Sunday, July 31, 2016

කුල ගොත් වලට බැහැ පේ‍්‍රමය පරදන්න.........

Malsha Gamage


මහවැලි ගඟ සමීපයේ මුණ්ඩවාක නම් ගම
නැවෑමි යුවළකි තිස්සය- සුමනා යන ලද නම
සැදෑ බැතින් යුතු දෙදෙනා නෑ වෙන කෙනෙකුට සම
ඌරු මාංශයක් ලැබිණි කම්මිල සඳහා සම

කුලිය පිණිස ලැබුණු මේ මස පළමුව දන් දෙන්නට
ශ‍්‍රද්ධා සිත පෙරටු කරන් සිතුණා මෙම දෙදෙනට
තෙල් මස මධු මස පෙණ මස පස් ආකාරයකට
පිළියෙළ වුණි සුමනාගේ දෙයතින් මේ විදියට

සැදැහ සිතින් වසා තැබු මස් හැළිවල මුවකට
සැදැහ සිතින් දන් දෙන්නයි පසුදින සඟ රුවනට
සැදැහවතුන් වුණි නම් අප හෙට අපගේ ගෙදරට
රහතුන් අට දෙනෙක් වඞීවා පැතුවා එකවිට

සැදැහ බැතින් කරන යමක් ඉටුවේ යන ලෝදම
සඳහන් වී ඇත බුදුබණ තුළ ඒ ගැන සැක කිම
දුටුවා සිහිනයක් තිස්ස නැවෑමියා මැදියම
ගිනි කඳ අටකින් පිරුණා මුලූ නිවසම අලූයම



තිස්ස නැවෑමියා සතුටු වී මන දොළ පිරෙයි කියා
ඇසිල්ලකින් පිබිදී ඔහු හදවත තුළ පිරුණු දයා
පිරිබඩ ගෙන සුවඳ පැණින් නිවසම පිරිසිදුව තියා
සුදු වැලි අතුරා එන මඟ දොරටුව පුන් කලස් තියා

පියුම් විලක් කරා බසින රාජ හංස පෙළක් සේය
කම්මර කිස්සසගේ ගෙට වැඩි මහරහතුන්  වහන්සේය
පසඟ පිහිටුවා වැන්දේ ඉහේ මලක් පිපුණ සේය
පිළියෙළ කළ දන්වැට මහ සඟ රුවනට පිදුව සේය

එදා පටන් නැවෑමියා දන් පින් කරමින් සිටියා
ආයුෂ කෙළවර වීමෙන් ඒ අත්බැව් මඟ හැරියා
රජ කුලයන උපදින්නට පෙර පින බලවත් වීයා
ගැමුණු රජුගේ පුත් වී ඉපදීමට බල ඇති වීයා

මහ පුදුමෙකි උපදින දින සිදුවුයේ මෙරට
රත් හැල් වැස්සකි වැටුනේ එක වි ටමහ පොළවට
මේනේරි කුරහන් ආදී පිරි ගබඩා මොනවට
සාලි වර්ග විය සැම දෙය කුමරුගේ පින් මහිමෙට

සෑම දෙනම මවිත කරන් ඉපදුණ මේ කුමරුට
සාලි රාජ කුමරා යයි නම් තැබුවා එකවිට
තෙදින් බලෙන් රුවෙන් ගුණෙන් වැඩෙනා මේ කුමරුට
දහසින් බැඳි පඩුරු ලැබිණි උයද හවා සැම විට

ලැබෙන ලැබෙන සෑම දේම යාචකයට දන් දෙන්නේ
මේ අතරේ දී ගැමුණු රජුත් යුව රජකම පවරන්නේ
අනුරාපුර දකුණු දිසාවේ මැදුරකි ඉදිවන්නේ
ලැබෙනා හැම අය බරක්ම නොනැවතීම දන් දෙන්නේ

මෙසේ වසන එක දිනයක සාලි රාජ කුමරයා
ඉසුරුමුණිය විහාරයට සිල් අරගෙන යන්න ගියා
ගැල් සියයක ලූ වස්තුව අනුරපුරට රැුගෙන හයා
ගෙන යන, තර සිදු වු දෙය මහ විශ්මිත දෙයකි මෙයා

ඉසුරුමුණිය විහාරයට ලං වෙන කල ගැල් කරුවෝ
කරින් හෙලූ විය ගහ ඇති ගැල නවතන ගොනු දුටුවෝ
කොතෙකුත් උත්සාහ කළ දගැල් පදවනු නොහැකි වුවෝ
මේ අතරෙදී එක වස්සෙක් රැුහෙන කඩා ගෙන දිව්වෝ

මවක කරා දිවයන්නා වසුපැටවෙකු සේ නිතිනා
සාලිය කුමරුගෙ ත්‍වහෙරට ඒ වසු පැටියා වැදුනා
ගැල් සියයයේ රැුඳි වස්තුව සමඟින් ඒ දෙස ඇදෙනා
ගැල් සාත්තු දුටු දන මන වස්තුව දැක පුදුම වුනා




සඟයෙනි නුඹ කුමක් පිණිස මෙහි ආ දැයි විමසනවා
පඬුරු රැුගෙන ඔබතුමාට අපි ආවෙමු පවස නවා
විසි දහසක් පමණ මහා සගගණ එහි කැඳවනවා
සියලූම වස්තුව එවිගස මහ රුවනට දන් දෙනවා

මේ අයුරින් දන් දෙනවිට ආදායම අඩුවෙනවා
ජනපද වැසියෝ දකුණේ මහ රජුනට පවසනවා
ඉදිරි දවසෙ රජ කටයුතු කළ නොහැකියි දන්වනවා
බටහිර දෙස මාලිගයක් කරවා පුතුහට දෙනවා

මලින් පිරුණ හෝපලූ ගස උඩ දසුනකි නරඹන්නේ
හෙළලෝලිය ගමනායක සැඩොල් දියණි උඩ ඉන්නේ
පුදුම වුනා මවිත උනා සිත පිරුණා කුමරුන්නේ
සොදුරිය තී කවරෙක්දැයි මට විගසින් කියපන්නේ

හද පටන් හිස දක්වා කුමරුන් ඇය රුව වනමින්
තොපගේ මඳ සිනා නමැති මුව රැුඳි සඳ රැුස් දහරින්
මා හදවත අනුරුවට පිනවා යන්නේ කෙළෙසින්
මගේ කුමුදු වනය නමැති සිත ප‍්‍රබෝධ වේ විගසින්

එපමණකින් නොනැවතුණා තව තව දේවල් ඇසුණා
තී කාගේ කවරෙක්දැයි මට දැන් කිව යුතුය මනා
තී තවමත් විවාහක ද අවිවාහක දැයි ඇසුණා
එබසට දේවි සැඩොලිය මේ ලෙස පිළිතුරු දුන්නා

හෙළලෝලි ගමනායක නැවෑමියා මගේ පියා
එනිසා මට සැඩොල් දුවක් වෙමි යනුවෙන් කියයි එයා
එබස් ඇසු සාලි කුමරු මෙවන් බසක් මුවග තියා
අසුචි වල තිබෙන මැණික් අර නොගනී ද දුටු ජනයා

කුලයෙන් මට කිමද පලේ රූපයටයි මට අගනේ
එනිසා ඔබ වහා ගසින් බැසිය යුතුයි නැගණියනේ
හෝපලූ ගස දී දුටු ඔබ අශෝකමාලා වන්නේ
යානාවක පිළිසන් තබලා දේවි ගෙන යන්නේ

උපත ලැබුවද සැඩොල් කුලයක උසස් වුයේ රූපයෙන්
කෙලෙසකද යනු දෙසු බුදුහිමි අතීතය ගෙන මේ ලෙසින්
එදා ලක්දිව කුලගෙයක දේවී උපන් සුමනා නමින්
බෝධි පුජා කිරීමට ඇය ගියා මව හා සමඟියෙන්

බඩසයින් පීඩිත වෙලා සුමනා බිබී කැඳ ගෙතුළදී
මල් පුදා පැන් සනසවා බෝ-  ගෙට ගියේ මව් ඉන් මිදී
වගුරුවා ඇති බත් උළු දුටු මව්තුමී කෝපේන් බැඳි
සැඩොල් කෙල්ලේ ඇයි මගේ ගෙය හැඩි කළේ යයි බැණ වැඳී

මව්තුමිය බැණ වැදුණු හින්දා ඇගේ හිත බොහෝමත්ම රිදුණා
මට නොවේ චණ්ඩාල කෙළි නම් නුඔමවේ යනුවෙන් කියන්නා
බෝ මලූව ඇමඳී කුසලයෙන් බොාහා් රූමත් වී ඉපදුණා
මවට බැණ වැදි පාපයෙන් ඈ කුල හීනවී ඉපදුණා

පෙර කරන ලද කුසල් අකුසල් අපේ පිටුපස හඹා එන්නේ
ගොනුන් පිටුපස ඇදෙන රථ රෝදය ලෙසිනි එය සිතට ගන්නේ
දේවී කුමරිය කළ පිනෙන් ඇය සාලි කුමරුට බිරිඳ වන්නේ
අසා සිටිනා සැම දෙනටම මහගු උපදේශයක් වන්නේ

සාලි කුමරුගේ දේවි සැඩොලිය රැුගෙන නුවරට ආවා
දුටුගැමුණු රජු ඇතුළු වැසියන් මුව පියුම් මුකුලිත වුණා
රජකමත් දෙමි, ඔටුනු පළඳමි පුතනුවනි මෙය නොකරනා
රජ කුලයට නිගාවකි පුත කළ යුතුයි දෙය ගැලපෙනා

කෙසේ කීවද සාලි කුමරුන් පිය රජුට අවනත නොවේ
දේවි යන නම මට වටිනවා රජකමට වැඩියෙන් ලොවේ
නැවත දිනයක ගැමුණු මහ රජු කැදවමින් බමුණන් රජ සවේ
පරීක්ෂා කර බලා එනු මැන දේවි කුමරිගෙ ගත සුවේ

දේවි කුමරිය බලා සපැමිණි බමුණු පඩිවරු රජ අනින්
රජුට පවසති ඇයගෙ රුව ගුන බමුනු පඩිවරු මේලෙසින්
සිරි කාන්තා තොමෝ වසනා ඒකුමරි වාසනාවන්
ඇය ලබන පින් ඇති ඔබේ පුතුවේය සක්විති රජුන්

මෙය ඇසු දුටුගැමුනු රජුගේ සිත ටිකෙන් ටික පැහැදුණා
තමන් නිවසට සපැමිණෙන බව රජු මුවින් දැන් ගිලිහුණා
දේවි කුමරිය බත්මාලූ පිස තබා රජමැති  පිනවනා
පෙර මගට ගොස් පිළිගනි ඇය මයිලනුවන් සතොසිනා

පිළියෙල කල දිවා බොජුන් දේවි කුමරියගේ සුරතින්
පිළිගැන්විනි මහ රජුනට දේවි කුමරිගෙ සුරතින්
රසවත් බව නිසා අහර පිනවා ගිය රස නහරින්
පිබිදුණා සිත ඇති මහරජු සිතුවා මේ ලෙස සතොසින්

ගුන නැන මිස කුල ගොත්වල අගයක් නැත කිසිදු විට
ගෝකුණ ඇති ගොරදගනී ගෝකුණ නොගනී
උපත ලැබුවත් දාවී දේවී කිසිවිට චණ්ඩාලයකුට
සාලිට පාවා දුන්නේ දේවි අත පැන් වත්කොට

අශෝකමාලා දේවිය සහ සාලිය කුමරු එදා
රන් රස සේ කල් ගෙවමින් සැප සම්පත් විඳින සඳා
දෙදෙනාතර විවාදයක් විය කුසලය බලය බෙදා
කුසල් බලය මගේ වැඩියි සාලි කුමරු කීය එදා

මෙම බසට උරණ වු දේවිය හිමිට කියනවා මෙලෙසින්
කුසල් බලය බැලූව මැනව මාගේ දැන් දැන් විගසින්
ඇඹුල් කැඳිත්තක් දෙවිදු රැුගෙන පැමිණියේ මොහොතින්
ඒ දුටු සාලිය කුමරු සිනාසුණා මහ හයියෙන්

සී.සී මට නින්දා නොකරන්න අනේ මා හිමියනි
මේ ඔසු කැඳ ඉතාමත්ම බලසම්පන්නය හිමියනි
මේ ඔසු කැඳ බීවෝතින් යම් යම් ලෙසකට හිමියනි
සියලූ රෝග නසා නිදුක් නීරෝගි වෙයි හිමියනි

කන් දී මේ බසට සාලිය කුමාරයා
ජරහන් මහලූ මිනිසකු කැඳ පොවා පියා
දුටු දන මවිත කරමින් ඒ මහලූ කයා
නාඹර තරුණයෙකු ලෙස සුන්දරව ගියා

මේ දුටු සාලි කුමරා විස්මිත විය
මාහට වඩා දේවි බලවත් විය
බීවත් කෙනෙක් කැඳ සළ අසු නොමවිය
පෙරටත් වඩා ආදර තව තර විය

මේ විස්මිත දසුන් නැරඹු දුටු ගැමුණු
මහ රජතුමා පැහැදි සිත සංසිදුණු
රජකම භාර දුන්නා පළදා ඔටුනු
රජකම නොවේ දේවිමයි මට වටිනු

පරසිදු මේ පුවත ඔබහට පවසන්න
මම කවි කලා එය ඔබහට දන්වන්න
කුල ගොත් වලට බැහැ පේ‍්‍රමය පරදන්න
ආශෝකමාලා සාලිය පෙම් පුවතයි ඔබ මේ දැන ගන්න






කුල ගොත් වලට බැහැ පේ‍්‍රමය පරදන්න......

