට බැස්සේ දින කිහිපයකට පෙර හදන්නට දැමු වාහනය බැලීමට යාම සඳහායි. නැවුම් වාතය සහිත හුස්මක් ගැනීමට ඔහු හොඳින් උත්සාහ ගත්තද එය තරමක අපහසු කාර්යයක් විය. පුළුස්සා දමන ලද ටයර්, ගොඩනැගිලි, පැල්පත් මෙන්ම මිනිස් ලේ වල පුළුට ුගඳක් පැතිර ගිය පරිසරය දකින කරුණාපාලගේ
  
හදවතේ සංවේගයක් ඇති කළේ ය. මෙම සිදුවීම් හමුවේ ඔහුගේ හදවත ද වෙඬරු පිඬක් මෙන් උණු වන්නට විය. 
”ආ ...කරුණාපාල අයියා මොක ද? මේ පාන්දරම කකුලත් බැරිව. බලන්න අයියේ සිද්ධ වුණු විනාශයක තරම. අම්මලා තාත්තලා තමන්ගෙ දරුවෝ නැතිව විලාප තියනවා. දරුවො තමන්ගෙ දෙමව්පියෝ නැති සාංකාවෙන් දුක් වෙනවා. මේවා දැක්කම හිතෙනවා එකම රටක මිනිස්සු වෙලත් ඇයි මේ විදියට කුලල් කා ගන්නේ කියලා, මොකද්ද මේ ජාතිවාදෙ කියලා..”                
 සෝමදාසගේ හඬ දුක්බර ය. 
”ඔව් සෝමදාස ඇත්තටම ඒ මිනිස්සු කොච්චර වේදනා විඳිනවා ඇත් ද? හරියට මහා කුණාටුවක් ඇවිල්ලා  තමන්ට තිනෙ වටිනාම දේවල් අරන් ගියා වගේ. කෝ මිනිස්සුන්ගේ මුහුණු වල තිබුණ සතුට.. පොදි බැඳගත්තු ආශාව” 
කරුණාපාලගේ දෑස් බිමට නැඹුරු වී ඇත. ලැජ්ජාවෙන් බිම බලාගත් ඔහු ඇඟිලි වලින්  බිම කණින්නට විය. ඔහු ද මේ සියල්ලෙන් කම්පනයට පත් වු සෙයකි . 
”ඒක නෙවෙයි කරුණාපාල අයියේ එදා කලබල අස්සේ මට හන්දියේ ඩිස්පැන්සරියෙ දොස්තර මහත්තයා හම්බවුණා. දොස්තර මහත්තයා මට කතා කරලා කරුණාපාල අයියට දෙන්න කියලා මේ කොළ කෑල්ල දුන්නා.” සෝමදාස පැවසුවේ තරමක කුතුහලයෙනි. 
”ආ... මම එදා කකුලේ අමාරුවට බෙහෙත් ගන්න හන්දියේ ඩිස්පැන්සරියට ගියා. එදා දොස්තර මහත්තයා ළඟ අවශ්‍ය බෙහෙත් තෙල් එක තිබුණේ නෑ. මට කිව්වා ගෙන්නල තියන්නම් ඊට පහුවදා එන්න කියලා. කොහෙ ද ඉතිං නොහිතපු දෙයක්නෙ සිද්ධ වුණෙ. සුබ‍්‍රමනියම් මහත්තයා මම හිතාගෙන හිටියට වඩා කොච්චර හොද කෙනෙක් ද? බෙහෙත් එක ගෙන්න බැරි වුණත් තුණ්ඩුව එවලා තියෙනවා.” 
කරුණාපාල මේ වදන් සියල්ල ගුවනට මුසු කළේ දොස්තර මහතා  පිළිබඳ පෙර පැවති සියලූ අමනාපකම් දුරු කර ගනිමිනි. 
  
” පව් කොහොම වුණත් හරි හිත හොඳ මනුස්සයා. මිනිස්සු කී දෙනෙක් සනීප කරල ඇත් ද?” සෝමදාස පැවසුවේ ශෝකී ස්වරයෙනි. 
”ඔව් මම මුල දී හරි අමනාපෙන් හිටියේ ඔය දොස්තර මහත්තයත් එක්ක. ඒත් මට තේරුණා ඒ මනුස්සයා කොච්චර ගුණ යහපත් ද කියලා නැත්නම් එදා තිබුණ වතාවරණෙ හැටියට මේ බෙහෙත් තුණ්ඩුව දෙන්න මතක් වෙනව ද?” 
 කරුණාපාල පැවසීය. ඔහු තමා අතින් සිදු වු වැරදි මෙනෙහි කරමින් ඒවා තේරුම් ගැනීමට උත්සාහ කළේ ය. 
තමා තුළ තිබු ජාතිවාදී හැඟීම් දැන් කොහිද? මිනිසුන්ගේ ලෝකය ඔවුන්ගේ වේදනාවන් හඳුනාගත් ඔහු නමට ගැළපෙන ලෙසම කරුණාවන්තයෙකු බවට පත්වී ඇත.  
 ”සෝමදාස ........ අද දොස්තර මහත්තයාගේ ඩිස්පැන්සරිය අරීද? මේ කලබල නිසා ඒ මනුස්සයා හොඳටම බයවෙලා ඇත්තේ මට ස්තුති කරන්න  ඕන ....... සුබනියම් මහත්තයට  මොකද මට බෙහෙත් තුණ්ඩුව එවන්න කොච්චර මහන්සි වෙලාද? ” 
”හරි වැඬේනෙ, කරුණාපාල අයියේ.. දොස්තර මහත්තයා අතුරුදහන් වෙලා. මිනිස්සු කියනවා දොස්තර මහත්තයා මරල දාලලූ ......... ” සෝමදාස හුසම් නොගෙන එක දිගට වේගයෙන් කියා සිටියේය. කරුණාපාලගේ හදවතට දැඩි කම්පාවක් දැනිණී.ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට ආසන්නව ඇතුවාක් මෙන් මුළු පරිසරයම අඳුරු පටලයකින් වෙලී ගියේය. ඔහුගේ ගත අප‍්‍රාණිකව ගිය සෙයකි. ” අනේ දෙවියනේ ! අහිංසක ජීවිතයක් ...........


9 comments:

  1. පසුතැවීමෙන් හරි සත්‍ය තේරුම් ගන්න එක වටිනවා.

    ReplyDelete
  2. හැමෝගෙම ඇගේ දුවන්න්නෙ රතු පාට ලේ. ජාතිය අනුව ඒක වෙනස් වෙන්නෙ නෑ..

    ReplyDelete
  3. Ada sinhala kena e langa athme demala wela ipadannath puluwan.ma athma sinhale wenuwen satan karai.pasu athme damala wenuwen satan karai.sansarema satanak

    ReplyDelete
  4. Ada sinhala kena e langa athme demala wela ipadannath puluwan.ma athma sinhale wenuwen satan karai.pasu athme damala wenuwen satan karai.sansarema satanak

    ReplyDelete
  5. ගොඩක් දේ කරලා මිනිස්සු අන්තිමට කරන්නේ පසු තැෙවන ඒක...

    ReplyDelete
  6. Samaja yatharthayak menawin nirupanaya kara thibe.

    ReplyDelete
  7. Very nice short story.and also very rare concept.you have good writing skill.you try to enhance it.

    ReplyDelete

Powered by Blogger.