Malsha Gamage


මහවැලි ගඟ සමීපයේ මුණ්ඩවාක නම් ගම
නැවෑමි යුවළකි තිස්සය- සුමනා යන ලද නම
සැදෑ බැතින් යුතු දෙදෙනා නෑ වෙන කෙනෙකුට සම
ඌරු මාංශයක් ලැබිණි කම්මිල සඳහා සම

කුලිය පිණිස ලැබුණු මේ මස පළමුව දන් දෙන්නට
ශ‍්‍රද්ධා සිත පෙරටු කරන් සිතුණා මෙම දෙදෙනට
තෙල් මස මධු මස පෙණ මස පස් ආකාරයකට
පිළියෙළ වුණි සුමනාගේ දෙයතින් මේ විදියට

සැදැහ සිතින් වසා තැබු මස් හැළිවල මුවකට
සැදැහ සිතින් දන් දෙන්නයි පසුදින සඟ රුවනට
සැදැහවතුන් වුණි නම් අප හෙට අපගේ ගෙදරට
රහතුන් අට දෙනෙක් වඞීවා පැතුවා එකවිට

සැදැහ බැතින් කරන යමක් ඉටුවේ යන ලෝදම
සඳහන් වී ඇත බුදුබණ තුළ ඒ ගැන සැක කිම
දුටුවා සිහිනයක් තිස්ස නැවෑමියා මැදියම
ගිනි කඳ අටකින් පිරුණා මුලූ නිවසම අලූයම



තිස්ස නැවෑමියා සතුටු වී මන දොළ පිරෙයි කියා
ඇසිල්ලකින් පිබිදී ඔහු හදවත තුළ පිරුණු දයා
ඵිරිබඩ ගෙන සුවඳ පැණින් නිවසම පිරිසිදුව තියා
සුදු වැලි අතුරා එන මඟ දොරටුව පුන් කලස් තියා

පියුම් විලක් කරා බසින රාජ හංස පෙළක් සේය
කම්මර කිස්සසගේ ගෙට වැඩි මහරහතුන්  වහන්සේය
පසඟ පිහිටුවා වැන්දේ ඉහේ මලක් පිපුණ සේය
පිළියෙළ කළ දන්වැට මහ සඟ රුවනට පිදුව සේය

එදා පටන් නැවෑමියා දන් පින් කරමින් සිටියා
ආයුෂ කෙළවර වීමෙන් ඒ අත්බැව් මඟ හැරියා
රජ කුලයන උපදින්නට පෙර පින බලවත් වීයා
ගැමුණු රජුගේ පුත් වී ඉපදීමට බල ඇති වීයා

මහ පුදුමෙකි උපදින දින සිදුවුයේ මෙරට
රත් හැල් වැස්සකි වැටුනේ එක වි ටමහ පොළවට
මේනේරි කුරහන් ආදී පිරි ගබඩා මොනවට
සාලි වර්ග විය සැම දෙය කුමරුගේ පින් මහිමෙට

සෑම දෙනම මවිත කරන් ඉපදුණ මේ කුමරුට
සාලි රාජ කුමරා යයි නම් තැබුවා එකවිට
තෙදින් බලෙන් රුවෙන් ගුණෙන් වැඩෙනා මේ කුමරුට
දහසින් බැඳි පඩුරු ලැබිණි උයද හවා සැම විට

ලැබෙන ලැබෙන සෑම දේම යාචකයට දන් දෙන්නේ
මේ අතරේ දී ගැමුණු රජුත් යුව රජකම පවරන්නේ
උනුරාපුර දකුණු දිසාවේ මැදුරකි ඉදිවන්නේ
ලැබෙනා හැම අය බරක්ම නොනැවතීම දන් දෙන්නේ

මෙසේ වසන එක දිනයක සාලි රාජ කුමරයා
ඉසුරුමුණිය විහාරයට සිල් අරගෙන යන්න ගියා
ගැල් සියයක ලූ වස්තුව අනුරපුරට රැුගෙන හයා
ගෙන යන, තර සිදු වු දෙය මහ විශ්මිත දෙයකි මෙයා

ඉසුරුමුණිය විහාරයට ලං වෙන කල ගැල් කරුවෝ
කරින් හෙලූ විය ගහ ඇති ගැල නවතන ගොනු දුටුවෝ
කොතෙකුත් උත්සාහ කළ දගැල් පදවනු නොහැකි වුවෝ
මේ අතරෙදී එක වස්සෙක් රැුහෙන කඩා ගෙන දිව්වෝ

මවක කරා දිවයන්නා වසුපැටවෙකු සේ නිතිනා
සාලිය කුමරුගෙ ‍ෙවහෙරට ඒ වසු පැටියා වැදුනා
ගැල් සියයයේ රැුඳි වස්තුව සමඟින් ඒ දෙස ඇදෙනා
ගැල් සාත්තු දුටු දන මන වස්තුව දැක පුදුම වුනා




සඟයෙනි නුඹ කුමක් පිණිස මෙහි ආ දැයි විමසනවා
පඬුරු රැුගෙන ඔබතුමාට අපි ආවෙමු පවස නවා
විසි දහසක් පමණ මහා සගගණ එහි කැඳවනවා
සියලූම වස්තුව එවිගස මහ රුවනට දන් දෙනවා

මේ අයුරින් දන් දෙනවිට ආදායම අඩුවෙනවා
ජනපද වැසියෝ දකුණේ මහ රජුනට පවසනවා
ඉදිරි දවසෙ රජ කටයුතු කළ නොහැකියි දන්වනවා
බටහිර දෙස මාලිගයක් කරවා පුතුහට දෙනවා

මලින් පිරුණ හෝපලූ ගස උඩ දසුනකි නරඹන්නේ
හෙළලෝලිය ගමනායක සැඩොල් දියණි උඩ ඉන්නේ
පුදුම වුනා මවිත උනා සිත පිරුණා කුමරුන්නේ
සොදුරිය තී කවරෙක්දැයි මට විගසින් කියපන්නේ

හද පටන් හිස දක්වා කුමරුන් ඇය රුව වනමින්
තොපගේ මඳ සිනා නමැති මුව රැුඳි සඳ රැුස් දහරින්
මා හදවත අනුරුවට පිනවා යන්නේ කෙළෙසින්
මගේ කුමුදු වනය නමැති සිත ප‍්‍රබෝධ වේ විගසින්

එපමණකින් නොනැවතුණා තව තව දේවල් ඇසුණා
තී කාගේ කවරෙක්දැයි මට දැන් කිව යුතුය මනා
තී තවමත් විවාහක ද අවිවාහක දැයි ඇසුණා
එබසට දේවි සැඩොලිය මේ ලෙස පිළිතුරු දුන්නා

හෙළලෝලි ගමනායක නැවෑමියා මගේ පියා
එනිසා මට සැඩොල් දුවක් වෙමි යනුවෙන් කියයි එයා
එබස් ඇසු සාලි කුමරු මෙවන් බසක් මුවග තියා
අසුචි වල තිබෙන මැණික් අර නොගනී ද දුටු ජනයා

කුලයෙන් මට කිමද පලේ රූපයටයි මට අගනේ
එනිසා ඔබ වහා ගසින් බැසිය යුතුයි නැගණියනේ
හෝපලූ ගස දී දුටු ඔබ අශෝකමාලා වන්නේ
යානාවක පිළිසන් තබලා දේවි ගෙන යන්නේ

උපත ලැබුවද සැඩොල් කුලයක උසස් වුයේ රූපයෙන්
කෙලෙසකද යනු දෙසු බුදුහිමි අතීතය ගෙන මේ ලෙසින්
එදා ලක්දිව කුලගෙයක දේවී උපන් සුමනා නමින්
බෝධි පුජා කිරීමට ඇය ගියා මව හා සමඟියෙන්

බඩසයින් පීඩිත වෙලා සුමනා බිබී කැඳ ගෙතුළදී
මල් පුදා පැන් සනසවා බෝ-  ගෙට ගියේ මව් ඉන් මිදී
වගුරුවා ඇති බත් උළු දුටු මව්තුමී කෝපේන් බැඳි
සැඩොල් කෙල්ලේ ඇයි මගේ ගෙය හැඩි කළේ යයි බැණ වැඳී

මව්තුමිය බැණ වැදුණු හින්දා ඇගේ හිත බොහෝමත්ම රිදුණා
මට නොවේ චණ්ඩාල කෙළි නම් නුඔමවේ යනුවෙන් කියන්නා
බෝ මලූව ඇමඳී කුසලයෙන් බොාහා් රූමත් වී ඉපදුණා
මවට බැණ වැදි පාපයෙන් ඈ කුල හීනවී ඉපදුණා

පෙර කරන ලද කුසල් අකුසල් අපේ පිටුපස හඹා එන්නේ
ගොනුන් පිටුපස ඇදෙන රථ රෝදය ලෙසිනි එය සිතට ගන්නේ
දේවී කුමරිය කළ පිනෙන් ඇය සාලි කුමරුට බිරිඳ වන්නේ
අසා සිටිනා සැම දෙනටම මහගු උපදේශයක් වන්නේ

සාලි කුමරුගේ දේවි සැඩොලිය රැුගෙන නුවරට ආවා
දුටුගැමුණු රජු ඇතුළු වැසියන් මුව පියුම් මුකුලිත වුණා
රජකමත් දෙමි, ඔටුනු පළඳමි පුතනුවනි මෙය නොකරනා
රජ කුලයට නිගාවකි පුත කළ යුතුයි දෙය ගැලපෙනා

කෙසේ කීවද සාලි කුමරුන් පිය රජුට අවනත නොවේ
දේවි යන නම මට වටිනවා රජකමට වැඩියෙන් ලොවේ
නැවත දිනයක ගැමුණු මහ රජු කැදවමින් බමුණන් රජ සවේ
පරීක්ෂා කර බලා එනු මැන දේවි කුමරිගෙ ගත සුවේ

දේවි කුමරිය බලා සපැමිණි බමුණු පඩිවරු රජ අනින්
රජුට පවසති ඇයගෙ රුව ගුන බමුනු පඩිවරු මේලෙසින්
සිරි කාන්තා තොමෝ වසනා ඒකුමරි වාසනාවන්
ඇය ලබන පින් ඇති ඔබේ පුතුවේය සක්විති රජුන්

මෙය ඇසු දුටුගැමුනු රජුගේ සිත ටිකෙන් ටික පැහැදුණා
තමන් නිවසට සපැමිණෙන බව රජු මුවින් දැන් ගිලිහුණා
දේවි කුමරිය බත්මාලූ පිස තබා රජමැති  පිනවනා
පෙර මගට ගොස් පිළිගනි ඇය මයිලනුවන් සතොසිනා

පිළියෙල කල දිවා බොජුන් දේවි කුමරියගේ සුරතින්
පිළිගැන්විනි මහ රජුනට දේවි කුමරිගෙ සුරතින්
රසවත් බව නිසා අහර පිනවා ගිය රස නහරින්
පිබිදුණා සිත ඇති මහරජු සිතුවා මේ ලෙස සතොසින්

ගුන නැන මිස කුල ගොත්වල අගයක් නැත කිසිදු විට
ගෝකුණ ඇති ගොරදගනී ගෝකුණ නොගනී
උපත ලැබුවත් දාවී දේවී කිසිවිට චණ්ඩාලයකුට
සාලිට පාවා දුන්නේ දේවි අත පැන් වත්කොට

අශෝකමාලා දේවිය සහ සාලිය කුමරු එදා
රන් රස සේ කල් ගෙවමින් සැප සම්පත් විඳින සඳා
දෙදෙනාතර විවාදයක් විය කුසලය බලය බෙදා
කුසල් බලය මගේ වැඩියි සාලි කුමරු කීය එදා

මෙම බසට උරණ වු දේවිය හිමිට කියනවා මෙලෙසින්
කුසල් බලය බැලූව මැනව මාගේ දැන් දැන් විගසින්
ඇඹුල් කැඳිත්තක් දෙවිදු රැුගෙන පැමිණියේ මොහොතින්
ඒ දුටු සාලිය කුමරු සිනාසුණා මහ හයියෙන්

සී.සී මට නින්දා නොකරන්න අනේ මා හිමියනි
මේ ඔසු කැඳ ඉතාමත්ම බලසම්පන්නය හිමියනි
මේ ඔසු කැඳ බීවෝතින් යම් යම් ලෙසකට හිමියනි
සියලූ රෝග නසා නිදුක් නීරෝගි වෙයි හිමියනි

කන් දී මේ බසට සාලිය කුමාරයා
ජරහන් මහලූ මිනිසකු කැඳ පොවා පියා
දුටු දන මවිත කරමින් ඒ මහලූ කයා
නාඹර තරුණයෙකු ලෙස සුන්දරව ගියා

මේ දුටු සාලි කුමරා විස්මිත විය
මාහට වඩා දේවි බලවත් විය
බීවත් කෙනෙක් කැඳ සළ අසු නොමවිය
පෙරටත් වඩා ආදර තව තර විය

මේ විස්මිත දසුන් නැරඹු දුටු ගැමුණු
මහ රජතුමා පැහැදි සිත සංසිදුණු
රජකම භාර දුන්නා පළදා ඔටුනු
රජකම නොවේ දේවිමයි මට වටිනු

පරසිදු මේ පුවත ඔබහට පවසන්න
මම කවි කලා එය ඔබහට දන්වන්න
කුල ගොත් වලට බැහැ පේ‍්‍රමය පරදන්න
ආශෝකමාලා සාලිය පෙම් පුවතයි ඔබ මේ දැන ගන්න





Saturday, July 30, 2016

අච්චාරු භාෂාව හා F.M කලාව

Malsha Gamage



 ඕනෑම ජාතියකට අයත් මිනිසකුට තමන්ගේ සිත් පතුළේ ඇති ගැඹුරුතම හැඟීම ප‍්‍රකාශ කළ හැක්කේ මවු භාෂාවෙනි. ජාතියක ප‍්‍රධාන අනන්‍යතා ලක්ෂණයක් වන භාෂාව මිනිසාගේ අන් සියලූ නිපැයුම් පසුබස්නා උත්කෘෂ්ඨම නිෂ්පාදනයකි.

සුහදශීලී හා ලෙන්ගතු ආමන්ත‍්‍රණ වලින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, භාෂාව උපයෝගී කොටගෙන ග‍්‍රාහකයා සමඟ සන්නිවේදනයෙහි යෙදෙන්නේය. එහෙත් වර්තමාන මාධ්‍ය සංස්කෘතිය තුළ භාෂාව සන්නිවේදන කාර්යය සඳහා නිසි අයුරින් යොදා ගන්නේද? ප‍්‍රශ්නාර්ථයකි.

,ඵැ්බසබටි ්රු බදඑ සබ අදරාි ඉමඑ සබ චැදචකැ,යනු සුප‍්‍රසිද්ධ ඉංගී‍්‍රසි කියමනකි. එහි සරල අදහස වන්නේ අර්ථ ඇත්තේ වචන තුළ නොව මිනිසුන් තුළ යන්නයි. අද දවසේ විද්‍යුත් මාධ්‍යයෙහි කතා කරන මාධ්‍යකරුවන් හා හෙවත් ඉංගී‍්‍රසි සිංහල කවලම් භාෂාව අතිශයින්ම අරුචිකරය. අයෝග්‍යය. යම් විෂයක් පිලිබඳ වැඩසටහනකදී ඇතැම් විට ඉංගී‍්‍රසි වචන පාවිච්ච් කිරීමට සිදුවන බව පිළිගත යුත්තකි. එහෙත් ඉතාම සරලව සිංහලෙන් කිවහැකි දේ වෙනුවට ඉංගී‍්‍රසි පාඨ යොදාගැනීම සම්පුර්ණයෙන්ම භාෂාව අංගවිකල කිරීමකි.

”අපි දැන් මේ වැඩසටහන අවසාන කරන්නයි යන්නේ” යැයි කිවහැකිව තිබියදී අපි දැන් මේ program me  එක End  කරන්නයි යන්නේ ” යනුවෙන් වර්තමාන නිවේදක නිවේදිකාවන් භාෂාව භාවිත කරයි. මෙවැනි අච්චාරු භාෂාවකින් භාෂා සංයමය හෝ හෘදයාංගම බව තවදුරටත් රැුකිය හැකිද? වර්තමාන විද්‍යුත් මාධ්‍යවල පවතින්නේ සීමාසහිත වචන ටිකක් පමණි. මේ සීමාසහිත වචන ටික වෙළඳ භාණ්ඩ ප‍්‍රචාරණයට සහ සින්දු ප‍්‍රචාරය කිරීමට යොදාගනී.

වෙළඳ දැන්වීම් ප‍්‍රචාරණයේ දී භාෂාව ඉතා පහත් ලෙස යොදාගන්නා තත්ත්වයක් දක්නට ලැබේ. එහෙත් එදා අපේ ප‍්‍රවීණයන් වෙළඳ දැන්වීමට පවා අනුප‍්‍රාසය, එළිවැට හා ශබ්දාලංකාර භාවිත කළ යුගයක් තිබු බව පිළිගත යුතු සත්‍යයකි.

        ” කන්දේ සම බිමේ හෙලේ
         හොඳට පැදෙන බයිසිකලේ රැුලේ”

එය ප‍්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න අබේසේකර මහතා ලියු වෙළඳ දැන්වීමක පිටපතකි.මෙම වෙළඳ දැන්වීම තුළ කවීත්වයක් මෙන්ම භාෂා සංයමයක් අන්තර්ගත වුණි. වර්තමාන දැන්වීම් පිටපත් රචනය තුළ ඉහත කී ආකාරයේ භාෂා සුරක්ෂිතතාවයක් තිබේද?

එසේම නුතන පරපුරේ ඇතැම් නිවේදක නිවේදිකාවන් නිර්මාණකරුවන්ගේ නිර්මාණ විවරණය කිරීමේ දී යොදා ගන්නා භාෂාව හා වාග් විලාසය තුළ ඔවුන්ගේ ඔළුවල මට්ටමත් රුචියේ ඇති පහත් තත්ත්වයත් මනාව ගම්‍ය වේ. විටෙක ඔහුට හෝ ඇයට නිර්මාණකරුගේ දෘෂ්ටිය හඳුනාගත නොහැකිය. තවත් විටෙක විවරණ ක‍්‍රම ශිල්ප, න්‍යායන් හා ප‍්‍රවේශයන් අත්හදා බලා නැත.

එමෙන්ම සිංහල වැඩසටහන්වල සිරස්තල හෙවත් මාතෘකා ඉංගී‍්‍රසියෙන් යෙදීම ද විද්‍යුත් මාධ්‍යයේ ඇතැම් නාලිකාවල සිරිතක් වී තිබේ.ඒ සිරස්තලය හෙවත් මාතෘකාව ඉංගී‍්‍රසියෙන් මුලට යොදා ඊළඟ විශේෂාංගය යනුවෙන් යෙදීම විහිළුවකි. භාෂාව යනු හදවත් දිගේ එන උරුමයක් මිස කටවල් දිගේ එන උරුමයක් නොවන බව පසක් කරගත යුතුය.

භාෂාවේ වෙනස්කම් ඇතිවෙන බව සැබෑය. එසේ නොවුණහොත් එය මළ භාෂාවක්  නැතහොත් අජීවී භාෂාවකි.එහෙත් භාෂාව විකෘති කිරීම හෙවත් අසම්මත ලෙස පරිහරණය කිරීමට පුද්ගලයාට ඇති ශක්‍යතාවය අසීමාන්තික වුවද භාෂාව අසම්මත ලෙස පරිහරණය කිරීමට ජනමාධ්‍යයට අයිතියක් නැත.

මාධ්‍යයේ මුඛ්‍ය පරමාර්ථය ඉටුකර ගැනීමට නම් ජන මනසට එක එල්ලේ ගෝචර වන ඉතා පැහැදිලි නිවැරදි හා සරල බසින් හරබර අදහස් භාෂාව උපයෝගී කොටගෙන ප‍්‍රකාශ කිරීම සමස්ත මාධ්‍යයේම වගකීමකි.

Tuesday, July 26, 2016

වරද ඡන්ද දායකයාගේද?

Malsha Gamage








පුද්ගලයෙකු ජීවත්වන බව දැනෙන්නේ ඔහු හෝ ඇය සමාජයට නැතිවම බැරි කෙනෙකු වු විටය. සමාජයේ සෑම පුද්ගලයෙකුටම අයිති වු යම් කාර්යභාරයක් පවතී. පුද්ගලයෙකු ලෙස ඔහු හෝ ඇය වගකීමකින් යුක්තව ඒ හා බැඳී සිටි. තමන් උපන් රටට කුමන හෝ සේවයක් කළ යුතුය. එය රටට, ආගමට, ජාතියට වැඩදායී විය යුතුය. එය වචනයෙන් නොව කි‍්‍රයාවෙන්ම තහවුරු කිරීම වැදගත්ය. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්වා දෙන්නේ එබැවිනි.

එහෙත් පසුගිය දිනෙක රටේ උත්තරීතර ආයතනය යයි නම් ලද පාර්ලිමේන්තුව ඇතුළත මහත් ගාලගෝට්ටියක් ඇතිවිය. මහජන නියෝජිතයන්ගේ ඒ හැසිරීම පිලිබඳව ඔවුනට මනාපය ලබාදි පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කළ මහජනයා පසුවන්නේ දැඩි හිත් වේදනාවකිනි. ඔවුන්ටද වැරදුණේ? එසේත් නැත්නම් මේ මහත්වරුන් විසින්ම වරද්දා ගත්තේද?

රටක පාර්ලිමේන්තුවක් පවතින්නේ එරට පුරවැසියා වෙනුවෙනි. ඔහුගේ සියලූ ප‍්‍රශ්න කථා කිරීමට තිබෙන උත්තරීතරම ආයතනයයි.එවැනි ස්ථානයක ජනතා ප‍්‍රශ්න පිළිබඳව අවධානය යොමු කිරීමකින් තොරව මහජන නියෝජිතයින් කලහකාරී ලෙස හැසිරෙන්නේ නම් ඛේදනීයය.
එහෙත් මෙවැනි සිදුවිම් පාර්ලිමේන්තු ඉතිහාසය පුරාම සිදුවී ඇති බව නොරහසකි. පිලිප් ගුණවර්ධන මහතා විසින් සර් ජෝන් කොතලාවල මහතාට පාර්ලිමේන්තුව ඇතුළත දී පහරදීමට උත්සාහ කිරීම ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු අතර සිදුවු පළමු ගුටිබැට හුවමාරුවයි. 1956 දී මැද කොළඹ තුන්වන මන්ත‍්‍රී ඇම් . ඇස් තේමිස්, සර් ජෝන් කොතලාවලට ”හලෝ ජෝන්”  යයි  ඇමතීමෙන් පසුව ඔහුට පහරදීමට කොතලාවල මහතා ඔහු බිත්තියට හේත්තු කොට ඇත. මෙවැනි සිදුවීම් ගණනාවක්ම වරින්වර අවස්ථා ගණනාවකදීම සිදුවීඇත. එහෙත් පාර්ලිමේන්තුව ඇතුළත ලේ සෙලවීමක් සිදුවු පළමු අවස්ථාව මෙය වේ.ඉතිහාසය යනු රටක අනාගතයයි. ඒ කෙසේ වුවද අපේ රටේ ඉතිහාසයට අනුව වර්තමානය නොව අනාගතයද ගොඩනැගීම දැන් අපහසු බව පැහැදිලිය.

මෙම සිදුවීම එදින අපේ රටේ පාසල් දරුවෝ ද සිය දෑසින්ම දකිති. ඔවුන් පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණියේ අධ්‍යාපන චාරිකාවක් ලෙසිනි. එදින පාර්ලිමේන්තු සභා ගර්භය ඇතුළතින් පාසල් දරුවන්ට ලබාදුන්නේ කදිම ආදර්ශයකි. මෙය මුළු මහත් ජාතියේම අවාසනාවකි.
රට කරවන ඇත්තන් මීට වඩා හික්මුණු ලෙස සංවරශීලීව ජනතා සේවයට කැපවෙන්නේ නම් යහපත්ය. ආදර්ශය පෙන්වා දිය යුත්තේ කි‍්‍රයාවෙනි. ඇතැම් මන්තී‍්‍රවරුන් සිය ප‍්‍රතිවිරුද්ධ  දේශපාලන සගයා  ආමන්ත‍්‍රණය කරන්නේ සතුන්ගේ නම් වලිනි. මෙහිදී ඔවුන්ගේ ඔළුවල මට්ටමත්, චර්යාවෙහි ඇති පහත් බවත් මැනවින් ගම්‍ය වේ. රටක් වශයෙන් ගත්විට මෙය බරපතළ ප‍්‍රශ්නයකි. මේ සඳහා විසඳුම් සෙවිය යුතුමය. ඊට විසඳුම් හා යෝජනා ලබාදිය යුත්තේද රට කරවන මොවුන්ම වෙති.

එසේ නොවුනහොත් මහජනතාවට තීරණයක් ගැනීමට සිදුවේ. ඔවුන්ගේ තීරණය මේ සියල්ල අභිබවා ශක්තිමත් වන බවද මෙම මහත්වරුන් සිහිපත් කර ගතයුතු කාලය එළඹ ඇත. බලය ගොඩනැගී ඇත්තේ ජනතා කැමත්ත මත  ඔවුන්ට කැමත්තෙන් හෝ අකමැත්තෙන් විශ්වාස කිරීමට සිදුවේ.

අද රටේ නීතිය අකුරටම කි‍්‍රයාත්මක වන්නේද? ප‍්‍රශ්නාර්ථයකි. නීතියේ පවතින ආරක්ෂක වළලූවලින් ඉහළ පුටු හොබවන අය රිංගා යන තත්ත්වයක් පවතින්නේ නීතිය කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාදවීමෙනි. එහෙත් අප සිහි තබාගත යුතු එක කාරණාවක් පවතී. එනම් ප‍්‍රමාදය පසුතැවිල්ලට හේතුවන බවයි.      



Friday, July 22, 2016

වෙළෙඳ දැන්වීමේ අඩු ලංසුවට විිකිණෙන කාන්තාව

Malsha Gamage







 ස්වභාව ධර්මයේ අපූර්ව වු නිර්මාණය වන්නේ කාන්තාවයි. ලෝකය එදත්  අදත් හෙටත් පවතිනුයේ ඇය නිසාමය ඇය නැත්නම් ලෝකයක් කියා දෙයක් නැත. ඇය නැති තැන පැවැත්මක්ද නැත. ඇයට උපතින්ම සුදුසු නුවණක් හා ලෝකය දෙස විමර්ශනාත්මකව බැලීමේ අපූරු ශක්‍යතාවයක් හිමිව ඇතිබව අවිවාදිතය.ඇයට එය අවශ්‍ය වන්නේ ඇයගෙන් අනාගත පරම්පරාවක් බිහිවන ස්වභාවික න්‍යාය නිසාය.එම පරම්පරාවෙහි හෙට දවස උදෙසා සුවිශාල වු වගකීම් සම්භාරයක් ඇය තම දෙවුර මත දරා සිටින්නේ අභීත කුල රත්නයක් ලෙසිනි.


කාන්තාව ලොව සිටින සුන්දරම වස්තුවකි. එහෙත් එ් සුන්දර කාන්තාවට අද  හිමි ස්ථානය පිළිබඳව නම් එතරම් සතුටු විය නොහැකිය.
නුතන වෙළෙඳපොළ සංස්කෘතිය අතුළත ඇය වෙළඳ භාණ්ඩයක් බවට පතවී අවසන්ය. ඔිනෑම භාණ්ඩයක් අලෙවි කිරීමට වෙළඳ දැන්වීම්කරුවා යොදා ගන්නේ කාන්තාවයිxමෙහිදී කාන්තා අඩනිරුවත යොදාගැනීම අතිශය ඛෙිදනීය තත්ත්වයකි. ඇය නිරන්තරයෙන් ආරක්ෂා කරගතයුතු තැනැත්තියක් ලෙස සැලකුවාය. ඇයට ආරක්ෂාව සපයාදීම පවුලේ සියලු දෙනාගේම වගකීමක් විය.

ඒ කෙසේ වුවද වර්තමාන වෙළෙඳපොළ සංස්කෘතිය ඇතුළත ටයරයක් විකිණීමටද යොදා ගන්නේ අන් කිසිවෙකු නොව කාන්තාවයි. කාන්තාව හා ටයරය අතර ඇති සමානාත්මතාවය කුමක්ද? අහස හා පොළව වැනි වස්තූන් දෙකක් එකිනෙකට සම කිරීමට දැන්වීම්කරුවා දරන උත්සාහය කිසිසේත්ම සාධරණීකරණය කළ නොහැකිය.

ලෝකයට වීර කාන්තාවන් පහළ වන්නේත් ,ලෝකයට ශ්‍රේෂ්ඨ මිනිසුන් බිහි කරන්නේත් මේ සමාජයෙහි සිටින කාන්තාවකමය.එහෙත් මේ සියලු කාරණා දැන්වීම්කරුවා අමතක කර ඇති බව නම් පැහැදිලිය. වාණිජවාදී පටු අරමුණු ඔස්සේ කි‍්‍රයාත්මක වීමේදී කාන්තාවකගේ ගෞරවය ආරක්ෂා කළ යුතුය යන්න ඔහුට කිසිවිටෙක නොසිතෙයි. එහෙත් ඔහු බරපතළ ලෙස සිතිය යුතු එක් කාරණාවක් පවතීx තමාද මෙළොව එළිය දුටුවේ කාන්තාවකගේම කුසින් බවයි. එහෙත් මුදල මත සියලු දේ තීරණය වන සමාජ ක‍්‍රමයක කාන්තා ගෞරවය ආරක්ෂා කිරීම පමණක් නොව සියලු ඇගයීම් වටිනාකම් පද්ධතීන් වළපල්ලට ගොස් අවසන්ය. සමාජය ගමන් කරමින් සිටින්නේ කොයිබටද? වැරදුණු තැන කොතැනද යන්න විමසා බැලිය යුතු කාලය එළඹ ඇත.

දැන්වීකරුවාගේ සහ මාධ්‍යයේ වගකීම විය යුත්තේ කාන්තාව ෂතු අසහාය ශක්තීන් ලෝකය හමුවේ අනාවරණය කිරීමයි. ලෝකයක ඝණ අන්ධකාරය දුරලා ලෝකයක් ආලෝකමත් කිරීමේ ශක්තිය ඇයට උපතින්ම හිමිය. ඔබ දන්නවද? දෑත්  අහිමි ගුවන් නියමුවරිය නමින් ජෙසිකා කොක්ස්ය. ඇය උපදින්නේ දෑත් අහිමිවයි. එහෙත් ඇය මට නොහැකිය”යන වචනය භාවිත නොකළාය. ඇය ලෝකයේ දෑත් නොමැතිව දෙපා පමණක් ඇති එකම ගුවන්යානා පැදවීමේ බලපත් හිම් තැනැත්තිය බවට පත්වුවාය.

ඛාන්තාව සතු මෙකී විශිෂ්ටත්වය වෙළඳ දැන්වීමකට වුවද නිවැරදි ලෙෂ ගළපන්නේ නම් යහපත්ය. එහෙත් කාන්තාව ළඳ බොළඳ සියුමැලි වස්තුවක් බව හුවා දක්වමින් දැන්වීම්කරුවා ඇය පිරිමි පක්ෂය වශීකෘත කරන ලිංගික භාණ්ඩයක් බවට පත්කර අවසන්යx මෙහි වරද ඇත්තේ ඇය වෙළඳ දැන්වීමෙහි නිරූපණය කරන ආකාරය වේ.
කාන්තාව වෙළඳ භාණ්ඩයක් ලෙසින් අඩු ලංසුවට විකිණීමට කිසිසේත්ම වෙළඳ දැන්වීම්කරුවාට නම් සදාචාරාත්මක අයිතියක් නැත. සමස්ත සමාජව විසින්ම මෙය හෙළා දැකිය යුත්තේ නම් මෙලොව සිටින සෑම ප‍්‍රාණියෙකුම බිහි කරන්නේ උතුම් කාන්තා රත්නයක් නිසාවෙනිx ඒ උත්තරීතර මව්   පදවියට ගරු කිරීම සමස්ත පරපුරේම වගකීමකී. 



Thursday, July 21, 2016

ගුණදාස අමරසේකරයන්ගේ නිර්මාණ සහ අන්තර් සංස්කෘතිය

Malsha Gamage















නව කතාව, කෙටි කතාව හා පද්‍ය රචනයෙහි මෙන් ම විචාර කලාවෙහි ද එක ලෙස
සමත්කම් පාන දුර්ලභ ගණයේ ලේඛකයෙකු වශයෙන් ගුණදාස අමරසේකරයන්
පෙන්වා දියහැකිය. මෙතුමා උපත ලද්දේ ගාලූ දිස්ති‍්‍රක්කයට අයත් යටලමත්ත නම්
ප‍්‍රදේශයේ දී 1929 නොවැම්බර් මස 12 වන දිනය. යටලමත්ත රජයේ පාසලින් හා
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු මෙතුමා ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාලයේ
දන්ත වෛද්‍ය පීඨයට පිවිස දන්ත වෛද්‍ය උපාධිය දිනා ගත්තේය. පසුව දන්ත
වෛද්‍යවරයෙකු වශයෙන් රජයේ දන්ත වෛද්‍යායතනයට බැදුණු අමරසේකරයෝ එහි
අධිපති ධූරය දක්වා උසස් වීම් ලැබූහ.


අමරසේකරගේ ලේඛන කුසලතා එළි දකින්නට පටන් ගැනුණේ
පේරාදෙණි සරසවියේ සිසුවෙකු ව සිටි සමයේදී ය. මුද්‍රණයෙන් නිකුත් වු ඔහුගේ මුල්ම
කෙටිකතා සංග‍්‍රහය ”රතුරෝස මල”වන අතර ජීවන සුවඳ ,එකම කථාව එක්ටැමෙන්
පොළවට, කතා පහක්, ගල් පිළිමය සහ බොල් පිළිමය, මරණ මංචකයේ දුටු සිහිනය,
පිළිම ලොවයි පියෙවි ලොවයි හා විල්තෙර මරණය යනුවෙන් ඔහු අතින් මේ  වන විට
කෙටිකතා කෘති නවයක් ලියැවී තිබෙි. ගුණදාස අමරසේකරයන්ගේ ප‍්‍රථම නව කතාව ”
කරුමක්කාරයෝ” නමි වු අතර යළි උපන්නෙමි, දෙපා නොලද්දො,් ගන්ධබ්බ අපදානය,
අසත්‍ය කතාවක්, ගමනක මුල, ඉණි මගේ ඉහලට, ගමනක මැද ඔහුගේ සෙසු නව
කතා වෙයි. භාව ගීත, උයනක හිඳ ලියු කවි, අමල් බිසො,් ආවර්්ජනා, අසක්දා කව
එතුමාගේ කාව්‍ය කෘතින් වේ කිහිප වරක්ම රාජ්‍ය සමිමානයෙන් ද පිදුම් ලැබු ඔහුගේ   
 ඇතැම් පොත් විදෙස්  භාෂාවන්ට ද පරීවර්තනය වී තිබේ.


අමරසේකරයන් සිය ලේඛන කාර්යයේ දී අන්තර් සංස්කෘතිය තම නිර්මාණ වලට
කොතෙක් දුරට යොදා ගත්තේ ද යන්න මෙතැන් සිට අධ්‍යයනය කිරීමට
බලාපොරොත්තු වේ. කෙටිකතාව හා අමරසේකර
අමරසේකරයන් කෙටිකතා රචනයේ දී විශේෂයෙන් රුසියානු හා ප‍්‍රංශ ආභසය
ලබා ඇති බව හනාගත හැකිය. ගීද මෝපසාං නැමැති ලේඛකයා හරහා ප‍්‍රංශ ආභාසය
ලබා ඇත. මෝපසාංගේ කථාවල දක්නට ලැබුණු

1 මුල මැද අග යන අංග වලින් යුක්ත වීම
2 කථාව ආරමිභයේ පාඨකයා වික්ෂිප්ත කිරීම.
3 කථාව අවසානයේ ඝටිටනය උපරිම කිරීම.


යනා දී ලක්ෂණ බයිසිකලය,ලිපිකරුවෝ දෙදෙන, ජීවන සුවඳ, ගැමිකත, මිත‍්‍රයෝ
දෙදෙන යනා දී කෙටිකතා තුළ දැකිය හැකිය. රුසියානු ආභාසය ලබා ඇත්තේ ඇන්ටන් චෙකොෆ්,නිකොලායි
ගොගොල්,ඇලෙක්සැන්ඩර් ගාර්ෂින් වැනි විශිෂ්ට ගණයේ රුසියානු ලේඛකයන්ගෙනි.
ඇන්ටන් චෙකොෆ්ගේ කෙටි කතාවල දක්නට ලැබුණු ලක්ෂණ බොහෝ දුරට
අමරසේකරයන්ගේ කෙටිකතාවල තිබුණි.


1 කිසියමි පුද්ගලයෙකුගේ චරිතයක් නොහොත් සිතක් විස්තර කීරීම.
2 ක‍්‍රමානුකුල අන්දමට අසුරන ලද සිදුවීම් පෙළක් නොමැතිවීම.
3 පාඨකයා කුතුහලයට පත් නොකිරීම.
4 පරිසරය පිළිබඳ වර්ණනා කිරීම.
5 හදිසියේම ආරමිභ කර හදිසියේම අවසන් කිරිම.


යනා දී ලක්ෂණ අමරසේකරයන්ගේ නිර්මාණ වල දක්නට ලැබුණේ චෙකොෆ්ගේ
ආභාසය තුළිනි.
චෙකොෆ්ගේ කෙටිකතා කියවන විට හමුවන යෙදුමි කීපයක් අමරසේකරගේ කෙටිකතා
තුළ ද දක්නට ලැබේ.
උදා ”වියරු වැටීමට ආසන්න එකකු මෙන්”
ගස්වල බොහෝ සේ මල් පිපෙන කාලයද පැමිණියේය.
මා තුළ ඇති වුයේ පරාජිතයෙකුගේ ශෝකයකි.
චෙකොෆ්ගේ බොහෝ කෙටිකතාවල ”ම ශබ්දාකාරයෙන් අවසන් වීම තවත් ලක්ෂණයකි.

උදා දැයි මම නොදනිමි.”
දැයි මට මතක නැත”
දැයි මට කිව නොහැක”

රතු රෝස මල,ජීවන සුවඳ කෙටිකතාවල මෙම නිදසුන් දැකිය හැකිය. (මම ආදී වශයෙන් * කථකයා උත්තම පුරුෂ ඒක වචනයෙන් කථාවල යෙදීම.

ටෝල්ස්ටෝයි, ඩොස්ටොවුස්කි, හා ගෝර්කි වැනි නව කථාකරුවන් විසිනුත් ඇන්ටන්
චෙකොෆ් හා බුනින් වැනි කෙටි කතාකරුවන් විසිනුත් බෙහෙවින්අනුගමනය කරන ලද
ක‍්‍රමයකි. 

උදා ගුරුවරයා, දාවින් අයියා, මාමාගේ ඉඩම, සෝමා, අම්මාගේ ශෝකය,
අව්ව, වෙසක් කුඩුව, ආපසු ගමන,නිවාඩුව

ගුණදාස අමරසේකරගේ කෙටි කතාවල වල දක්නට ලැබෙන භාෂා විලාශය චෙකොෆ්
තම කෙටි කතා ලිවීම සඳහා උපයෝගී කරගත් භාෂා විලාශයට බෙහෙවින් සමාන බව
කිව හැකිය . චෙකොෆ්ගේ මෙන් අමරසේකරගේ භාෂාව සරලයxවාක්‍ය කෙටිය. මෙය
වඩාත් පැහැදිලිව පෙනෙන්නේ ඔවුන් දෙදෙනා විසින් එක හා සමාන අවස්ථාවක් හෝ
වස්තුවක් විස්තර කොට ඇති සැටි පිරික්සා බලන විටය.

අමරසේකරගේ ජීවන සුවඳ හා චෙකොෆ්ගේ ගුසේන් හි එන සැදෑ වැනුම්
දෙක මේ සඳහා නිදසුන් ලෙස දැක්විය හැකිය.

”සැදෑ අහස නොයෙක් වර්ණයන්ගෙන් යුත් වළාකුළු වලින් වැඞී ඇති සැටි අපි
එවෙිලෙහි දුටුවෙමුxඒ වළාකුළු මොන පාටින් සෑදුණුඒවා ද? ඈත ක්ෂිතජය අසල
වළාකුළු තද රතු පැහැතියxඉක්බ්තිව ඒවා දන් ,කහ, රෝස ආදී වශයෙන් වර්ණයෙන්
හීන වෙයි.

”(ජීවන සුවඳ*
”මෙි වෙිලේ බටහිර අහසෙහි වළාකුළු ගොඩගැසී තිබුණි . වළාකුළු වලට පිටිපසින්
ව්නිවිද යන කොළ පැහැ එළියක් අහස මැද තෙක් විහිදී තිබුණේය. මඳ වෙිලාවකින් ඊට
පිටුපසින් දමි පැහැයක් ඇතිවිය.  අනතුරුව රත් පැහැයක් ද රෝස පැහැයක් ද ඇතිවිය.


(ගුසේන්*
චෙකොෆ්ගේ ආභාසය ලබා රචනා කරන ලද කෙටි කතා කිහිපයක් නිදසුන් ලෙස
මෙලෙස දැක්විය හැකිය

 චෙකොෆ් ගේ ”චන්කා”” කෙටි කතාව මුල් කර ගනිමින් අමරසේකරයන් ”අවුරුදු
සිහිනය ”රචනා කරයි.(නගරයේ ගෙදරක නතර කර සිටි චන්කාට නත්තලට
ගෙදර යාමට තිබු ආශාව මෙන් ම අවුරුදු සිහිනයේ එන පියසේනට ද සිංහල
අවුරුද්දට පෙර ගෙදර යාමට තිබු ආශාව එක හා සමානය.

*
 චෙකොෆ්ගේ ”සුන්දරීයෝ දෙදෙන” කෙටි කතාවෙි එන රචනා ශෛලිය
බොහෝ දුරට අමරසේකරගේ ”අවිව” කෙටි කතාවට සමාන වෙි.(මෙම කථා
දෙකම රචනා වී ඇත්තේ ළමයින් දෙදෙනෙකු මත අත්දැකීමි විස්තර කරන
ආකාරයෙනි.
*
 ”චෙරි වත්ත” නාට්‍යය පදනමි කරගෙන ”අම්මාගේ ශෝකය” කෙටි කතාව රචනා
කර ඇත.(වෙනස් වන සමාජයට අනුරූපීව තම ජිවිතය වෙනස් කර ගත යුතුයි
යන සත්‍යය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරන්නවුන් දෙදෙනෙකු ගැන නිරූපණය
වෙි.
*
එසේම නිකොලායි ගොගොල්ගේ ආභාසය ද ලබා ඇති බව පෙනේ.
උදා ඔහුගේ ”කබාය” කෙටි කතාව පදනමි කරගෙන අමරසේකරයන් ”
බයිසිකලය”රචනා කර ඇත. මෙම කෙටි කතා දෙකේ අවසානය එක හා සමානය.
තව ද ඇලෙක්සැන්ඩර් ගාර්ෂින් නැමැති රුසියානු ලේඛකයාගේ ආභාසය ද යම්තාක්
දුරකට ලබා ඇති බව පෙනේ.

උදා ඇලෙක්සැන්ඩර්ගේ ”රතුමල” කෙටි කතාව පදනමි කරගෙන
අමරසේකරයන් ”රතු රෝසමල” රචනා කරයි.(වස්තු බීජය අතින් එක සමාන වෙි.උමතු
මානසික රෝගියෙකු වස්තු බීජය කරගනී.
*


නව කතාව හා අමරසේකර



අමරසේකරයන් නව කතා රචනයේ දී රුසියානු ආභාසය මෙන් ම යුරෝපීය
ආභාසය ද ලබා ඇති බව පෙනේ.මෙහි දී මැක්සිමි ගෝර්කි හා ඩොස්ටොවුස්කි යන
රුසියානු ලේඛකයන්ගේ ආභාසය මෙන්ම ඞීxඑචි ලෝරන්ස් නැමැති ඉංගී‍්‍රසි නව
කතාකරුවාගේ බලපෑම කැපී පෙනේ.

අමරසේකරයන් රචනා කරන ලද ”යළි උපන්නෙමි” නව කතාවට මැක්සිම් ගෝර්කිගේ
නිර්මාණ කිහිපයක් පදනම් කරගෙන ඇත.

එනම්
පාපොචිචාරණය නව කතාව
ෆෝමා ගෝර්ඬේයේෆ් නව කතාව
මැතිව් කොස්හෙමියැකින්ගේ ජිවිතය නව කතාව

යනාදිය වේ.යළි උපන්නෙමි නව කතාව ගැඹුරු දාර්ශනික කරුණු ගැන සිතමින් කල්
ගෙවන රණතුංගගේ ගුඪ චරිතය විදහා දක්වයි.ෆෝමා ගෝර්ඬේයේෆ් නව කතාවෙි එන
නිකිතා නමි තැනැත්තාගෙන් මෙහි එන රණතුංග චරිතය පෝෂණය වී ඇත. එසේම
මැතිව් කොස්හෙමියැකින්ගේ ජිවිතය නව කතවෙි එන ප‍්‍රධාන චරිතය වන මැතිවි
කොස්හෙමියැකින් එක්තරා අවදියක දී ගත කළ මුඩුක්කු ජිවිතයත් යළි උපන්නෙමි නව
කතාවෙි එන රණතුංග ගත කළ මුඩුක්කු ජිවිතයත් බොහෝ ්දුරට එක සමානය.යළි
උපන්නෙමි මනෝ විද්‍යාත්මක නව කථාවකි.මේ සඳහා යුරෝපයේ රචනා කරන ලද
නව කතාවල දක්නට ලැබෙන විඥාන ධාරා ක‍්‍රමය ආදී මනෝ විද්‍යාත්මක ලක්ෂණ
දක්නට ලැබුණි.යළි උපන්නෙමි නව කතාව තුළ ජේමිස් ජොයිස්ගේ,ඩෙරොතී
රිචඞ්සන්ගේ,වර්ජිනියා වුල්ප් වැනි බටහිර නව කතාකරුවන් යොදාගත් ඇතැම් ලක්ෂණ
දක්නට ලැබුණි.

එසේම යළි උපන්නෙමි රචනා කිරීමෙි දී මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ ආභාසය ද
යම්තාක් දුරකට ලබා ඇති බව සඳහන් කළ හැකියxයළි උපන්නෙමි රචනා කිරීමේ දි
විරාගයට සමාන්තර ලෙස රචනා කරයිxආරම්භය බොහෝ දුරට විරාගයේ ආරම්භයට
සමානය.

උදා ” විරාගයේ සැමී මෙන් ම යළි උපන්නෙමි හී ගුණේ ද තමාගේ පැරණි
මිතුරෙකු සොයමින් සිටිනු පාඨකයාට මුලින්ම දක්නට ලැබේ.සැමී සොයන්නේ
අරවින්දය. ගුණේ සොයන්නේ රණතුංගයxඅරවින්ද ගැන හෝඩුවාවක් පමණක් නොව මිය
ගිය ඔහුගේ ජීවිත කථාව ද සැමීට සිරිදාසගෙන් ලැබෙයිxරණතුංග ගැන හෝඩුවාවක්
ගුණේට ලැබෙන්නේ පරණ මිතුරෙකු වු ආරියදාසගෙනි.
මේ ආකරයට අමරසේකරයන් යළි උපන්නෙමි රචනයේ දී වික‍්‍රමසිංහයන්ගේ ආභාසය
ලබා ඇති බව පෙන්වා දිය හැකිය.

1961 දී ලියා පළ කල ”දෙපා නොලද්දෝ” නව කතාව තුළ බොහෝ රුසියානු
නව කතාවන්හි දක්නට ලැබෙන අංග දැකිය හැකියxදෙපා නොලද්දෝ වු කලී
උගත්කමක් තිබෙන ,එහෙත් කයින් පමණක් නොව සිතින් ද දුබල නිෂ්කී‍්‍රය චරිතයක්
ඇති තරුණයෙකුගේ කථාවකි. මේ සඳහා ප‍්‍රධාන පෙළේ රුසීයන් ලේඛකයෙකු වූ
ඩොස්ටොවුස්කිගේ ආභාසය ලබා ඇත.ඔහුගේ රචනයේ තිබු ලක්ෂණයක් වුයේ නව
කතාවෙි එන ප‍්‍රධාන පුද්ගලයන් අතර හුවමාරු වු ලියුම් ගණනාවක් කථාව විකාශනය
කිරීමට යොදා ගැනීමයි.

උදා ඩොස්ටොවුස්කිගේ ”දුප්පත්තු” නව කතාව ලියුම් 9 ක් පදනම් කරගෙන
ලියුවකිxමේ ආකාරයට වස්තු බීජය අතින් මෙන්ම රචනා ක‍්‍රමය අතින්ද දෙපා නොලද්දෝ
ඩොස්ටොවුස්කිගේ දුප්පත්තු නව කතාවට සමාන වේ. ඞ් එච් ලෝරන්ස් නැමැති ඉංගී‍්‍රසි නව කතාකරුවාගෙ ් ආභාසය ලබා ඇති බව

කරුමක්කාරයෝ ,දෙපා නොලද්දෝ,ගන්ධබ්බ අපදානය,යළි උපන්නෙමි යන කෘති
හරහා ද ඉස්මතු වී පෙනේ.අමරසේකර සිංහල නව කතාවේ විශාල පෙරළියක් කිරීමට
උපයෝගී කර ගත්තේ ඞී එච් ලෝරන්ස් නැමැති නව කතාකරුවා වේ.

පද්‍ය රචනය හා අමරසේකර


අමරසේකරයන් කවියෙකු ලෙස බටහිර කවියේ අන්තර්ගතය ඔස්සේ තම කාව්‍ය
නිර්මාණ ප‍්‍රබල ලෙස පෝෂණය කළේය. 

උදා ඞී එච් ලෝරන්ස්ගේ” ඔ්‍යෑ ීභ්ණෑ” යන කාව්‍ය නිර්මාණය පදනම් කර
ගනිමින් අමරසේකරයන් ගෙවත්තට පැමිණි ”අහරකුක්කෙකු”ු ගැන කවි පන්තිය රචනා
කරයි.

”දිය සිදුණු මරු කතර ” වැනි කාව්‍ය නිර්මාණයන්හි දී ටී එස් එලියටි වැනී
කවින්ගේ බලපෑම මොහුට ලැබී ඇත. එය කවි ඉදිරිපත් කරන ආකාරයෙන් පැහැදිලිය. 1957 දී නිකුත් වු ”උයනක හිඳ ලියු කවි” කාව්‍ය සංග‍්‍රහයට ටී එස් එලියටි
,අස්රා පවුන්ඞ් වැනි බටහිර කවීන්ගේ ආභාසය ලැබී ඇත. මොවුන්ගේ ලක්ෂණය වුයේ
කවිය ද ඔවුන් යොදා ගත්තේ නව කතාව මෙන් පාඨකයාට ඇමතීමටය.
ආවර්ජවනා,උයනක හිඳ ලියු කවි,ගුරුළුවත වැනි කාව්‍ය සංග‍්‍රහ වලින් වරෙක
විප්ලවවාදියෙකු තවත් වරෙක සම්ප‍්‍රදාය තුළින් නව මාවතක් ගොඩනඟන ලද
පර්යේෂකයෙකු ලෙස අමරසේකරයන් දැකිය හැකිය. 


අමරසේකරයන්ගේ කාව්‍ය සම්ප‍්‍රදාය පසුකාලීනව ඉදිරියට ගෙන යාමට ප‍්‍රතිභාව සහිත
කවීන් පහළ වු බව සත්‍යයකි.මෙහි දී දයාසේන ගුණසිංහ ,එරික් ඉලයප්පආරච්චි වැනි
නුතන පෙළේ කාව්‍ය රචකයන් කැපී පෙනේ.

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුව ද සාහිත්‍ය කලාව කෙරෙහි තමන් තුළ කුඩා කල සිටම
ඇති වු ආසාව තමන් සාහිත්‍යධරයෙකු වු බව පවසන අමරසේකර,ඇන්ටන්
චෙකොප්ගේ ප‍්‍රකට කියමනක් සිහි ගන්වම්න් තමාගේ නීත්‍යානුකුල ඛිරිඳ සාහිත්‍යය
ලෙසත් පෙම්වතිය වෛද්‍ය වෘත්තිය ලෙසත් හදුන්වයි.

මේ අයුරින් සාහිත්‍යකරණය තුළ නියැලෙමින් අන්තර් සංස්කෘතිය හරහා සිය නිර්මාණ
පෝෂණය කිරීම නිසා ම ඔහු සාහිත්‍ය ලෝකය තුළ පහන් තරුවක් බවට පත්ව ඇත.

ඇත්තටම හිඟන්නා කවුද?

Malsha Gamage



















ජිවිතය කියන්නේ තරණය කළ යුතු සුන්දරම නදියක්. ඒ නදිය තරණය කිරීම තරමක අපහසු කාර්යයක් වෙනවා.  මේ ලෝකයේ ඉපදෙන කිසි කෙනෙක් සර්ව සම්පුර්ණ වෙලා ඉපදෙන්නේ නෑ. ඒ තමයි ලෝක ස්වභාවය. එක්කෝ අතක් පයක් නැතිව අංගවිකල වෙනවා. එහෙම නැත්නම් කාගේ හෝ පිළිසරණක් නැතිව අසරණ වෙනවා. එහෙම අසරණ වෙන කෙනෙක් කරන්නේ ජීවත් වෙන්න තව කෙනෙකුගේ පිහිටක් පතන එක තමයිණි අපි මෙච්චර කල් අහලා දැකලා තියෙන්නේ එහෙම ජීවත් වෙන්න සල්ලි හිඟමන් යදින අය විතරයි.හිඟමන යනුද එක්තරා විදියක ජීවිකාවක්ඒ. ්නැතත් මේ සමාජයේම කොටස්කරුවෙකු වන ඔහුත් කෙසේ හෝ තම ජිවිතය රැුක ගත යුතුයි.


අපට පේන්නේ නම් හිඟමනේ යන්නේ හිඟන්නා විතරයි කියලා. අමතක කරන්න එපා තව තව දේවල් යදින අයත් ඉන්නවා. අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් පවා දැන් හිඟන්නා වෙලා. එයාලා හිඟා කන්නේ නිදහස් අධ්‍යාපනය. ඒත් ලැබෙන්නේ පෞද්ගලික අධ්‍යාපනය. නිදහස් අධ්‍යාපනයේ පියා එහෙමත් නැත්නම් සී. ඩබ්ලිවි ඩබ්ලිව් කන්නන්ගර මහත්තයා ගෙනාපු නිදහස් අධ්‍යාපනය කොහෙද ගියේ.

දැන් පෞද්ගලික අධ්‍යාපනය කියන අංකුරය පොහොර හා දියවර ලැබ සුවිසල්ව වැඞී වර්ධනය වුණු වනස්පති වෘක්ෂයක් වී අවසන්.  දැන් ළමයි ඉපදුණ ගමන් යන්නේ පන්ති. අධ්‍යාපනයට තියෙන්නේ පුදුම තරගයක්. මේ තරගයට දුවන්න නොහැකි වු ළමයා අසමත් වෙනවා. ඒ ළමයාගේ වැරැුද්දෙන් නෙවෙයි. මේ යුගය තුළින්ම නි්රමාණය වුණු අධ්‍යාපන ක‍්‍රමයේ වැරැුද්ද නිසයි.


පාසල් යන්නත් කලින් යන්නේ ස්පෝකන් ඉන්ග්ලිෂ් ක්ලාස්.  එක වසරට දාපු ගමන් 5 වසර ශිෂ්‍යත්වයට සුදානම් කරනවා. ශිෂ්‍යත්වය කියන්නේ අද වන විට අම්මලාගේ විභාගයක් මිස ළමයින්ගේ විභාගයක් නොවන බව පිළිගත ගත හැකි සත්‍යයක්  බවට පත්වී අවසන් .සමහර ගුරුවරු හරියට ඉගෙන ගන්න  ඕන නම් මගේ පන්ති එන්න කියලා නොකියා කියනවා. මේ කොහොම නමුත් අපිත් ඉගෙන ගන්නවා .කොහොම කොහොම හරි අවුරුදු 13 ක් වද  විඳලා උසස් පෙළත් සමත් වෙලා සරසවි වරම් ලැබුවා කියමුකෝ .යන්නේ කොහාටද ?සල්ලි වියදම් කරලා ඉක්මනට උපාධිය අරන් රට යන්න පුලූවන්, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටද? නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියලා හැමදාම පාරට බහින රාජ්‍ය විශ්වවිද්‍යාලවලටද? රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ එහෙම පාරට බැහැලා යදින්නේ ඔවුනට තවමත් නොලැබුණු නිදහස් අධ්‍යාපනයයි.


අධ්‍යාපනය යනු වෙළඳ භාණ්ඩයක් නොව මානව අයිතියකි.ඔයාලට කොහොම හිතෙනවද මම දන්නේ නෑ. ඒත් මට හිිතෙන විදියට ඒකට හේතුව අධ්‍යාපනය දේශපාලනීකරණය වීම.  සමහර විට මම වැරදිත් ඇති. මම කීවේ මට හිතෙන විදිය.

මේ වගේ සිද්ධි දිහා බැලුවම  ඇත්තටම හිඟන්නා කියලා කෙනෙක් ඉන්නවද?  ඇත්තටම එහෙම විශේෂ කෙනෙක් නෑ.කවුරු කවුරුත් මොනවා හරි හිඟා කනවා. එහෙත් සමහරු හිඟා කන විදිය අනුව තමා සමාජය තුළ විවිධ විවිධ මට්ටම් වලට බෙදිල යන්නේ . මුදල් අඩු වැඩි බව හේතුවක් වෙන්නේ නෑ. හදවතේ තියෙන මනුස්සකමයි වැදගත් වෙන්නේ. පොඞ්ඩක් හිතලා බලන්න ඇත්ත මොකද්ද කියලා කවදුරටත්.         .

Wednesday, July 20, 2016

පසුතැවිල්ල

Malsha Gamage







 දීර්ඝ කාලයක් තිස්සේ පාදයක ආබාධයක් හේතු කොටගෙන පීඩා විඳින කරුණාපාල ඒ මේ අත ඇඹරෙමින් දැඩි අපහසුවකින් ආලින්දයේ වු හාන්සි පුටුවේ වැතිර සිට්යේ දිරාගිය වහලේ පියස්සට නෙත් යොමාගෙන ය. පය බිම තබා ඇවිද යාමට නොහැකි වු ඔහු කල්පනා කළේ තම කකුල සුවපත් කරගන්නේ කෙසේද යන්නයි.  
”මොකද්ද? අනේ මේකෙ තේරුම කකුල කැඩිල මාසෙකටත් වෙන්න ආවා. තාම බැහැනේ අඩියක් තියල අඩියක් ගන්න. අර හන්දියේ ඩිස්පැන්සරියේ ඉන්නවා සුබ‍්‍රමනියම් කියල හොද දොස්තර කෙනෙක්” 
 යැයි බිරිඳ පැවසුවාය. 
”ඇත්තටම ඔහේගේ ඔළුව හොද නැද්ද? ඒකත් ඩිස්පැන්සරියක් ද? අර දෙමළ දොස්තරගෙන් බෙහෙත් ගන්න මට. පේන්න බෑ ඔය ජාතිය. අපි මොකටද ඒ මිනිස්සු ළඟ දණින් වැටෙන්න යන්නේ”
අමාරුවෙන් වුව ද ඔහු මහත් උද්දාමයෙන් යුතුව ඒ වචන ටික පිට කළේය. 
”එහෙම කථා කරන්න එපා මහත්තයෝ. දෙමළ කියලා ඒ මිනිස්සු හංවඩු ගහලා නැහැනේ. ඒ අයත් අපි වගේ මිනිස්සු” 
ඔහු කල්පනාවේ නිමග්නව සිටියි . 
” කොහොම ද ඔය කකුල හොඳකර ගන්නේ. දැන් කී දවසක් කියල වෙනව ද? දොස්තරවරු කී දෙනෙක්  ළඟට ගියා ද බෙහෙත් ගන්න. තාම අඩිය හරියට බිම තියාගන්න බැහැනෙ. ඒ මිනිස්සු ළඟ හොඳ ගති තියෙනවා. මම අහලා තියෙනවා ඒ මහත්තයා සනීප කරල තියෙන්නේ ඔහොම ලෙඞ්ඩු නෙවෙයිලූ. ගහෙන් බිමට වැටිලා කිහිලිකරු වාරුවෙන් ගිය මිනිස්සුලූ කෝකටත් ඔයා ගිහින් බෙහෙත් ටිකක් අරගෙන එන්න. තව කල් යන කොට ඇවිද ගන්න බැරිව ගියොත් මහා විනාශයක් වෙන්නේ. මං කියල මොනව කරන්නද ඔය දේවල් ගැන ඔච්චර හතින්න  ඕනෙ නැහැ. මොකද අපේ සිංහල මිනිස්සු ළඟ වැරදි නැද්ද?” 
  
                                               කරුණාපාලගේ බිරිඳ වන සීලවතී ඉතාමත් සුභවාදී හැඟීම් ඇති තැනැත්තියක් වුවා ය. ඈ කිසිවෙකු දෙස අමනාප ස්වරූපයකින් නොබැලූවා ය. සීලවති සැමදෙනා කෙරෙහිම මැදිහත් සිතින් යුක්ත වුවා ය. ඇගේ මෙම හැසිරීම් කරුණාපාල විටෙක කෝපයට පත් කරයි. දෙමළ සටන් කාමීන් පිරිසක් විසින් මේ වන විට සිංහල සෙබලූන් විශාල ප‍්‍රමාණයක් මරණයට පත් කර තිබිණි. එම හේතුව නිසා ද කරුණාපාලගේ සිත දැඩි ලෙස කලකිරී තිබිණි. කරුණාපාලගේ සිත ජාතිවාදී හැඟීම් වලින් පෝෂණය වන්නට මෙය ද මහත් රුකුලක් විය. 
”ඔයාලා වගේ අය තමයි උන් කරට අරගෙන ඉන්නෙ. අන්තිමට උන් ඔළුවට අත හෝදලා යනකන් කිසිම දෙයක් දන්නේ නෑ. ඔයා මොනව කිව්වත් මට නම් ඔය දොස්තර ළඟට යන්න හිත කියන්නෙ නෑ”. 
කරුණාපාල තම තීරණයේ දැඩි ලෙස එල්බ සිටිය ද ඔහු සිත කිසියම් සානුකම්පිත හැඟීමකින් පෙලෙයි. ඒ මිනිසුන් මෙලෙස අපි‍්‍රය කිරීමට තරම් තමාට කිසිª වරදක් එම මිනිසුන්ගෙන් සි¥වුයේ දැයි ඔහු කල්පනා කරමින් සිටී. 
”හරි හරි ඔයාට යන්න බැර ිනම් නිකං ඉන්න. මට නම් තේරෙන්නේ නෑ ඔයා මොකට  ඒ මිනිස්සුන්ට මේ තරම්ම වෛර කරන්නේ කියලා” 
සීලවතී ද පැවසුවේ මෙතෙක් වෙලා සඟවා ගෙන සිටි කෝපය සැමියාට හඟවන පරිද්දෙනි. 
”මොනව කරන්නද ඉතිං. මට තව කී දවසක් කියල මෙහෙම ඉන්නද? මෙහෙම ගියොත් මට සදහටම ඇවිද ගන්න බැරවි එකතැන් වේවි. සුබ‍්‍රමනියම් දොස්තර මහත්තයාගේ ඩිස්පැන්සරියෙන් බෙහෙත් ටිකක් අරගෙන එනවා. මම යන්නේ මගේ කකුල හොඳ කරගන්න මිසක් ඒ මිනිස්සු ගැන පැහැදීමක් ඇති වෙලා නොවෙයි”. 
                                       කරුණාපාල කමිසයක් ඇඟලාගෙන නිවසින් එළියට බැස්සේ කල්පනා සහගත සිතිනි. ඔහුගේ ඡුාතිවාදී හැඟීම් ඉබේ ඇති වු ඒවා නොව එයට රුකුලක් ලබාදෙන මිතුරන් ද සිටින නිසා ඔහු තම මතයේ ම එල්බ ගෙන සිටියි. විටෙක තමාගේ සිතුවිලි කෙතරම් සාධාරණදැයි ඔහුගේ සිතට ප‍්‍රශ්නයක් ද නැගෙයි. කෙසේ වෙතත් ඔහු තම මතය වෙනස් කිරීමට අකැමැති වුයේ මිතුරන්ගේ උදහසට හා උපහාසයට ලක්වන්නට සිදුවේ දැයි හටගත් ලැඡ්ජාව නිසාම නොව සිංහල
  
රුධිරයෙන් උපන් ජීවිත රැුසක් මේ වන විට දෙමළ සටන්කාමීන්ගේ ග‍්‍රහණයෙන් විනාශයට පත් වු නිසාය. එම හැඟීම ඔහුගේ සිත අභ්‍යන්තරයම වෙලා ගෙන ඇත. 
                                    එදින ඉරිදා දිනයක් බැවින් සවස 4.00 පමණ වන තෙක් ඩිස්පැන්සරිය විවෘතව තිබේ. වේලාව සවස 3.00 පමණ වන්නට ඇත. කරුණාපාල ඩිස්පැන්සරියට ඇතුළු වුයේ පිළිකුල් සහගත හැඟීමෙනි. මනාව අලංකාර කර ඇති ඉතාමත් පිරිසිදුවට තිබු එම ස්ථානය දැකීමෙක් වුවත් ඔහුට පිළිකුලක් ඇතිවන්නට ඇත්තේ එම පිළිකුල ඔහුගේ හැඟීම් සමඟ ගැටුණ නිසා විය හැකි ය. 
ඔහු දොස්තර මහතාගේ කාමරයට ඇතුළු වීමට සැරසෙන විට කරුණාපාලගේ කකුල් යමෙකු විසින් පිටුපසට අදින්නාක් මෙන් දැනෙන්නට විය. කරුණාපාලගේ පැමිණීම පිළිබඳ තම සුහදතාවය පළකරන්නාක් මෙන් දොසත්ර මහතා කට පුරා සිනාසුණේ ය. 
          මොකද්ද මහත්තයගේ නම? 
                මම කරුණාපාල 
දොස්තර මහතා කොලේක නම සටහන් කරමින් කරුණාපාලගෙන් තොරතුරු විමසන්නට විය. 
          කරුණාපාල කොහෙද පදිංචිය? 
          අම්පාරේ ටවුම කිට්ටුව මහත්තොයෝ.. 
කරුණාපාල නොරිස්සුම් බැල්මක් හෙලමින් පිළිතුරු දුන්නේ ය.   ”මොකද්ද මේ මහත්තයට තියෙන අසනීපෙ, මූණත් මලානික වෙලා”... හෙතෙම කැඩුණු සිංහලෙන් කතා කළේ ය. 
  
  
”මාසයක් විතර වෙනවා. පය ලිස්සල ඇදන් වැටුණා. කී පාරක් කියල බෙහෙත්  ගත්තද? ඒත් මට හරියට අඩිය බිම තියා ගන්න බෑ. ඇවිදිනකොට හරිම වේදනාකාරියි. මහත්තයෝ
ඉවසගෙන ඉන්න බැරමි තැන තමයි මම බෙහෙත් ටිකක් ගන්න ආවේ” 
ඔහු තම දැඩි අකමැත්ත හා කෝපය සඟවා ගනිමින් පැවසුවේ ය. 
”කොයි හරිය ද කකුලේ රිදෙන්නේ?”
ඔහු කරුණාපාලගේ කකුල පරීක්ෂා කරන ලද්දේ සෙනෙහවන්ත පියෙක් සිය දරුවාගේ කකුල පරීක්ෂා කරන්නාක් මෙන් දැඩි වුවමනාවෙනි. ඔහු ඉතා පරීක්ෂාවෙන් රෝගය නිශ්චය කළේ ය. 
 
” ඕකට හරිටයම හරියන තෙල් බෙහෙත් එකක් තියෙනවා. ප‍්‍රශ්නෙකට තියෙන්නේ ඒ බෙහෙත් එක ඉවර වෙලා. ඉස්සර නම් ඔය තෙල් බෙහෙත් ඔක්කොම මගේ අතින් හින්දා. ඒත්.. මේ වයසත් එක්ක කරගන්න අමාරුයි. අද හවසට බෙහෙත් ගෙන්නනවා. හෙට ආවොත් නොවරදවාම බෙහෙත් තෙල් කුප්පිය දෙන්නම්. රටේ වතාවරණෙ හැටියට බෙහෙත් ගෙන්න ගන්න බැරි වුණොත් , හෙට මම බෙහෙත් එක ලියල දෙන්නම්.” 
සුබ‍්‍රමනියම් මහතාගේ වදන් වඩාත් කාරුණික වන්නට විය. කැඩිච්ච සිංහලෙන් කතා කළ දොස්තර මහතාගේ වදන් ආපසු නිවස බලා පැමිණෙමින් සිටි කරුණාපාලගේ දෙසවන තුළ යළි යළිත් රැුව්පිළි දෙන්නට විය. ඔහු උත්සාහ ගත්තේ සිය අදහස් සාධාරණීකරණය කර ගැනීමට ය. 
                                            පසු දා සූර්යයා උදා වුවත් ඒ වෙනදා මෙන් නොව අවට පරිසරයම කැළඹී ඇති සෙයකි. මහා ඝෝෂාවක් ඇසුණු හෙයින් කරුණාපාල අවදි වුයේ  තිගැස්සීමෙනි. තම මිතුරෙකුගෙන් ලැබුණු දුරකථන පණිවිඩයකින් පසු ඔහුගේ ගත අප‍්‍රාණික වු බව දැනිණි. 
  
”අනේ බලන්න එළියට බහින්න විදියක් නෑ සිංහල දෙමළ මිනිස්සු මරා ගන්නවා” යනුවෙන් පවසමින් සීලවති දුවගෙන ආවේ බිය මුසු බවක් පළ කරමිනි. 
”මට දැන් සමරෙ කථා කරා අම්පාරේ  ටවුන් එක පැත්තේ සේරම කඩ සාප්පු ගිනි තියලලූ” දැන් ඉතින් මහ විනාශයක ආරම්භය තමයි ඔය...... 
                                           මෙම කලබල හේතුවෙන් සුබ‍්‍රමනියම් මහතාගේ ඩිස්පැන්සරියට ද ගිනි තබන ලදී. දොස්තර මහතා ද ඇªම් කෑලි දෙකක් පමණ බෑගයක දමා පිටත්වූයේ ඡීවිතයට වඩා වටිනා දෙයක් මේ මහ පොළොව මත නොතිබූ හෙයිනි. නමුත් ඔහු ජීවිතයත් මරණයත් අතර සටනකින් යුතු මේ වේලෙහි කිසියම් පුද්ගලයෙකු සොයමින් ඇවිදමින් අවසානයේ කලබලයෙන් දුවමින් සිටි මැදිවියේ පුද්ගලයෙකුට අඬ ගැසුවේ ය. 
”මේ සහෝදරයා කරුණාපාල මහත්තයා අªරනවද? අර ඩ‍්‍රයිවර් වැඬේ කරන කෙනා. අනේ කරුණාකරලා කොහොම හරි ඒ මහත්තයට මේ බෙහෙත් තුණ්ඩුව දෙනවද? 
”හරි .... හරි මම අªරනවා. මම දෙන්නම්. මහත්තයත් මෙතන ඉන්න එක ඇඟට හොඳ මදි. ඉක්මනට කොහේහරි ඈතකට යන්න” යැයි පවසමින් ඔහදු ලහිලහියේම පිටත්ව ගියේ ය. 
                                           ඔහු කරුණාපාල හොඳින් අªනන පුද්ගලයෙකි. කරුණාපාල රියැදුරෙකු නිසා ගැරේජ් එකේ වැඩ කරන සෝමදාස දැන හªනාගෙන සිටීම පුදුමයක් නොවේ. සිදුවු කලබල හේතුවෙන් අම්පාර ප‍්‍රදේශයේ අමුතුම මුසල පෙනුමක් දිස්විය. නගරය පුරාම කළුවට නැඟී සිටින අඩක් පිළිස්සුණු ගොඩනැගිලි දකිනා සැමගේ හදවත් කම්පා කරවයි.  
කරුණාපාල එළියට බැස්සේ දින කිහිපයකට පෙර හදන්නට දැමු වාහනය බැලීමට යාම සඳහායි. නැවුම් වාතය සහිත හුස්මක් ගැනීමට ඔහු හොඳින් උත්සාහ ගත්තද එය තරමක අපහසු කාර්යයක් විය. පුළුස්සා දමන ලද ටයර්, ගොඩනැගිලි, පැල්පත් මෙන්ම මිනිස් ලේ වල පුළුට ුගඳක් පැතිර ගිය පරිසරය දකින කරුණාපාලගේ
  
හදවතේ සංවේගයක් ඇති කළේ ය. මෙම සිදුවීම් හමුවේ ඔහුගේ හදවත ද වෙඬරු පිඬක් මෙන් උණු වන්නට විය. 
”ආ ...කරුණාපාල අයියා මොක ද? මේ පාන්දරම කකුලත් බැරිව. බලන්න අයියේ සිද්ධ වුණු විනාශයක තරම. අම්මලා තාත්තලා තමන්ගෙ දරුවෝ නැතිව විලාප තියනවා. දරුවො තමන්ගෙ දෙමව්පියෝ නැති සාංකාවෙන් දුක් වෙනවා. මේවා දැක්කම හිතෙනවා එකම රටක මිනිස්සු වෙලත් ඇයි මේ විදියට කුලල් කා ගන්නේ කියලා, මොකද්ද මේ ජාතිවාදෙ කියලා..”                
 සෝමදාසගේ හඬ දුක්බර ය. 
”ඔව් සෝමදාස ඇත්තටම ඒ මිනිස්සු කොච්චර වේදනා විඳිනවා ඇත් ද? හරියට මහා කුණාටුවක් ඇවිල්ලා  තමන්ට තිනෙ වටිනාම දේවල් අරන් ගියා වගේ. කෝ මිනිස්සුන්ගේ මුහුණු වල තිබුණ සතුට.. පොදි බැඳගත්තු ආශාව” 
කරුණාපාලගේ දෑස් බිමට නැඹුරු වී ඇත. ලැජ්ජාවෙන් බිම බලාගත් ඔහු ඇඟිලි වලින්  බිම කණින්නට විය. ඔහු ද මේ සියල්ලෙන් කම්පනයට පත් වු සෙයකි . 
”ඒක නෙවෙයි කරුණාපාල අයියේ එදා කලබල අස්සේ මට හන්දියේ ඩිස්පැන්සරියෙ දොස්තර මහත්තයා හම්බවුණා. දොස්තර මහත්තයා මට කතා කරලා කරුණාපාල අයියට දෙන්න කියලා මේ කොළ කෑල්ල දුන්නා.” සෝමදාස පැවසුවේ තරමක කුතුහලයෙනි. 
”ආ... මම එදා කකුලේ අමාරුවට බෙහෙත් ගන්න හන්දියේ ඩිස්පැන්සරියට ගියා. එදා දොස්තර මහත්තයා ළඟ අවශ්‍ය බෙහෙත් තෙල් එක තිබුණේ නෑ. මට කිව්වා ගෙන්නල තියන්නම් ඊට පහුවදා එන්න කියලා. කොහෙ ද ඉතිං නොහිතපු දෙයක්නෙ සිද්ධ වුණෙ. සුබ‍්‍රමනියම් මහත්තයා මම හිතාගෙන හිටියට වඩා කොච්චර හොද කෙනෙක් ද? බෙහෙත් එක ගෙන්න බැරි වුණත් තුණ්ඩුව එවලා තියෙනවා.” 
කරුණාපාල මේ වදන් සියල්ල ගුවනට මුසු කළේ දොස්තර මහතා  පිළිබඳ පෙර පැවති සියලූ අමනාපකම් දුරු කර ගනිමිනි. 
  
” පව් කොහොම වුණත් හරි හිත හොඳ මනුස්සයා. මිනිස්සු කී දෙනෙක් සනීප කරල ඇත් ද?” සෝමදාස පැවසුවේ ශෝකී ස්වරයෙනි. 
”ඔව් මම මුල දී හරි අමනාපෙන් හිටියේ ඔය දොස්තර මහත්තයත් එක්ක. ඒත් මට තේරුණා ඒ මනුස්සයා කොච්චර ගුණ යහපත් ද කියලා නැත්නම් එදා තිබුණ වතාවරණෙ හැටියට මේ බෙහෙත් තුණ්ඩුව දෙන්න මතක් වෙනව ද?” 
 කරුණාපාල පැවසීය. ඔහු තමා අතින් සිදු වු වැරදි මෙනෙහි කරමින් ඒවා තේරුම් ගැනීමට උත්සාහ කළේ ය. 
තමා තුළ තිබු ජාතිවාදී හැඟීම් දැන් කොහිද? මිනිසුන්ගේ ලෝකය ඔවුන්ගේ වේදනාවන් හඳුනාගත් ඔහු නමට ගැළපෙන ලෙසම කරුණාවන්තයෙකු බවට පත්වී ඇත.  
 ”සෝමදාස ........ අද දොස්තර මහත්තයාගේ ඩිස්පැන්සරිය අරීද? මේ කලබල නිසා ඒ මනුස්සයා හොඳටම බයවෙලා ඇත්තේ මට ස්තුති කරන්න  ඕන ....... සුබනියම් මහත්තයට  මොකද මට බෙහෙත් තුණ්ඩුව එවන්න කොච්චර මහන්සි වෙලාද? ” 
”හරි වැඬේනෙ, කරුණාපාල අයියේ.. දොස්තර මහත්තයා අතුරුදහන් වෙලා. මිනිස්සු කියනවා දොස්තර මහත්තයා මරල දාලලූ ......... ” සෝමදාස හුසම් නොගෙන එක දිගට වේගයෙන් කියා සිටියේය. කරුණාපාලගේ හදවතට දැඩි කම්පාවක් දැනිණී.ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට ආසන්නව ඇතුවාක් මෙන් මුළු පරිසරයම අඳුරු පටලයකින් වෙලී ගියේය. ඔහුගේ ගත අප‍්‍රාණිකව ගිය සෙයකි. ” අනේ දෙවියනේ ! අහිංසක ජීවිතයක් ...........

රුව, ගුණ, නැණ

Malsha Gamage



ලස්සන රූපයක්

ඔබට ආභරණයක්

ගුණ දහම්  -  රූපයට

ආභරණයක්

ඥාණය   - ගුණදහම් වලට

ආභරණයක්

ඉවසීම    -  ඥාණයට

ආභරණයක්

රුව
ගුණ
නැණ

ඔබ තුළ කොතෙක් තිබුණද

ඉවසීම නැතිනම්

ඔබ අන්ධයෙකි...

සරසවි සිහිනය

Malsha Gamage














මුළු විශ්වයම නිදියන කලට

දෙනෙත් විවරව පොත් පිටු අතර

නිදිවරා වනපොත් කරන

උසස් පෙළ කඩඉම අභියස

ගොළුව ගිය ජීවිත වස්සානය...

කටුසර වු ජීවිත කතරේ

සරසවි සිහිනය විඳගන්න දරන

සැබෑවක්ම වු උත්සාහය අභියස

හන්තාන කදු මුදුන අතරින්

දිනෙක පිය නගන්නෙමි

සරසවිය වෙතට

සිත්පුරා රැුඳුණු

දහසක් බලාපොරොත්තු පොඳි බැඳන්...






අත පිසදාගෙන පැත්තකට වෙමුද????

Malsha Gamage
ඉකූත් කාලයේ සිද්ධි ගණනාවකදීම අපට අසන්නට දකින්නට ලැබුණේ ළමා මල් කැකුළු වලට අත්වු විවිධ ළමා හිංසන කථා පුවත්ය.ළමයින්ට සිදුවන හිංසන හා අතවර අද ඉතා බහුලව ව්‍යාප්ත වී යන වසංගත රෝගයක් බවට පත්වී හමාරය. මෙවැනි සිදුවීම් බොහෝමයකදී අපට දක්නට ලැබුණේ ඒ ළමා ලෝකය විනාශ කර දමනුයේ වැඩිහිටියන් විසින් බවයි.වයස අවු 18 ට අඩු අයෙකු ළමයෙකු ලෙස සරලව දැක්විය හැකිය. ළමයි යනු රටක අනාගතයයි. එමනිසාම මෙය සමාජයේ අවධානයට යොමුවිය යුතු බරපතළ කාරණාවකි.මෑතකදී මේ සදහා දිය හැකි උදාහරණය කොටදෙනියාව පමණක් නොව ලංකාවම හඩවමින් කෘෘරතර පාපතරයන්ට බිළිවු සේයා සදෙව්මි දැරියයි. රටක් කම්පා කළ එකී ඛේදවාචකය එතරම් පහසුවෙන් අමතක කළ නොහැකිය.
තවත් වරෙක විභාග ශාලාවක් තුළ සිසුවියක අපයෝජනයට ලක්වන්නේද  අපේ රටේමය. එදින මෙය සිදුවුයේ විභාග දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද විභාග ශාලාවක් තුළය. පූර්ව ආරක්ෂාව පතන මෙවන් ස්ථානවලදීද ළමයින් හිංසනයට ලක්වීම බරපතළ අපරාධයකි.
පුංචි මල් කැකුලු වැඩිහිටි ගොදුරු බවට පත්වන්නේ අපයෝජනයෙන් පමණක් නොවන බව අප අමතක නොකළ යුතුය.විටෙක මෙහෙකාර සේවයේදීද තවත් විටෙක ගෘහය තුළදී ද ඔවුහු හිංසනයට ලක්වෙති.
තවත් අයුරකින් දැක්වුවහොත් තමා මෙළොවට බිහිකළ අම්මා හෝ තාත්තා අතින්ම දරුවන්ට ජීවත්වීමේ අයිතිය අහෝසි වු අවස්ථාද වාර්තා වී නැතුවා නොවේ. මේ රට පුදුම රටකි.කලුතර බෝධිය අසලින්ම තම කිරිකැටි දරුවා ගගට විසිකර දමායන මවුවරුන් ගැනද අසන්නට ලැබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් රටේ ඕනෑම ළමයෙකුට නොමිලේම අමතා තම දුකක්, වේදනාවක් කීමට 1929 යන දුරකථන අංකයක් ලබාදී ඇතිබව සැබෑය. එහෙත් මෙම කාරණයේදී පිළිතුරක් ලෙස මෙය භාර ගැනීමට සමාජය සුදානම් නැත. ඒ අංකය අමතා මසකට ලැබෙන පැමිණිලි 400- 500 ක් පමණ යැයි දැන ගන්නට තිබේ. මේ වාර්තා වන ගණන පමණි. පොලිස් පොතේ නොලියවන තව පැමිණිලි කීයක් ඇතිද මේ සියලු දේ අපි ඔක්තෝම්බර් 01 වන දිනට පමණක් සිහි කරන්නෙමු. රටේ විභව ශක්තිය වැනි මෙම දරුවන් හිංසාවට ලක්වීම පිළිබදව කතා කිරීමට ලෝක ළමා දිනයට නම් සියල්ලෝම ඉදිරිපත් වෙති. එහෙත් මෙවැනි සිදුවීම් හමුවෙහි පිළිතුරු සෙවීමට පැස්බර පිළිවෙත අනුගමනය නොකළ යුතුය. වගකීම පසෙකලා රාජකාරිය ඈලියාවට යැවීම නිසා පසුගිය කාලපරිච්ජේදය පුරාවටම වාර්තා වු සියලු ඛේදනීය සිද්ධි වලදී වන්දී ගෙවීමට සිදුවුයේ මෙරට අහිංසක දරුවන්ටය.
කිසිම අ

Sunday, July 17, 2016

ඔබ

Malsha Gamage
කවරෙක් ද
ඔබ
හොද හා නරක සිතූවිලි අතර
සිරකරැවෙකි
දමනු මැන තූලාවට
හොද හා නරක සිතූවිලි
තූලාවේ එක පැත්තක් බර වී ඇත
සිතන්න ඔබ
බරවී ඇත්තේ නරක සිතූවිලි පැත්ත බව
ලබන්න අවබෝධය
ඔබ ජීවන ගමන අන්ධකාර බව
නැවත සිතන්න
ඔබේ දිවිමග ජයගන්න
ආලෝකය ලබා

Monday, July 11, 2016

Mother christ church....

Malsha Gamage






you are the queen in my heart
I learned lots of things from you.
so you are my second mother
I love my mother christ church

sometimes you are became my friend
sometimes you are became my adviser
I feel you are a bright moon in sky.

ඇදුරිදු නමදිමු

Malsha Gamage


අවිදු තිමිරය මුලින් සිද බිද 
දකින්නට හිරු එළිය මැනවින්
අපට සිප්කිරි පොවන ඇදුරිදු
නමදිමු බැතිනේ //

පොරණ දඹදිව තක්සලාවේ 
දිසාපාමොක් පරපුරෙන්
පැවතෙනා ඔබයි ඇදුරිදු
නමදිමු බැතිනේ 

විදු සයුරේ අහසට මිණිකැට
සොයා සිසු ගෙල පලදමින් 
වැජඹෙනා ඔබවේය ඇදුරිදු 
සැම දෙවිදු රැකවරණින් 

සිටින කුමරුන් කුමරියන් හට
ඇවැසි ශක්තිය ගෙන දෙමින් නිති 
ඔවා දී උන් සනසමින් 
වැජඹෙනා සද ඇදුරිදු ඔබ

 
 

ලස්සන ලංකා

Malsha Gamage


     

     
                           


                                  මනහර නිල්වන් කෙත්වතු මගරෙට  අගනා 
                                  සිනා සරින් ඉපිලේ
                                  මා රට අභිමන 
                                  නෙක තුරු වියමන 
                                   දුටු දන පොබයන්නා
                                   සිනා සරින් ඉපිලනේනා

                                   වන විහගුන් ගෙන දෙන සුකමල නාදය නාදය ගත සිත නලවන්නා
                                   මිහිරක් සුවදෙන 
                                   අමයුරු පල රස රැදි මේ ලකගන
                                    මිහිරකි සුවදෙන්නා
                                    දුටු දන පොබයන්නා
                                    සිනා සරින් ඉපිලෙන්නා  //

                                    ලකගන ගෙලබැදි දුන්හිද දිය ඇලි හිමකිරමයි අගනා 
                                    වරලස බදු මහවැලි කලු ගිං නදි ගත සිත සනසන්නා 
                                     ලස්සන මගෙ රට රුවගුණ වරුණය ලස්සන කරනා 
                                     දුටු දන පොබයන්නා 
                                     සිනා සරින් ඉපිලෙන්නා

                                     අනුරාපුරයේ සැමගේ බෝ රජු අප සිරස දරනා 
                                      නිරතුරු මහ බෝ රජුගේ සෙවණින් දෙවි 
                                     ඒ පින් මහිමෙන් අප නිති රැකවරණ පතන්නා 
                                  


Tuesday, July 5, 2016

Malsha Gamage














Never turn your back even on small problems and never be afraid to face big adversities.
Never look back at your small mistakes and  never stop thinking about your big dreams.
Never give up when you fail and never quit looking for the epitome of success.........


Malsha Gamage














Never turn your back even on small problems and never be afraid to face big adversities.
Never look back at your small mistakes and  never stop thinking about your big dreams.
Never give up when you fail and never quit looking for the epitome of success.........


Powered by Blogger.